ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
තරුෂි වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් ඒ අනුව මෙම මුදල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.










