මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකාවක ඉගෙනුම ලැබූ සිසුවියකගේ සිරුර සොයා නාවික හමුදාව ඊයේ දිනයේදීත් යළිත් වතාවක් මහනුවර කළුපාලමේ සිට පේරාදෙණිය පාලම දක්වා මහවැලි ගගේ කොටස සියුම් පරීක්ෂා කිරීමකට ලක් කිරීමට පියවර ගෙන තිබිණ.
නමුත් එම සිසුවියගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදාවට නොහැකි වී ඇති බව දැනගන්නට ඇත.
පසුගියදා මෙම සිසුවියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා යැයි කියන 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සදහන් කොට තිබුණේ තම ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවුඩ කිහිපයක් දුටු සිය පෙම්වතිය යැයි කියන මෙම සිසුවිය කළු පාලමෙන් පහළට පැන්න බවත්, පසුව තමන් නිවසට ගිය බවත්ය.
ඒ අනුව සිසුවියගේ සිරුර සොයා පරීක්ෂණ සිදුකළද මෙතෙක් සිසුවියගේ කිසිදු තොරතුරක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබුණේ නැත.










