රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහණය කිරීමට යොදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණීල්ලක් සම්බන්දයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.Sri Lanka Latest News
ළමුන් හැර රැඳවියන් ප්‍රවාහණය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබු කොන්දේසියද උල්ලංගණය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණීළ්ලකට අනුව රහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇති බව ලංකාදීපය වාර්තා කොට ඇත.