• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නලින්ද කිව්වේ ඒක! රටම ඇවිලුණු කතාව ගැන අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර තියපු ෆේස්බුක් සටහන! I Sri Lanka Latest News

January 6, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
නලින්ද කිව්වේ ඒක! රටම ඇවිලුණු කතාව ගැන අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර තියපු ෆේස්බුක් සටහන! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආන්දෝලනයට තුඩු දුන්, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහරගම අපේක්ෂා රෝහලේ දී සිදු කළ ප්‍රකාශයට, එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා විසින් පිළිතුරු ලබා දී තිබෙනවා.Sri Lanka Latest News

ඒ සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින්.

වෙනසක් සිදු නොකරන ලද අදාළ සම්පූර්ණ සටහන පහතින්.

…………………………………………………………………………….

අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා අසීමිතය. එබැවින් සෞඛ්‍ය සේවයට වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍යය. රජය මගින් විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සඳහා වැයකරන අතර විදේශීය ආයතන සහ දේශීය දානපතියන් විසින්ද රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලට සැලකිය යුතු තරම් ප්‍රමානයක් (05% පමණ) ලබාදෙයි.

සියළු රෝහල්වලට මෙලෙස පරිත්‍යාග ලැබෙන අතර ඒ අතරින් ප්‍රධානතම රෝහල් වන්නේ අපේක්ෂා රෝහල සහ ළමා රෝහලයි. මෙලෙස ලැබෙන පරිත්‍යාග රෝහලේ ප්‍රධාන සැලැස්මට සහ ප්‍රමුඛතාවට අනුව ලබාගැනීම සේවාවටද පරිත්‍යාගයටද සාධාරණය ඉටුකිරීමකි.

අපේක්ෂා රෝහලට ළමා පිලිකා සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් යනු හඳුනාගත් ප්‍රමුඛතාවකි. ඒ වෙනුවෙන් එක්සත් රාජධානියේ පුහුනුව ලත් විශේෂඥ වෛද්‍යවරියක්ද අනුයුක්ත කොට ඇති අතර පසුගිය වසර කිහිපය තුළ අලුත් ගොඩනැගිලි සෑදීම නතරකර තිබූ නිසා ප්‍රමාද වූ මෙම ප්‍රමුඛ අවශ්‍යතාව ඉටුකිරීමට කතරගම දේවාලයේ බස්නායක නිළමේ සහ අනිකුත් පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වීම පැසසියයුතු කරුනකි.

එම ඒකකය විවෘත කිරීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුනි දෙදෙනාම සහභාගී වන්නේ එම පරිත්‍යාගයට සහ පරිත්‍යාගශීලීන්හට කරන ගෞරවයක් වශයෙනි. එහිදී වෛද්‍ය නලින්ද සිය කතාවේදී පරිත්‍යාගශීලීන් සියළු දෙනාහට ස්තුතිකරන අතර රජයේ අරමුදල් සහ අනිකුත් අරමුදල් රෝහල් වල අවශ්‍යතාවයන් ගේ ප්‍රමුඛතාව අනුව වැයකිරීමේ වැදගත්කම පැහැදිලිකරන ලදී.

නලින්ද ගේ කතාවට අත් දෙකම උස්සා එකඟවිය හැකිය.

විසිවසරකට ආසන්න මගේ වෛද්‍ය පරිපාලන ජීවිතයේදී මා දුටු අවශ්‍යතාව හා ප්‍රමුඛතාව නොසලකා කරනලද වැයකිරීම් පිළිබඳ සියගනන් උදාහරන දිය හැක.

වරක් එවකට සිටි ඇමතිවරයා මා අමතා නුවර එළිය රෝහලට MRI යන්ත්‍රයක් ලබාදෙන්නදැයි විමසූ විට නුවරඑළිය රෝහලේ ප්‍රමුඛතාව CT Scanner යන්ත්‍රයක් මිස අඩු අවශ්‍යතාවක් සහ අධික නඩත්තු පිරිවැයක් සහිත MRI යන්ත්‍රය නොවන බව දැනුම් දුන්නෙමි. MRI යන්ත්‍රයක් ලබාදෙන්නේනම් වඩා සුදුසු ස්ථාන වන්නේ බදුල්ල පලාත් මහ රෝහල හෝ පේරාදෙනිය හෝ මහනුවර රෝහල් බවද දේශපාලන බලපෑම් මත හම්බන්තොට රෝහලට MRI යන්ත්‍රයක් ලබාදීමට තීරණය කිරීමද වැරදි ක්‍රියාවක් බවත් එය ලබා දීමට සුදුසු රෝහල මාතර මහරෝහල බවත් පැවසුවෙමි.

කලකට පෙර විදේශීය ආයතනයක් මගින් ඩෙංගි සහ ලෙප්ටොස්පයිරෝසිස් හඳුනාගැනීම සඳහා PCR යන්ත්‍ර දෙකක් යාපනය සහ නුවරඑළිය රෝහල්වලට ලබාදීමට ඉදිරිපත් වූ අතර එම පරිත්‍යාග වෙනත් කිසිම රෝහලකට කළ නොහැකි බවත් දැනුම්දෙන ලදී.

ඒ කොරෝනා පැමිනීමට කලකට පෙර බැවින් PCR යන්ත්‍ර රෝහල් වල බහුල කාලයක් නොවිනි. යන්ත්‍රයට එක් වරකට අවශ්‍ය සාම්පල් ගනන මාස ගනනකටවත් එකතු නොවන නුවරඑළිය රෝහලේ අවශ්‍යතාවයක් නොවුනු මේ යන්ත්‍රය ඉඩපහසුකම් නොමැති බැවින් තාවකාලික පදනමින් බව පවසා අවශ්‍යතාව පැවති පේරාදෙනිය රෝහලේ ස්ථාපිත කර පරිත්‍යාග ආයතනයේ සිතද සතුටුකර රටේ අවශ්‍යතාවද ඉටුකර ගතිමි.

තැන තැන අපිලිවලට ගොඩනැගිලි සාදා ඉතා සීමිත ඉඩකඩක් ඉතිරි ව ඇති මාතර මහරෝහලට තනිතට්ටුවේ ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමට පැමිනි දේශීය ආයතනයකට පරිත්‍යාගය නොලැබුනත් මේ සුළු ඉඩකඩේ තවත් තනිමහල් ගොඩනැගිල්ලක් සෑදීමට ඉඩදිය නොහැකි බව පවසා දීර්ඝ ලෙස සාකච්ඡා කර එම පරිත්‍යාගයෙන් බාහිර රෝගී අංශය, සායන සහ ඩිස්පැන්සරිය අළුත්වැඩියා කිරීමට එකඟකරගතිමි.

ප්‍රමුඛතා හඳුනා නොගත් පරිත්‍යාග පිළිබඳ උදාහරන අපේක්ෂා රෝහලෙන්ම ලබාදිය හැක. පරිත්‍යාගශීලියාට අවශ්‍ය වූයේ PET Scanner යක් ලබාදෙන්නය. ඒ ඔහුගේ පෞද්ගලික මුදලින් නොව ජනතාවගෙන් මුදල් එකතුකිරීමෙනි. රෝහලේ ප්‍රමුඛතාව MRI යන්ත්‍රයකි. (ප්‍රධානම අවශ්‍යතාවක් වුවද තවමත් MRI නැත. රජයේ අරමුදල් මගින් මේ වසරේදී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ).

විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලනයේ ඉල්ලීම නොසලකා දේශපාලන සම්බන්ධකම් හරහා පරිත්‍යාගශීලියා අඩු ප්‍රමුඛතාව පරිත්‍යාග කලේය. මිලියන සිය ගනනක යන්ත්‍රයක් මහරගමද, ජාතික රෝහලේද තිබේ. මිලියන ගනනක් වාර්ෂික නඩත්තුව සඳහාද කාර්යමණ්ඩලය සඳහාද වැයකරන අතර මහරගම යන්ත්‍රය සතියට එක් දිනක්ද, ජාතික රෝහලේ යන්ත්‍රය සතියට එක් දිනක්ද ක්‍රියාත්මක කරයි.

ජාතික රෝහලේ PET යන්ත්‍රය පමනක් තිබුනේ නම් සතියට දින දෙකක් වැඩකර මිලියන් සිය ගනනක් ඉතිරිකර පිලිකා රෝහලට අත්‍යාවශ්‍ය MRI යන්ත්‍රයක්ද ලබාගත හැකිව තිබුනි. වසර කිහිපයකට පෙර රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතාව නොසලකා ළමා වාට්ටුවට යාබදව පරිත්‍යාගයකින් ඉඳිකල තට්ටු හතරක ගොඩනැගිල්ලේ තට්ටු දෙකක්ම කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්වයකය.

තවත් උදාහරණ බොහෝය.

වෛද්‍ය පරිපාලකයින් බොහෝ දෙනෙකුට කියන්න මෙවැනි කතා ඇත. රජයේ අරමුදල් වුවද, ජනතාවගේ පරිත්‍යාග වුවද සියලු මුදල් වගකීමෙන් වියදම් කිරීම අත්‍යාවශ්‍යය.

නලින්ද කිව්වේ එයයි.

SendShareShare
Previous Post

සජබ ප්‍රබලයෝ රැසක් මහනුවර ගිහින් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් රටේ ප්‍රශ්න ගැන දැනුවත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වැනි ජන්ම දිනයට සුබ පතන්න විපක්ෂනායක සජිත් එක්වෙයි! දානපතියන්ගේ ආධාර ගෙන රටේ ජනතාව නගා සිටුවන්න සිදුකළ මෙහෙය ගැන සිහිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.