පුද්ගලයින් විදෙස්ගත කරන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි දෙහිඕවිට ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරයක් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ කාන්තාව දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් ජපානෙට පුද්ගලයින් යවන බව පවසමින් ඔහුන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
නවගමුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. පසුව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි අධිකරණවල නඩු 32ක් සහ වරෙන්තු 17ක් ඇති බවයි.
සැකකාර කාන්තාව අද (11) දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.










