රුපියල් විසිපන්දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බේරුවල ප්රාදේශීය සභාවේ පයාගල කාර්යාලයේ සේවය කළ තාක්ෂණික නිළධාරියෙකුට වසර විස්සක සිර දඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කර තිබෙන බව වාර්තා වේ.Sri Lanka Latest News
කෙසේ වෙතත්, වසර විස්සක මෙම සිරදඩුවම වසර පහකින් ගෙවී යා යුතු බව, අධිකරණ තීන්දුව ප්රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කර තිබේ.
අදාල තාක්ෂිණික නිළධාරියා අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ, පාරිසරික වාර්තාවක් ලබාදීම සදහා ය.










