• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනවාරියේ ලයිට් බිල අඩු කරනවා! ඇමැති කංචනගෙන් අද විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

December 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බයවෙන්න එපා! ලයිට් කපන්නේ නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී යම් ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.Sri Lanka Latest News

එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේද පැවසීය.

යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් අපට මේ වන විට ලැබෙමින් පවතිනවා. එම පනත් කෙටුම්පත පිළිබඳව උනන්දුවක් දක්වන වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයින්, විදුලි පාරිභෝගිකයන් හෝ ඕනෑම පාර්ශවයකට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි. එම යෝජනා හා අදහස් අද සිට ජනවාරි මස 03 වනදා දක්වා ලිඛිතව අප වෙත ඉදිරිපත් කළ හැකියි. යෝජිත නව පනත් කෙටුම්පත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට සහ අනාගතය ශක්තිමත් කළ හැකි පනතක් බවට පරිවර්තනය කළ හැකි වනවා. ඒ අනුව සියලූ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වන යෝජනා ද සැළකිල්ලට ගනිමින් සකස් කෙරෙන පනත් කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වනවා. දැනට උපරිම ධාරිතාවයෙන් ජල විදුලිය උත්පාදනය සිදු කෙරෙනවා. මින් පෙර ඔක්තෝම්බර් මාසයේදී විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළේ ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයට වැය වන අධික පිරිවැය සැළකිල්ලට ගනිමිනුයි. කෙසේ වෙතත්, දැන් කාලගුණික තත්ත්වය වෙනස් වී තිබෙනවා. පසුගිය මාස දෙක තුළ වර්ෂාපතනය ලැබුණු බැවින් සහ වර්ෂාපතනය තවත් සති දෙකක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අප වෙත දන්වා තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර සළකා බලා ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන මීළඟ ගාස්තු සංශෝධනයේදී යම් සහනයක් ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

එමෙන්ම ජනවාරියේ සිදුවන විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ. විදුලි ජනනය සඳහා භාවිතා කෙරෙන නැප්තා සහ ගල්අඟුරු බද්දෙන් නිදහස් නිසා විදුලි බල ක්ෂේත්‍රයට වැට් බද්ද අදාල නොවන බව පැවසිය යුතුයි.

නමුත් වැට් බද්ද ඉන්ධන සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇති කරනවා. නමුත් එම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි වෙනත් විකල්ප සම්බන්ධයෙන් අප මේ වන විට සකච්ඡා කරමින් සිටිනවා. එහි ප්‍රථිපලයත් සමඟින් ජනවාරි මාසයේ දී ඉන්ධන මිල සංශෝධනය කිරීමට ද නියමිතයි. එහිදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ වන විටත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග අප සතුව පවතිනවා.

එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේ සහ එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ජනනය සඳහා වැය වන දැවි තෙල් ප්‍රමාණය අඩුවීම නිසා දැවිතෙල් මෙන්ම නැප්තා යන ඉන්ධන වර්ග විශාල වශයෙන් ඉතිරි වී තිබෙනවා. පිරිපහදුවෙන් ලැබුණු නිෂ්පාදනවලින් ලංකා තොග ගබඩා පර්යන්තයේ ටැංකි පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙරට පවතින අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනය කිරීමට ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී අනුමැතිය ලැබුණා.

ඒ වගේම ඇතැමුන් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කරමින් විවිධ චෝදනා නගනවා.
නමුත් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කළ නොහැකියි. ඉන්දියාව ඔවුන්ගේම සුර්ය පැනල නිෂ්පාදනය කරන රටක්. අපේ රට සූර්ය පැනල නිෂ්පාදනය කරන්නේ නැහැ. අප සියළු දේ ආනයනය කළ යුතුයි. නිෂ්පාදන පිරිවැයේ දී අප රටවල් දෙක අතර විශාල පරතරයක් පවතිනවා. එමෙන්ම සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනයේදී ද සම්ප්‍රේෂණ රැහැන් පද්ධති සඳහා ද එම තත්ත්වය එකසේ බලපානවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-12-19

SendShareShare
Previous Post

හදිසියෙම මුළු රටටම හදිසි ආපදාවක් දැනුම් දීමේ ක්‍රමයක් ජනාධිපති ආරම්භ කළේ ඇයි? PHOTOS I Sri Lanka Latest News

Next Post

ලීක්ස් කිලෝව 1600යි! මාළුමිරිස් කිලෝව 1300යි! දැන් එළවළු මිල ප්‍රදර්ශනය කරන්නේ ග්‍රෑම් 100ක මිල දාලා! I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.