රථවාහන කොට්ඨාස පොලිස් නිලධාරියෙකු යතුරුපැදියක එල්ලී ඇදීගෙන ගොස් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ පිටකොටුව ප‍්‍රධාන වීදියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුටයි.
රථවාහන නවතා තැබිය නොහැකි ස්ථානයක නවතා තිබූ යතුරු පැදියක් සම්බන්ධයෙන් විමසීමකදී එහි හිමිකරු එය පණගන්වා පළා යාමට උත්සාහ දරා තිබේ.
එහිදී පොලිස් නිලධාරියා යතුරු පැදි එල්ලී ඇති අතර පොලිස් නිලධාරියා සමඟ මහමග ඇදගෙන යමින් පලායාමට උත්සාහ කර තිබේ.
නමුත් මීටර් හැත්තෑවක් පමණ දුර ගිය පසු යතුරුපැදිය තවත් ත්‍රීරෝද රථයක ගැටී පෙරළී ගොස් ඇත.
සිදුවීමෙන් පොලිස් නිලධාරියාට බරපතළ තුවාල සිදු වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු සිදු කරමින් ඇත.









