පොදුජන පෙරමුණෙන් තමා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.Sri Lanka Latest News
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, අද වනවිට පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන බවය.
සියලුදෙනාගේම ඉල්ලීම අනුව තමා මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් තමාට ඉදිරිපත් විය හැකි බව ද චමල් රාජපක්ෂ මහතා පැවසීය.
“වෙනස කරා. වෙනසේ රඟ දැන් ආපහු දකිනවා. දැන් හැමෝටම ඕනේ ඇති කරපු වෙනස නැවත වෙනස් කරන්න. පොදුජන පෙරමුණෙන් මමත් ප්‍රාදේශීය සභාවට ඉල්ලනවා.
ඉහළ යනවා. පහළ යනවා. අපි පහළින්ම පටන් ගන්නවා ආපහු. සියලුදෙනාගේම ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්.”










