විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතාට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම වළක්වාලමින් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතාට එරෙහිව නිකුත් කර තිබූ කොන්දේසි සහිත තහනම් ආඥාව විසුරුවා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. Sri Lanka Latest News
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වග උත්තරකාර ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශවලින් තමන්ට අපහාසයක් සිදු වී ඇති බවත් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
ඉන් අනතුරුව එවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් මීට පෙර ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා වෙත කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත් කළා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අද (15) දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අදාළ කොන්දේසි සහිත තහනම් ආඥාව විසුරුවා හරින බවයි.










