• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතර ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට වහාම සහන සලසන්න උපදෙස් රනිල් දෙයි! I Sri Lanka Latest News

October 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් ආණ්ඩුකාරවරු ගෙන්වයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.Sri Lanka Latest News

එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.

එසේම ඉදිරියේ දී ගංවතුර තත්ත්වය ඉහළ යාමක් සිදුවුව හොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දුන්නේය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

ගංවතුර, තද සුළං, පස් කඳු කඩා වැටීම්, තද වැසි, ගල් පෙරලීම් හා ගස් කඩාවැටීම් හේතුවෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 2350ක පුද්ගලයන් 9448දෙනෙක් පමණ පීඩාවට පත්ව සිටිති. අර්ධ හානි සිදු වූ නිවාස ගණන 399ක් වන අතර වෙනත් දේපළ හානි 37කි.
මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රදේශවල ස්ථාපනය කළ ප්‍රජා ආහාර සැකසීමේ මධ්‍යස්ථානවලදී ඔවුන් වෙනුවෙන් පිසූ ආහාර සපයාදීම සිදු කෙරේ.
පවුල් 6967ක් පුද්ගලයන් 25,553ක් ගංවතුරින් කොටු වී සිටින අතර ඔවුන් වෙත පිසූ ආහාර ලබා දීම යුද හමුදාව විසින් සිදු කරයි.
මේ අතර ගංවතුරින් වැඩිම පීඩාවකට පත්වූ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ද යුද හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇත.
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජානක රණසිංහ, මාතර ප්‍රදේශය භාර බල සේනාංකාධිපති කර්නල් රොෂාන් කන්නංගර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා බල ඇණි දෙකක් එම සහන සේවා සිදු කරයි.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා අගුල් 06ක් හා මෝටර් බෝට්ටු 03ක් යොදවා තිබෙන අතර හදිසි ආපදා තත්ත්වයකදී එම ජනතාව මුදා ගැනීම වෙනුවෙන් විශේෂ හමුදා රථ ස්ථානගත කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයන් සහ ඊට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා මේජර් ජෙනරල් ජානක රණසිංහ (0766907042), කර්නල් රොෂාන් කන්නංගර (0766907146) සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලීමක් කෙරේ.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු, දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි යන මහත්වරු සහ ආණ්ඩුකාර ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු, මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, පොලීසිය, ත්‍රවිධ හමුදාව සහ රාජ්‍ය ආයන නියෝජනය කරන සියලු නිලධාරීන් ඊට සහභාගී වූහ.
පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ගත යුතු පියවර පිළිබඳ එහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ගංවතුර තත්ත්වය පහව යාමෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ප්‍රාදේශීය සභා ඒකාබද්ධ වෙමින් සෑම දිනකම උදෑසන ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වීමටත් එහිදී ගන්නා තීරණ Zoom තාක්ෂණය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කමිටු වෙත දිනපතා දැනුම් දීමටත් මෙහිදී තීරණය කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-05

SendShareShare
Previous Post

‘අනේ අපිත් මහින්ද මහත්තයාගේ මිනිස්සු! අපිටත් ලයිට් බිල් ගෙවාගන්න බෑ! අපේ බිලත් ගෙවලා දෙන්න‌!’ නාමල්ගේ ලක්ෂ 26ක ලයිට් බිල ගෙවපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට රට වටෙන්ම තැපෑලෙන් විදුලි බිල් එන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

රන් දිනපු තරුෂිට ක්‍රිකට් ආයතනයෙන් තවත් රත්තරන් වැඩක්! කෝටියක සල්ලි දෙන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.