කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගිය 13 වනදා සිට දින දෙකක කාලයක් වැඩවර්ජනයක නිරත වූයේ, වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්ය.
එම අවස්ථාවේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සුළු සේවකයින්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.










