පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.Sri Lanka Latest News
ඊට ප්‍රථම දින 02ක් මෙම විවාදය පැවැත්වුණද එහිදී පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව් කිරීමක් සිදුවූයේ නැත.
ඒ අනුව, විපක්ෂය මේ වනවිට සූදානමින් සිටින්නේ ලබන 09 වැනිදා පැවැත්වෙන විශේෂ විවාදයේදී පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරන ලෙසට ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කිරීමටය.
ජනාධිපතිවරයාත්, මාලිමා ආණ්ඩුවත් ජනාධිපතිවරණයට පෙරත්, ජනාධිපතිවරණයෙන් පසුවත් අවස්ථා කිහිපයකදීම කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් රටට හෙළිදරව් කරන බවය.










