• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු රවට්ටන්න රට වටේ යවපු බොරු වට්ස්අප් වීඩියෝව ආපු තැන.. කරපු තැන එළියට එයි! VIDEO I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
මිනිස්සු රවට්ටන්න රට වටේ යවපු බොරු වට්ස්අප් වීඩියෝව ආපු තැන.. කරපු තැන එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් එකතුවීමක් පිළිබඳව විවිධාකාරයේ කතාබස් දේශපාලන වේදිකාවේ පසුගිය දින කිහිපයේ දැක ගන්නට ලැබුණා. එහෙත් මේ වන විට ඒ ආකාරයට සජබ මන්ත්‍රීවරුන් කිසිවෙකු ජනපති සමඟ එකතු වීමක් පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති අතර ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ ඔස්සේ ඔවුන් ඉදිරියේ දී ගනු ලබන දේශපාලන තීන්දු සම්බන්ධයෙන් මෙන්ම පක්ෂයක් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිචාර සම්බන්ධයෙන් ද බොහෝ දෙනා සිටින්නේ විමසිල්ලෙන්. මේ පිලිබඳ අප මෑතකදී සිදුකළ කරුණු පැහැදිලි කිරීමක් මෙතනින්. Sri Lanka Latest News

එවන් පසුබිමක සමාජ ජාලා හරහා හුවමාරුවන වීඩියෝවක දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සහ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා තීරණය කර ඇති බවක්. සැබැවින්ම ඔහු මේ මොහොතේ එවන් තීරණයක් ගෙන ඇතිද ? ඒ පිලිබදව වන කරුණු විමසුමක් පහතින්.

සමාජ ජාලා සටහන්

සජිත් ප්‍රේමදාස විපක්‍ෂනායකවරයාගේ ප්‍රකාශයක් ලෙස වීඩියෝවක් වට්සැප් හරහා පැතිර තිබුණේ පහත අයුරින්. එම වීඩියෝ මඟින් හැඟවෙන්නේ නව දේශපාලන ගමනක් සඳහා ජනපති රනිල් සමඟ එක්සත්ව වැඩ කිරීමට තීරණය කර ඇති බවක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසු බවකි.

එම වීඩියෝවේ රුප රාමු යොදාගනිමින් ඡායාරුප සටහන් ද ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එමඟින් ද අදහස් කර තිබුනේ සජිත් ප්‍රේමදාස විසින් මේ ආකාරයේ සන්ධානගත වීමක් පිළිබඳව මෑතක දී ප්‍රකාශයක් සිදුකර ඇති බවක්.

එසේම මෙම වීඩියෝව ෆේස්බුක් පිටුවක ද මුලින් පළවී තිබුනේ පහත පරිද්දෙන්. නමුත් එහිද අපට එම ප්‍රකාශය සිදුකල කාල වකවානුවක් හෝ පසුබිමක් පිලිබදව පැහැදිලි විස්තරයක් පළකර තිබුනේ නැහැ.

https://www.awesomescreenshot.com/video/16560317?key=a1dede2afeef5355dcf88ad40f933cc5

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ හේතුවෙන් මෙම අදහස් දැක්වීම ඇත්ත වශයෙන්ම විපක්ෂ නායකවරයා විසින් කිනම් අවස්තාවක් සිදුකළේ ද යන්න සහ එහි පසුබිම පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම විමසා බැලුවේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා මෑතදී මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇතිද යන කාරණය සොයා බැලීමයි. ඔහුගේ නිල සමාජ ජාලා මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා පරික්ෂා කිරීමේ දී මෑතකදී එවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බව තහවුරු විය.

2020 පෙබරවාරි මස, සජබ සමාරම්භක උළෙලට පැමිණෙන ලෙස සජිත් විසින් සිදුකළ ආරාධනයක් ඇතුළත් අදහස් දැක්වීමක කොටසක්, නොමඟ යවන සුළු ලෙස පළකිරීමක්!

ඉන්පසුව අප Invid- We Verify ඔස්සේ මෙම වීඩියෝවේ ආරම්භය පිලිබදව සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා විසින් 2020 මහ මැතිවරණ මාස කිහිපයකට පෙර, සමගි ජන බලවේගය පක්ෂය පිහිටවූ ආරම්භක අවස්ථාවට ආසන්න වකවානුවේදී, එනම් 2020 පෙබරවාරි මස මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර සිදුකරන ලද ප්‍රකාශයක කොටසක්, මෑතක සිදුකරන ලද ප්‍රකාශයක් ලෙස නොමඟ යවන සුළු අර්ථකතනයක් සමඟ හුවමාරු වී ඇති බවයි. 2020 පෙබරවාරි 26 දින ‘අද දෙරණ’ ඔස්සේ විකාශය වූ වීඩියෝව 

සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවේ දී පවසන්නේ 2020 මාර්තු 2 වෙනි දින නෙලුම් පොකුනේදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ ආරම්භක අවස්ථාවට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ එවකට එක්සත් ජාතික පක්ෂ නායකයාටද ආරාධනා කරන බවයි. ඊට අමතරව මාතෘභූමියට මුල් තැන දෙමින්, දේශප්‍රේමී, දේශහිතෛශි, රටේ ඒකීය භාව සුරකින, ජාතිභේදය සහ ආගම්භේදය දුරලන, ජාතිවාදය සහ ආගම්වාදය පිටුදකින, රටේ ස්වෛරීත්වය, භෞකිම අඛණ්ඩතාවය, ඒකීයභාවය සුරකින ඕනෑම කණ්ඩායමක් සමගි ජන බලවේගය සමඟ එකතුවීමට ඇරයුම් කරන බව ද එහිදී මාධ්‍යවේදියෙකු වෙත අදහස් දක්වමින් සජිත් පවසා තිබුනා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 2020 පෙබරවාරි 26 දින විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් එම අවස්තාව ඇතුළත් සම්පුර්ණ විදියෝව, සජිත් ප්‍රේමදාස නිල YouTube චැනලයේ, පළකර තිබුනේ මෙලෙසින්

කෙසේ වෙතත් 2020 මාර්තු 2 සජබ සමාරම්භක උත්සවය සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වුවේ නැහැ. ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තාවක් මෙතනින්. එම අවධියේ සජබ, සහ එජාපය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සන්ධානගත වී තරඟ කළ හැකි ආකාරය සහ සලකුණ පිලිබඳ ගැටළු මතු වී තිබුණා. මෙම ගැටළු මධ්‍යයේ, අවසානයේ දී සජබ සහ එජාපය වෙනම පක්ෂ වශයෙන් 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ අතර එහිදී දිස්ත්‍රික්ක මට්ටමින් එකදු ආසනයක්වත් හිමිකරගැනීමට නොහැකි වෙමින් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවිය.

විපක්ෂ නායක කාර්යාලය

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ආකාරයෙන් සකස්කර තිබු, වසර 3 කටත් වඩා පැරණි වීඩියෝවක කොටසක් බවත්, සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය/රජය සමග එක්වීමට නියමිත බවට වන ප්‍රචාර සත්‍ය නොවන බවත්, විපක්ෂ මාධ්‍ය ලේකම් පවසා සිතනවා.

එසේම සමගි ජන බලවේගයට රජයට එක්වෙන ලෙස හුවමාරු වන ඉල්ලීම් පිලිබදව විපක්ෂනායක සජිත්ගේ මතය කුමක්ද යන්න පිලිබදවත් අප විමසා බැලුවා. මේ ප්‍රචාර සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරන සජිත් ප්‍රේමදාස පවසන්නේ පවතින රජය සමග මේ මොහොතේ එක්වීමට තම පක්ෂයේ කිසිදු සුදානමක් නොමැති බවත්, ආණ්ඩුවට විසින් සිදුකරන මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණ පිළිකුලෙන් හෙළා දකින බවත්ය . විපක්ෂනායකවරයා නිකුත් කල සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින්.

අවසාන නිගමනය (Conclusion)

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ එක්සත් ජාතික පක්ෂය /රජය සමග එක්ව කටයුතු කිරීමට /රජයට එක්වීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පැවසූ බවට සමාජ ජාලා හරහා පැතිරෙන වීඩියෝව නොමගයවන සුලු එකක් වන බවයි. එය සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය පිළිබඳ දැනුම්දෙමින් 2020 මාර්තු 2 දින පැවති එම උත්සවයට පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහටද ආරාධනා කරන ලද බවට සිදුකල ප්‍රකාශයකි. කෙසේ වෙතත් මේ දිනවලදී එක්සත් ජාතික පක්ෂයට /රජයට සම්බන්ධවීමට තමන්ගේ කිසිදු සුදානමක් නොමැති බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.

factcrescendo

SendShareShare
Previous Post

බොරු ප්‍රචාරයක් යනවා! කිසිකෙනෙක් රැවටෙන්න එපා! මෙන්න ඇත්ත! I Sri Lanka Latest News

Next Post

වැඩබලන පොලිස්පති දේශබන්දුට එරෙහිව උසාවියට පෙත්සම් 4ක් ඉදිරිපත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 50ක් දිනා ගනිමින් එහි පාලන බලය පිහිටුවීමට සමගි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.