පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය අවසන් කොට තිබෙනවා. (Sri Lanka Latest News)
ධුරයෙන් ඉල්ලා අස්වූ ඔහු තම නිත්‍ය රාජකාරි ඉටු කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට නික්ම යෑම නිමිත්තෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී උත්සවයක් සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෑම නිලයකටම අයත් කාර්යය මණ්ඩලය එක්ව සිටි බවයි වාර්තා වන්නේ. ඔහුගේ සේවය අගයමින් කිහිප දෙනෙකුම එහිදී අදහස් දක්වා තිබෙනවා.
කාර්යය මණ්ඩලය විසින් එහිදි මහාචාර්ය අනුර මනතුංග සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කෙරුණු බව පැවසෙනවා.
ජනාධිපතිවරයා විසින් පසුගිය දා මහාචාර්ය අනුර මනතුංග වෙත මුලතිව්, කුරුන්දි විහාර භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පිලිබඳ සාකච්ඡාවක දී දෝෂාරෝපණය කර තිබුණා. ඒ පසුගිය 08 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දී යි.
Director General of Archeology Kurundi temple Kelaniya University










