ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ නායක වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
බංග්ලාදේශයට එරෙහිව ලබන 22 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා වනිඳු අතුළත්ව සිටියි.
ප්‍රවේගකාරී පිතිකරුවෙක් ද වන වනිඳු පසුගිය වසරේ අගෝස්තු මස 15 වැනිදා ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 4 කට සහභාගි වී ලකුණු 196 ක් රැස්කරමින් කඩුලු 4 ක් දවාගෙන සිටියේය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිෂාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික ගුණසේකර










