තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතකු වන සක් සුරින් ලබන ජූලි 01 වැනිදා තායිලන්තය බලා රැගෙන යෑමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා. (Sri Lanka Latest News)
නිසියාකාරයෙන් රැකබලා නොගැනීම සහ රෝගාතුර වී සිටීම හේතුවෙන් සක් සුරින් නැවතත් තායිලන්තයට රැගෙන ඒමට එරට රජය තීරණය කර තිබෙන බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.
තායිලන්ත රජය කුලී පදනම මත ලබාගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක සක් සුරින් රැගෙන පියාසර කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව එළඹෙන ජූලි 01 වැනිදා සක් සුරින් නැවතත් තායිලන්තය බලා රැගෙන එනු ඇතැයි තායිලන්ත මාධ්‍ය සඳහන් කර ඇත.