අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.Sri Lanka Latest News
එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනුකළ බවය.
ඔවුන් එම නඩුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ගොනුකර ඇත.










