මාලිමාවත් ජනතා විමුක්ති පෙරමුණත් පුන පුනාම කිව්වේ නිදහසින් පසු 76 වසරක ක්‍රියාත්මක වූ දේ රටට අසුබ බවත් මේ 76 වසරක ඉතිහාසය තුළ රට විනාශ වූ බව පැවසූ බවත් මේ පණිවිඩය තොරතුරු දත්ත සාක්ෂි මගින් වැරදිය කියා ඔප්පු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අරණායක පැවැති ජන හමුවක් අමතමිනි.
රටේ ආයු අපේක්ෂාව 1950-1955 අතර සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 54.5ක් වුවත් 2020 වන විට සාමාන්‍ය පුද්ගලයකුගේ ආයු කාලය වසර 76.6ක් බවත් ආයු කාලය අවුරුදු 54 සිට 76 දක්වා ඒම සාපයක්ද කියා ප්‍රශ්න කරන බවත් වැඩි කාලයක් ජීවත් වීම 76 වසරක සාපය කියා ප්‍රශ්න කරන බවත් 1945-47 කාලයේ පිරිමියකු වසර 46.8ක් සහ කාන්තාවක් අවුරුදු 44.7ක් ජීවත් වුවත් 2021 වන විට පිරිමියකු වසර 72.9ක් සහ කාන්තාවක් වසර 80.1ක් ජීවත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ 76 වසරේ පිරිමි සහ කාන්තාවන්ගේ ආයු කාලය වැඩි වීම සාපයක් ද කියා ප්‍රශ්න කරන බවත් තමා මේ දේවල් ඉදිරිපත් කළේ බොරු කයිවාරු සුරංගනා කතා මත නොව සැබෑ දත්ත මත බවත් ළමා මරණ අනුපාතය දෙස බලන විටත් සජීවී උපත් 1000කට 1950-1955 කාලයේ වසර 5ට අඩු දරුවන්ගේ මරණ 103.9ක් සිදුව ඇති නමුත් 2015-2020 කාලය වන විට එය 6.5ට අඩුවී ඇති බවත් වසර 5ට අඩු දරුවන්ගේ මරණ අනුපාතය ජීවිත අහිමි වීම මේ තරම් ශීඝ්‍ර ලෙස අඩුවීම සාපයක් ද කියා ප්‍රශ්න කරන බවත් ජනතාව මෙහි සත්‍ය අසත්‍ය බව තීරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම මාතෘ මරණ අනුපාතය දෙස බලන විට සජීවී උපත් 100000කට 1930 දශකය වන විට මව්වරුන් 2000කගේ ජීවිත අහිමි වී ඇති බවත් 1950-1960 වන විට සජීවී උපත් 100000කට මාතෘ මරණ 500ක් 600ක් සිදුවූ බවත් 2020 වන විට සජීවී උපත් 100000කට මාතෘ මරණ සිදුව ඇත්තේ 29ක් බවත් මේ මරණ පවා අඩු වීම රටට වාසිද අවාසිද කියා ප්‍රශ්න කරන බවත් 76 වසරක් තුළ අපි ලැබූ දැවැන්ත ප්‍රගතිය මේ දත්ත තුළින් පෙනෙන බවත් මේ ලැබූ ප්‍රගතියෙන් සෑහීමකට පත් නොවී තවත් ශීඝ්‍රගාමී සංවර්ධනයක් හරහා ඉක්මන් සෞභාග්‍යයක් උදාකර ගත යුතු බවත් 76 වසරක සාපය වන්නේ මාතෘ මරණ ළමා මරණ වැඩි වූවා නම් හා ආයු අපේක්ෂාව අඩු වූවා නම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කෝ අඩු කරනවා කිව්ව තෙල් මිලයි විදුලි බිලයි
වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල විදුලි බිල තෙල් මිල ගැන සුරංගනා කතා කියූ බවත් තෙල් මිල වැඩි වන්නේ කොමිස් සහ අනවශ්‍ය බදු නිසා බවට පැවසූ බවත් ඔහු බලයට පැමිණි පසු විශාල ප්‍රමාණයකින් තෙල් මිල අඩු කරන්න හැකි යැයි කිව්වත් තවමත් අඩු නොවූ බවත් විදුලි බිල ද තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් තවමත් වුනේ නැති බවත් තෙල් මිල සූත්‍රය අයින් කර ජනතාවාදී සූත්‍රයක් ගෙන එනවා කිව්වත් තවමත් එවැනි දෙයක්වත් ගෙනවිත් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හොදම අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා
සමගි ජන බලවේගය හැමෝම එකතු කර ගත් ගමනක් යන බවත් වෙනත් පක්ෂ මෙන් කොළඹ 7 තරු හෝටල් ඇතුලේ නායකයෝ ඇති කර ගන්නා ගිවිසුම් නොව මහපොලොවේ ජීවත් වන මිනිසුන් සමග ඇති කර ගන්නා ගිවිසුම් බවත් කොට්ඨාසයට අවැසි හොදම අපේක්ෂකයා කවුද කියා නිර්ව්‍යාජව තෝරා ගන්නා බවත් පක්ෂ භේදයෙන් තොරව ආදරයට ගෞරවයට ලක්වන පුද්ගලයා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


















