• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවිත අවදානම නොතකා තුවාලකරුවන් බේරගන්න මහා හෙළට කඹවලින් බැස්ස දොස්තර මහත්තයා! Sri Lanka Latest News

September 5, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
ජීවිත අවදානම නොතකා තුවාලකරුවන් බේරගන්න මහා හෙළට කඹවලින් බැස්ස දොස්තර මහත්තයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුද්ගලයින් 15 දෙනෙකුට ජීවිත අහිමි කළ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ බස් රථයක් අඩි 1000ක් පමණ ගැඹුරැති ප්‍රපාතයකට පෙරළීමේ අනතුර පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.Sri Lanka Latest News

එහිදී, මරණයට පත්වූවන්, තුවාල ලැබූවන් සහ මුදාගැනීමේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් වාර්තා විය.

එහෙත්, ඒ මෙහෙයුම්වලට සම්බන්ධ වී තුවාලකරුවන් රැසකගේ ජීවිත බේරා ගැනීම ප්‍රපාතයට ම බැස මූලික ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකු පිළිබඳව සිහිපත් කළ යුතු ම ය.

අඩි 1000ක ප්‍රපාතයට බැස මේ වන විට තුවාල ලබා සිටින එම වෛද්‍යවරයා බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ ය.

බීබීසී සිංහල සේවය ඔහු සිද්ධිය ආරම්භයේ සිට මේ දක්වා ලැබූ අත්දැකීම ගැන ඔහුගෙන් ම තොරතුරු විමසීය.

“ඇම්බියුලන්ස් එකට ඉඩ දුන්නේ නෑ. එක්කෝ අපි මෝඩයෝ. නැතිනම් ඕගොල්ලෝ මෝඩයෝ”
තුවාලකරුවන්ට ප්‍රතිකාර කළ වෛද්‍ය පාලිත රාජපක්ෂ ඇතුළු වෛද්‍ය කණ්ඩායමෙන් කොටසක්
තුවාලකරුවන්ට ප්‍රතිකාර කළ වෛද්‍ය පාලිත රාජපක්ෂ ඇතුළු වෛද්‍ය කණ්ඩායමෙන් කොටසක්

‘මට පණිවුඩය ලැබෙනකොට හිටියේ ගෙදර’

“රූ 9.30ට වගේ කෝල් එක ආවෙ. ඔක්කොට ම කලින් ඉස්සෙල්ලා ම කෝල් එක ආවෙ මට මං හිතන්නෙ. මාධ්‍ය සගයෙක් තමයි කෝල් එක දුන්නෙ. එයා කිව්වා 60 දෙනෙක් විතර හිටිය බස් එකක් ප්‍රපාතයකට පෙරළුණා කියලා තමයි කිව්වෙ. ඊට පස්සෙ මම තව කෙනෙකුට කතා කරල විස්තර ඇහුව. එයා බස් එක පෙරළුණ තැන ගැන කිව්ව. ඒත් බස් එක පෙරළුණාට පස්සෙ ඒක පෙරළුණේ කොතනට ද කියල හොයාගන්න බැහැ කිව්වා. අඩි 1000ක් විතර පල්ලෙහාට බස් එක වැටෙන්න ඇති කිව්වා.”

එම දුරකතන පණිවුඩය ලැබෙන විට වෛද්‍ය පාලිත රාජපක්ෂ සිට ඇත්තේ සිය නිවසේ ය.

පණිවුඩය දැනගත් ඔහු මුලින් ම කර ඇත්තේ, වෛද්‍යවරුන්ගේ වට්ස්ඇප් සමූහයන්හි සිද්ධිය පිළිබඳ තොරතුරු පළ කිරීම ය.

“මම ඒ අතරෙ ඉක්මනට හොස්පිට්ල් එකට ආව. වට්ස්ඇප් හරහා පණිවුඩය යවලා තවත් රෝහල් කිහිපයකින් ම ඇම්බියුලන්ස් ගෙන්න ගත්තා. දිග සති අන්තයක් වෙලත්, රෑ 10 වගේ වෙලා තිබුණත් ඩොක්ටර්ස්ලා 120කට වැසි පිරිසක් ඉක්මනින් එකතු වුණා. කට්ටිය අවශ්‍ය බඩු අරගෙන ලෑස්ති වෙන අතරෙ මම ඉක්මනට ගියා බස් එක පෙරළුණ තැනට.”

Ella Accident Site Map

‘කිලෝ 20ක බැක් පැක් එකක්’ රැගෙන ප්‍රපාතයට

“එතනට ගියාට පස්සෙ තමයි මට තේරුණේ අනතුරේ බරපතළකම,” වෛද්‍යවරයා ආවර්ජණය කළේ ය.

“ලංකාවෙ කොහෙවත් නැති යාන්ත්‍රණයක් අපට තියෙනවා. අපි ගාව තියෙනවා මූලික ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ තියෙන බැක් පැක් පහක්. ඒකෙ ලෙඩ්ඩු හතර පස් දෙනෙකුට මූලික ප්‍රතිකාර දෙන්න පුළුවන් උපකරණ තියෙනවා. ඒ බෑග් එකක් සාමාන්‍යයෙන් කිලෝ 15ක් 20ක් බරයි. මම ඒකකුත් අරගෙන තමයි ගියේ. හමුදාවෙ අය මට කිව්වා පල්ලෙහා කට්ටිය ඉන්නව කියලා. පහළට යන්න පුළුවන් ද කියලා ඇහුවා. මං කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ, බහිමු කියලා. අංශක 90ක ඈන්ගල් එකකට තමයි, ප්‍රපාතය දිගට ම තිබුණෙ.”

ජීවිත අවදානම නොතකා ප්‍රපාතයට ගිය ගමන

කිලෝ ග්‍රෑම් 20ක් පමණ බරින් යුත් බෑගයක් ද කරේ එල්ලාගෙන අඩි 1000ක ප්‍රපාතයට බැස්ස ගමන වෛද්‍යවරයාට අසීරු අත්දැකීමක් විය.

“කලිසම් කමිස එහෙම සෑහෙන්න ඉරුණ බහින්න ගිහිල්ල. කොහොම හරි කඹේ එල්ලි එල්ලි ප්‍රපාතයට බැස්ස. විනාඩි 45කින් විතර බස් එක තිබුණ තැනට ගියා. එතන තුවාලකරුවො 7 දෙනෙක් හිටියා. ඒ අය සේරට ම සේලයින් දීලා බෙහෙත් දුන්නා. මං කිව්වා මං ඩොක්ටර් කෙනෙක්, කලබල වෙන්න එපා කියල හිත හැදුවා. ඒ අයට කිසි ම හානියක් නොවෙන විදිහට උඩට යැව්වා.”

“හමුදාවෙ කට්ටිය, රෙස්කියු කරන අය, ගිනි නිවීම් නිලධාරීන් සහ ගම්වල කොල්ලො දාහක් විතර එකතු වුණා. තුවාලකරුවන්ව මීටර් 500ක් විතර උඩට ගේන්න සිද්ධ වුණා. අතින් අත තමයි ඒගොල්ලන්ව උඩට ගේන්න වුණේ. එක අතකින් ගහක් හරි කඹයක් හරි අල්ලගෙන අනික් අතින් තුවාලකරුවන්ව අතින් අත යවමින් තමයි උඩට ගෙනාවෙ. ඒක හරි ම අමාරු වැඩක්. මුලින් ම හරියට එළියක්වත් තිබුණෙ නෑ. පස්සෙ ෆෝන්වල, ටෝච්වල එළියෙන් තමයි එළියක් ගත්තෙ.”

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කරමින්

බේරා ගැනීමට පැමිණි දෙදෙනෙකුට තුවාල

අනතුරට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ බව වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසීය.

“බේර ගන්න ගිහිල්ල දෙන්නෙකුට තුවාල වුණා. එක්කෙනෙක් කඹයක් කැඩිල වැටුණා. එයා දැන් දැඩි සත්කාර ඒකකයේ ඉන්නෙ. අනිත් එක්කෙනා හමුදාවෙ නිවාඩු ආපු කොල්ලෙක්. ඒ කොල්ලා තුවාලකාරයො අරගෙන එද්දි උඩින් ගලක් වැටිල නළලෙ වැදුණා. ඉතින් නළල පැළුණා. එයාවත් හොස්පිට්ල් එකට යැව්වා.”

කඹය කැඩී වැටුණු පුද්ගලයා මිය ගිය බවට පැතිරෙන ආරංචි සාවද්‍ය බව ද ඔහු පැවසීය.

‘මටත් හොඳට ම තුවාල යි’

තුවාල ලැබූවන් විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් දුෂ්කර කාර්යයක නිරත වූ වෛද්‍ය පාලිත රාජපක්ෂ ද මේ වන විට තුවාල ලබා සිටී.

“ගස්වල කටු ඇනිලා සීරිලා. කටු කෑලි ඇඟ පුරා ම තියෙනවා. ඔක්කොට ම ඉස්සෙල්ලා ඒ කටු අයින් කරන්න ඕනෙ. මම එතනට ගියේ සෙරෙප්පු දෙකක් දාගෙන. ඉතින් පල්ලෙහාට බහින්න වුණේ, සෙරෙප්පු නැතුව. ඒ නිසා කකුල් එහෙම ගොඩක් තුවාල වුණා. ඇඳුම් පවා ගොඩක් ඉරුණා ගල්වල, කටුවල ඇතිල්ලිලා.”

‘එක කඹයක් කැඩුණ නම් 50ක් 60ක් මැරෙන්න තිබුණා’

ප්‍රපාතයට ප්‍රවේශ වීම සඳහා කිසිදු ක්‍රමයක් නොවූ හෙයින් ‘අංශක 90ක කෝණයක් හැඩයෙන්’ පැවති ප්‍රපාතයට බැසීමට සිදුවූයේ, කඹවල එල්ලීගෙන ය.

“ඒ වෙලාවෙ එක කඹයක් හරි කැඩුණ නම් තව 50ක් 60ක් මැරෙන්න ඉඩ තිබුණා. එක කඹයක මිනිස්සු 50, 60ක් එල්ලිලා හිටියා. කඹයක් බඳින්න සුදුසු ලොකු ගස්වත් තිබුණෙ නෑ ඒ හරියෙ. එක පාරක් කඹය පැද්දුණා ම අඩි 20ක් විතර හරහට පැද්දෙනවා. හරියට අල්ලන් හිටියෙ නැත්නම් ඉතින් ප්‍රපාතයට වැටෙනවා.”

‘ජීවිත ගාණක් බේරගෙන මගේ ජීවිතෙත් බේරගෙන ගොඩට එන්න පුළුවන් වුණ එක ගැන සතුටු යි’

වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ, එම මෙහෙයුමේදී තමන්ගේ ජීවිතය පිළිබඳව ද විශ්වාසයක් නොතිබූ බව ය.

“ජීවිත බේර ගත්ත එක ගැන මට ගොඩක් සතුටු යි. ජීවිතේ ගැන ලොකු ආශාවක්වත්, මරණය ගැන බයක්වත් නෑ මට. ඒත් කරදරයක් නැතුව උඩට ආව නිසා තවත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න ආයෙත් අවස්ථාවක් හිමි වීම ගැන මට සතුටු යි. මේක තමයි මගේ වෘත්තිය ජීවිතයේ මුහුණ දුන්න දුෂ්කර ම සිද්ධිය. ඒ වගේ දේකදි මැරුණත් කමක් නෑ. මොක ද මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ගිහිල්ල නේ එහෙම වෙන්නෙ. ඒත් සතුටු හිතුණ මේ පාරත් බේරුණා කියල හිතුණා ම.”

bbc.com/sinhala

SendShareShare
Previous Post

රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

Next Post

16700ක් බලෙන් අතුරුදන් කරලා! තාම විමර්ශන ඉවර කරලා තියෙන්නේ 6700කයි! Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.