ජාතික ජනබලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය ලේඛනය සභාපති අසිත රණවීර විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ එය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය. Sri Lanka Latest News
ප්‍රාදේශීය සභාවේ 38 ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් අයවැයට පක්ෂය ඡන්ද 18 ක් ද, විපක්ෂව ඡන්ද 20 ක් ද හිමිවිය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී උඩුනුවර ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් 18 ක් සමගි ජන බලවේගයෙන් 10 ක් එක්සත් ජාතික පක්ෂයෙන් 03 ක් එක්සත් ජාතික සන්ධානයෙන් 03 ක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් 02ක් හා ස්වාධීන කණ්ඩායමෙන් 02 ක් ලෙස සභිකයින් තේරී පත් වුණා.
සභාවේ බලය පිහිටුවීමේදී එක්සත් ජාතික සන්ධානයේ සභිකයින් තිදෙනාගෙන් දෙදෙනෙකු ජාතික ජලබලවේගයට සහය දීම නිසා සභාපති තෝරා පත්කර ගැනීමේදී සභාපති ධුරයට තරග කළ අසිත රණවීරට ඡන්ද 20 ක් හිමිවුණා.
එම සහයෝගය මත උප සභාපති තෝරාපත් කර ගැනීමේ ඡන්දයේදී එක්සත් ජාතික සන්ධානයෙන් ඉදිරිපත් වූ මොහොමඩ් ෆාතිමා නුස්රත්ට ජාතික ජනබලවේගයේ සභිකයින්ගේ සහය හිමිවීම නිසා ඇය උපසභාපති ලෙස පත් වුවා.
මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේ උප සභාපතිවරිය එම පක්ෂයේ අනෙක් සභිකයින් දෙදෙනා සමඟ එක්ව ඊට විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීම විශේෂත්වයක්.










