• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කර්නල්ගේ ඩ්‍රයිවින් පවුලක් පාරට ඇදදමයි! මවක් සහ පුතෙක් අවසන් ගමන් යයි!

December 11, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
කර්නල්ගේ ඩ්‍රයිවින් පවුලක් පාරට ඇදදමයි! මවක් සහ පුතෙක් අවසන් ගමන් යයි!
Share on WhatsAppShare on Facebook

යුද හමුදා 21 වැනි බලසේනාවේ සම්බන්ධීකරණ නිලධාරියෙක් වූ කර්නල්වරයාගේ මදාවි රියැදුරුකම මේ වනවිට 43 හැවිරිදි මවකට සහ 15 හැවිරිදි පාසල් දරුවකුට ජීවිත අහිමි කර එක් පවුලක් සුනුවිසුනු කර තිබේ.

අම්මා පසුගිය 07 වැනිදා අවසන් ගමන් ගියාය. 15 හැවිරිදි පුතා අද අවසන් ගමන් ගියේය. හදවත් රෝගියෙක් වූ 45 හැවිරිදි තාත්තා වෙනුවෙන් මේ මහා ඛේදවාචකය මහමෙරක් සේ දරාගෙන මේ කතාව අපට කියන්නේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 7ක් හා බී සාමාර්ථ 02ක් සමගින් මහා ජයග්‍රහණයක් අත්කරගත් කිංස්වුඩ් විද්‍යාලයේ ඉගනුම ලබන ඔමේෂන ප්‍රවීන් බණ්ඩාරය.

ඛේදවාචකයක් බඳු මේ අනතුර සිදුවන්නේ පසුගිය 05 වැනිදාය. වෙලාව සවස 3.30ට පමණ ඇත. මාතලේ දඹුල්ල ඒ 09 මාර්ගයේ මාතලේ දෙස සිට දඹුල්ල පැත්තට පැමිණි ඩබල් කැබ් රථයක් මන්දණ්ඩාවලදී පැමිණි මංතීරුවෙන් ඉවත්ව ගොස් තමන් ඉදිරියට පැමිණි යතුරුපැදියක්, ත්‍රීරෝදරථයක්, ඩිමෝ බට්ටෙක් හප්පාගෙන ගොස් පාරේ අනෙක් මං තීරුවේ නතර වන්නේය.

රථය පදවාගෙන පැමිණියේ කර්නල්වරයෙකි. රථය ඇත්තේ ඔහුගේ බිරියගේ නමටය. කර්නල්ගේ රියදුරු වාහනයේ අනෙක් පස අසුනේ ඉඳගෙන සිටියේය.

යතුරුපැදියේ ගමන් කරමින් සිටි ටී.එම්. චමිලා දර්ශනී අම්මා එතැනම මියගොස් තිබිණි. පුතා වූ 15 හැවිරිදි විශ්ව ප්‍රමෝද් බණ්ඩාර බරතල තුවාල සහිතව සිහි විසඥව සිටියදී මහනුවර ජාතික රෝහලට ඇතුළු කරන්නේය. තරුණ පාසල් සිසුවා පෙරේදා රෝහලේ දී මියගියේය.

දරාගත නොහැකි මේ ව්‍යසනය සම්බන්ධව ඔමේෂන ප්‍රවීන් බණ්ඩාර පුතා අපට කීවේ මෙසේය.

මගෙ තාත්තා රැකියාව කළේ ජෝර්දානයෙ. තාත්තාට එහිදි හෘදයාබාධයක් වැළඳුනා. ඔහුව ලංකාවට ගෙන්වාගෙන ප්‍රතිකාර කළා. තාත්තා අසනීප නිසා ගෙවල් ළඟ පුංචි වැඩපලක රැකියාවට යැව්වෙ ගෙදර ඉන්න එකත් හොඳ මදි හින්දා.

අපේ පවුල ජීවත් කළේ අම්මා. අම්මා පොඩි කේටරින් සර්විස් එක්ක කළා. එකෙන් උපයන දෙයින් තමයි අපිට ඉගැන්නුවේ. අම්මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මගෙ අධ්‍යාපනය ගැන. මේ සැරේ සාමාන්‍ය පෙළ අම්මා බලාපොරොත්තු වෙච්චි ප්‍රතිඵල මට අරන් දෙන්න පුළුවන් වුණා. ඒක තමයි මට තියන ලොකුම සැනසීම.

මේ තියන තත්ත්වයත් එක්ක තාත්තා ආයෙ රට යන්න කල්පනා කරන් හිටියෙ. එයා 06 වැනිදා යන්න හිටියෙ. අම්මා මල්ලිත් එක්ක බයික් එකේ ගියෙ තාත්තගෙ පීසීආර් රිපෝට් එක අරන් එන්න.

ඒ යනකොට තමයි මේ විනාසෙ වෙලා මට අම්මයි මල්ලියි දෙන්නම නැති වුණේ. මේක දරාගන්න ඕන කොහොම ද කියලා මට තේරෙන්නෙ නෑ. ඒත් මේ මහා වේදනාව තාත්තා වෙනුවෙන් මට දරාගන්න වෙනවා. එයා මට ඕන. තාත්තා හෘදයාබාධයක් තියන කෙනෙක්. ඔහුව ආරක්ෂා කරගන්න මම ශක්තිමත් වෙන්න ඕන. අම්මයි මල්ලියි ගියා. මගෙ එකම බලාපොරොත්තුව තාත්තව ජීවත් කරගන්න එක.

තාත්තාගේ නම වසන්ත බණ්ඩාරය. මාතලේ මඩවල උල්පත පිහිටි ඔවුන්ගේ නිවසේ දැන් ඒ තාත්තා සහ ලොකු පුතා විතරය.

මේ මහා ව්‍යසනය සිදුකළ කර්නල් තැන මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේය. ඔහු මරණ දෙකක් සිදුකර තිබේ. රිය පැදවූයේ බීමතින් ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇත. බීමතින් රිය පැදවූ බවක් තහවුරු වී නැත. වෙන මත්ද්‍රව්‍යයක් භාවිත කර තිබුණා ද යන්න සොයාබැලීම සඳහා ඔහු රුධිර පරීක්ෂාවකට යොමුකර තිබේ.

සියල්ල සිදුවී අවසානය. වැනසුන ජීවිත දෙකට වන්දි ගෙවිය නොහැකිය. නමුත් හුදකලා වූ මේ රෝගී තාත්තාට සහ අධ්‍යාපනය ලබන දරුවාට ජීවිතට යමක් ඉතිරිවී තිබිය යුතුය.

එකම පිළිසරණ නීතියේ සාධාරණය පමණය. මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සිදුවීම සම්බන්ධ තමන්ම මැදිහත් වී පුළුල් පරීක්ෂණයක් සිදුකර මේ අසරණයන්ට සාධාරණයක් කිරීමට මැදිහත් වී ඇත. එය අස්වැසිල්ලකි.

නිල ඇඳුමේ විනය පාරේදී පෙන්විය නොහැකි නම් ඒ නිල ඇඳුම් නිකම්ම නිකම් ගෝනි පඩංගුවලට දෙවැනි නැත. අසරණ ජීවිත බිල්ලට ගන්නා මෙවැනි මිනිස්සු තරාතිරමකින් තොරව දඬුවම් ලැබිය යුතු බවට විශ්වාස කරමු.

lankasara

SendShareShare
Previous Post

සජබෙ ඉඳන් ආණ්ඩුවට ගිය ටැංකි සුද්දයි ටැංකි සුද්දියි ගැන හෙළිදරව්වක්! හරීන්ට ඕන නම් ෆෝන් එකෙන් බලාගන්නත් කියයි! (VIDEO)

Next Post

හතරවටින්ම කොළඹට ජන ගඟක් ඇදෙයි! සජිතුත් පෙළපාලියට එක්වෙයි! සජීවීව මෙතැනින් බලන්න! (LIVE VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.