• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙඩි තියනවා! මිනීමරනවා! ඒ අස්සේ කෝල් කරලා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලන තත්ත්වයට රට පත්වෙලා! හමුදා නිලධාරියෙක් වෙච්ච NMRA සභාපතිතුමාත් තර්ජනවලට බයේ ඉල්ලා අස්වුණා! මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ? VIDEO I Sri Lanka Latest News

May 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙසේ අදහස් පළ කළේය.Sri Lanka Latest News

‘‘රජයේ විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවැනි වතාවට ප්‍රතික්ෂේප වුණා. කෙසේ නමුත් රටේ සිටි කිසිඳු පාලකයෙක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ හිතවතුන් පත් කරන්න කටයුතු කරලා නෑ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වසර 30 ක සේවා කාලයක් තිබෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරෙක් සිටියදී විගණකාධිපතිධුරය සඳහා පලපුරද්ද පිළිබඳව බරපතල ගැටලු රැසක් තිබෙන , පෙට්ට්‍රොලියම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින , ජාතික ජනබලවේගයට සම්බන්ධ , කැලණිය විශ්ව විද්‍යාල සගයෙක් විගණකාධිපතිධුරය සඳහා පත් කිරිම කටයුතු කිරීමම ජාතික ජනබලවේග රජයේ නිරුවත ප්‍රදර්ශනයක් කිරීමක් ලෙස අපට සඳහන් කරන්න පුලුවන්. කෙසේ නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා මේ තත්ත්වයට පත් වෙයි කියලා සමගි ජනබලවේගය කිසි දවසක හිතුවේ නෑ. ඒ වගේම ජනාධිපතිවරයා මෙලෙස ක්‍රියා කරයි කියලා රටේ ජනතාව සිතුවෙත් නෑ. ඒ වගේම මේ ආකාරයේ නිර්ලජ්ජිත ලෙස ජනාධිපතිවරයා කටයුතු කරයි කියලා අනුර දිසානායක මහතාට ඡන්දය දුන්න පිරිස හිතුවෙනත් නෑ. ජනාධිපති අනුර දිසානායක මහතාට හිතවත් කෙනෙකු විගණකාධිපතිවරයා ලෙස පත් කරන්න කටයුතු කළේ කුමක්ද සඳහාද කියන ප්‍රශ්නය අපට ඇතිවෙනවා. ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මෙතෙක් කාලයක් කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඒ නිසා ජනාධිපති අනුර දිසානායක මහතා සුදානම් වන්නේ කුමකටද කියන ප්‍රශ්නය අපිට ජනාධිපතිවරයාට යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පැලවත්තේ සහ ජනාධිපතිගේ විශ්ව විද්‍යාලයේ හිතවතුන් සමඟ රට පාලනය කරන්නද ජාතික ජනබලවේගයට රටේ ජනතාව ජන වරමක් ලබාදුන්නේ. ඒ වගේම සුදුස්සාට සුදුසු තැන දෙන , දේශපාලන මැදිහත්විම් වලින් තොරව පත්විම් ලබාදෙන බව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් සඳහන් වුණා. කෙසේ නමුත් විගණකාධිපති පත් කිරිම දේශපාලන පත්කිරිමක් බවට පරිවර්තනය කරන්න ගත් උත්සාහය ව්‍යාවස්ථාදායක සභාවෙන් පරාජය වුවත් එම උත්සාසය පිළිබඳව බරපතල විවේඡනයක් රට තුළ අද කතිකාවතට ලක් වී තිබෙනවා.

ඒ වගේම රටේ මේ වනවිට ලුණු හිඟයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුවේ අදක්ෂභාවය නිසා තමයි රටේ ලුණු හිඟයක් ඇති වී තිබෙන්නේ. ඒ වගේම ජාතික ජනබලවේග රජයට රාජ්‍ය පාලනය පිළිබඳව කිසිදු දැනුමක් නැති නිසා තමයි අද මෙවැනි තත්ත්වයන්ට රටේ ජනතාවට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ. ඒ වගේම වෙළඳපොල තුළ ලුණු හිඟයක් තිබෙන බව ආණ්ඩුව කල්තියා දැනගත යුතුයි. ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම නොකළ යුතුයි කියලා සමගි ජනබලවේගය කිසිදවසක ප්‍රකාශ කරන්නේ නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් පවතිනවානම් අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ප්‍රමාණය ආනයනය කළ යුතුයි. ඒ වගේම ලුණු මාෆියාවට අවශ්‍ය ඉඩ කඩ සකස් කරලා අර්බුදයක් ඇතිකරලා තමයි ලුණු ආනයනය කරන්න රජය කටයුතු කරන්නේ. ඒ වගේම රටේ ජනතාවට සාධාරණ ලෙස ලුණු මිලදි ගැනිමට හැකි තත්ත්වයක් ඇති නොකර තමයි රජය ලුණු ආනයනය කිරිමට කටයුතු කරලා තිබෙන්නේ. ඒ අනුව රටේ ජනතාවට අධික මුදලක් වැය කර ලුණු ගැනීමේ තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. කෙසේ නමුත් ජාතික ජනබලවේග ආණ්ඩුවේ තිබෙන දුර්වලකම මෙයින් හොදින්ම පැහැදිලි වෙනවා.

ඒ වගේම මේ වනවිට රට තුළ පතාලය බරපතල ලෙස ව්‍යාපත වෙලා තිබෙනවා. ඒ වගේම රටේ වෙඩි තැබිම් අර්ධ ශතකය පසුකරලා තිබෙනවා. මිනිමැරුම් ළඟදිම අර්ධ ශතකය පසුකරයි. ඒ වගේම රටේ දවසට වෙඩි තැබිමක් හෝ මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙනවා. ඒ වගේම රටේ ව්‍යාපාරිකයින්ට දුරකතන ඇමැතුම් දී කප්පන් ගැනිමේ කටයුත්තකුත් ක්‍රියාත්මක වනබවට වාර්තා වෙනවා. මේ නිසා ව්‍යාපාරිකයන් දැඩි බියකින් ජිවත් වෙන්නේ. මේවැනි තත්ත්වයකට අද රට පත්වෙලා තිබෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳව උපදෙස් ගන්න එන්න කියපු ජාතික ජනබලවේගයේ මැති ඇමැතිවරුන්ට අපෙන් උපදෙස් ගන්න එන්න කියලා අපි ආරාධනා කරනවා. ඒවගේම ආණ්ඩුවේ සිටින ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කළ හැකි පිරිස්වලට වඩා දක්ෂ , අද්දැකිම් තිබෙන පිරිස් රටේ සිටිනවා. කෙසේ නමුත් අද වනවිට රටේ ජාතික ආරක්ෂාව බරපතල ගැටලුවක් වී තිබෙනවා. ඒ වගේම රටේ සිදුවන මිනිමැරුම් , වෙඩි තැබිම් , කප්පම්ගැනිම් සම්බන්ධව නිවැරදි පරික්ෂණ වෙනවාද කියන කාරණයත් අද ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ වගේම රටේ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය කෙරෙහි බලපාන ප්‍රධාන ආයතනයක සභාපතිවරයෙක් ඔහුට ජිවිත තර්ජන තිබෙන බව කියමින් ඉල්ලා අස්වි තිබුණා. කෙසේ නමුත් ඔහුටවත් රට තුළ ආරක්ෂාවක් නොමැති කාරණයෙන් පෙනෙන්නේ ඖෂධ මාෆියාවටත් ආණ්ඩුව යටත් වී ඇති බවයි.

ඒ වගේම ආණ්ඩුව බලය ලබාගෙන මාස 6 ක් ගත වෙලා තිබෙනවා. නමුත් රටේ කිසිදු ප්‍රගතියක්නම් පෙනෙන්නට නෑ. ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේදී , මහමැතිවරණයේදී කියපු දේවල් වලින් කිසිවක් මේ වනතුරු සිදුකරලා නෑ. ඒ වගේම ආණෟඩුව රිලව් සංණනයක් සිදුකළා. ඒ සංගණනයේ කිසිදු ප්‍රගතියක් නෑ. ඒ වගේම රටේ පොල් හිගයක් ඇතිවුණ වෙලාවේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළා පිටරටින් පොල් ගෙඩි මිලියන 200 ක් ගෙන්වන්න කටයුතු කරනවා කියලා. මිලියන 200 ක් කෙසේ වෙතත් එක පොල් ගෙඩියක් ගෙන්නට ආන්ඩුවට හැකියාවක් ලැබුණේ නෑ. රට තුළ පොල් හිගය තවමත් තිබෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන සියල්ල මේ නිසා කඩාගෙන වැටිලා තිබෙන්නේ. කෙසේ නමුත් ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට ගමන් කිරිමට හැකියාවක් නැති බව රටේ ජනතාවට අවබෝධ වෙලා තිබෙනවා. ඒ සඳහා ආණ්ඩුවට හොද උත්තරයක් ජනතාව පළාත් පාලන මැතිවරණයේදී ආන්ඩුවට ලබාදුන්නා. පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුව දුන්න පණිවිඩය ප්‍රබල පණිවිඩයක්. මේ පණිවිඩය අවබෝධ නොකරගෙන උද්දච්ච ලෙස හැසිරෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආණ්ඩුවට බහුතරය නැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න ආණ්ඩුවේ පිරිස් ස්වාධීන කණ්ඩායම් පස්සේ යනවා. ආණ්ඩුව සමගි ජනබලවේගයේ පළාත් පාලන නියෝජිතයන් සමඟත් හොරෙන් සාකච්ඡා පවත්වනවා.
කෙසේ නමුත් ආණ්ඩුව පළාත් පාලන ආයතනවල බලය ලබාගන්න හොරුන් ලෙස හදුන්වපු කණ්ඩායම පිටුපස යන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ ජාතික ජනබලවේගයට ඡන්දය දුන්න පිරිස ආණ්ඩුවට විරුද්ධව නැගි සිටින්න කටයුතු කරයි. ඒ වගේම ජාතික ජනබලවේගයෙන් පත්කර පාර්ලිමේන්තු යවපු මන්ත්‍රීවරු අද අතුරුදහන් වෙලා තිබෙනවා. ඔවුන් ආසනවලට ඇවිත් නෑ. ජනතාවගේ ගැටලුවක් කතා කරන්න , ගමේ ප්‍රශ්නයක් කතා කරන්න අද ජනතාවට හැකියාවක් නෑ. නමුත් ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරුත් අද අසරණ වෙලා සිටින්නේ. ඔවුන්ට ගමට යන්න අද වාහනයක් නෑ. මන්ත්‍රී වැටුප ලැබෙන්නේ නෑ. එවැනි තත්ත්වයක් තුළ මන්ත්‍රීවරුන්ට අද ගමට යන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම දේශපාලඥයෙකුගේ කාර්යය භාර්යය අද ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට සිදුකරගැනිම හැකියාවක් නෑ. කෙසේ නමුත් ඉදිරියේදී ජාතික ජනබලවේගයට ඡන්දය දුන්න පිරිස හසුරුවා ගැනිමට ජාතික ජනබලවේගයටම නොහැකි තත්ත්වයක් උදාවෙයි.

ඒ වගේම විපක්ෂයේ පක්ෂවල පිරිස් පාතාලයට සම්බන්ධ බවට ආණ්ඩු පක්ෂයෙන් චෝදනාවක් එල්ල වෙනවා. එවැනි තොරතුරක් ආණ්ඩුව සතුව තිබෙනවානම් ඒවා වහාම රටට හෙළි කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විපක්ෂයේ පක්ෂවල පිරිස් පාතාලයට සම්බන්ධ බවට අභුත චෝදනා නොකර රටේ දිනෙන් දින සිදුවන පාතාල ක්‍රියාකාරක්‍ම් මඩින්න ආණ්ඩුව වහාම පියවරක් ගතයුතුයි. ඒ දෙය සිදුකරගැනිමට නොහැකිව ආණ්ඩුව විපක්ෂයට චෝදනා එල්ල කරමින් කාලය ගතකරනවා. ආණ්ඩුවේ අසාර්ථභාවය වසා ගැනිමට තමයි ආණ්ඩුව මෙවැනි අභූත චෝදනා එල්ල කරන්නේ. මෙවැනි කතා අහලා අහලා ජනතාවටත් දැන් ආණ්ඩුව එපා වෙලා තිබෙන්නේ. පොලිසිය , ආරක්ෂ අංශ දැන් ආණ්ඩුව සතුව තිබෙන්නේ ඒ නිසා පාතාලයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට කොටු කර ගන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි.

ඒ වගේම පළාත් පාලන ආයතන බහුතරයක බහුතරය අද ආණ්ඩුවට අහිමි වෙලා තිබෙනවා. ඒ බහුතරය හදා ගන්න ආණ්ඩුව අද විපක්ෂයේ දේශපාලන පක්ෂ පිටුපස සහ ස්වාධින කණ්ඩායම් පිටුපස යනවා. හොරෙන් සාකච්ඡා පවත්වනවා. ආන්ඩුවට උදව් කරන්න කියලා ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වලින් ඉල්ලා සිටිනවා. ඒවගේම මන්ත්‍රිවරු ආණ්ඩුවට ගන්න වරදාන වරප්‍රසාද දෙන්න සුදානමක් තිබෙන බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය ගන්න සමගි ජනබලවේගයට පක්ෂ ගණනාවක් උදව් කරනවා. අපි විශ්වාස කරනවා කොළඹ බලය ආණ්ඩුවට අහිමි වෙයි කියලා. ස්වාධීන කණ්ඩායම්වල කිහිපදෙනෙක් පමණයි ආණ්ඩුව සමඟ සිටින්නේ. පක්ෂ ලෙස මන්ත්‍රිවරු ගණනාවක් සමගි ජනබලවේගය සමඟ එකතුවෙලා සිටිනවා. ඒ වගේම සමගි ජනබලවේගය ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සිදුකළ සාකච්ඡා මේ වනවිට සාර්ථක වී තිබෙනවා. ඔවුන්ටත් අවශ්‍ය වන්නේ ආණ්ඩුවට විරුද්ධව බලය ගොඩනගන්න. ඒ වගේම ඉතිහාසයේ පත්වුණ අසාර්ථකම ආණ්ඩුව වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව බව රටේ ජනතාවටත් දැන් අවබෝධවෙලා තිබෙනවා.‘‘

SendShareShare
Previous Post

ඊළඟ වාරිකය නිදහස් කරන විධායක මණ්ඩල අනුමැතිය ගන්න IMF කොන්දේසි 2ක් දමයි!  I Sri Lanka Latest News

Next Post

හැව්ලොක් සිටි එකෙන් මතුවූ රත්තරන් T56 ශ්‍රීලනිපයේ ප්‍රබල දේශපාලඥයකුගේ? තාත්තත් හිටපු ප්‍රබල දේශපාලඥයෙක්ලු! I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.