• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන ඔත්තු නැව යළි ලංකාව දෙසට හැරෙයි! කිසිම වරායකට නොගොස් එකදිගට දින 28ක් යාත්‍රා කරලා!

August 11, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
චීන නැවේ අර්බූදය දරුණු වෙයි! අද හෝ හෙට අමෙරිකාව ලංකා ආණ්ඩුවට දැඩි විරෝධය ප්‍රකාශ කරන්න සූදානම් වෙයි? EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

යුවාන් වැන්ග් 5 චීන අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද(11) දිනයේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් එය මේ වනවිට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 600 ක පමණ දුරින් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබේ. 

අප මේ පිළිබඳව කළ විමසීමකදී හාබර් මාස්ටර්වරයා ප්‍රකාශ කළේ, එම නෞකාව අද දිනයේ ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවයි.

තම අවසරයකින් තොරව කිසිදු නෞකාවක් හම්බන්තොට වරායට ඇතුල් කිරීමට නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය. 

විදේශ කටයුතු අමාත්‍යාංශය චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණිම ප්‍රමාද කරන ලෙස දැනුම් දුන්නද වරායට පැමිණිමට ඉඩ ලබාදෙනවාද නැද්ද යන්න තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

යුවාන් වැන්ග් 5 චින අධි තාක්ෂණික නෞකාව පසුගිය ජූලි මස 14 වෙනිදා චීනයෙන් පිටත් වූ අතර , මේ දක්වා පැමිණි ගමනේදී ඔවුන් කිසිදු වරායකට ඇතුල් වූයේ නැහැ.

ඒ අනුව වරායකට ඇතුළු වී ඉන්ධන හෝ ආහාර නැවත පිරවීමකින් තොරව නෞකාව මේ වනවිට දින 28 ක් යාත්‍රාකර තිබේ.

චීන තානාපති කාර්යාලය පසුගිය ජුනි 28 වනදා කළ ඉල්ලීමකට අනුව මෙම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා පසුගිය ජූලි මස 12 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබුණි.

එහෙත් පසුගිය 08 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය නැවත චීන තානාපති කාර්යාලයට ලිපියක් යොමුකරමින් නැව ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ වනවිටත් ඔවුන් ඉන්දියන් සාගරයට ඇතුළු වී අවසන් ය.

නැව ප්‍රමාද කරන්නැයි ඉල්ලා සිටින නිශ්චිත හේතුව විදේශ කටයුතු අමාත්‍යාංශය අනාවරණය නොකළ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අදාල නෞකාව තම රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවයි.

නමුත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති බව ඊයේ අප කළ විමසීමකදි ප්‍රකාශ කළේ ය.

ඊයේ ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරමින් තිබූ යුවාන් වැන්ග් 5 චින අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද යළිත් ආපසු හරවා ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබුණි.

කෙසේවෙතත් මෙම නෞකාව මුහුණ ලා ඇත්තේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පිහිටි බෙංගාල බොක්ක දෙසටයි.

නෞකාව ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටා ඇති – නයින්ටිඊස්ට් රිඩ්ජ් – ලෙස හැදින්වෙන මුහුදු පත්ලේ ඇති කඳු පංතිය මතුපිටින් යාත්‍රා කරන ආකාරය ඒ.අයි.එස් දත්ත නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකියි.

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට මුහුණලා පැමිණි යුවැන් වැන්ග් 5 පෙරේදා රාත්‍රීයේ සිට සිය ගමන් මගේ වෙනසක් සිදු කළ අතර පසුව ඉතා අඩු වේගයකින් නයින්ටිඊස්ට් රිඩ්ජ් කදු පංතිය මතුපිටින් ඉහළ පහළ යන ආකාරය දක්නට ලැබුණි.

චීනය පසුගිය වසර දෙක තුළ ෂියැන්ග් යැන්ග් හොන්ග් නැමති චන්ද්‍රිකා ලුහුබැදීම් සිදුකරන නෞකා පංතිය යොදා ගනිමින් මෙම ප්‍රදේශයේ ගවේෂණ සිදු කළේ ය.

මේ අතර, පාකිස්ථාන නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වීම සදහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමූර් යුද නෞකාව හෙට(12) කොළඹ වරායට පැමිණෙන බව හාබර් මාස්ටර්වරයා තහවුරු කළේ ය.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය දිනවල දැඩි අවධානය යොමුකර තිබුණි.

බංග්ලාදේශය එම නෞකාව එරට වරාය වෙත පිවිසීමට කළ ඉල්ලීම ප්‍රතික්ශේප කළ අතර එය කොළඹට පැමිණෙන්නේ ඉන් අනතුරුවයි. -නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

‘එයා දැන් ලොකු ළමයෙක්’ – ‘යුගාන්තය’ට පසු කිසිම කාන්තාවක් නැති ‘මාරියා’ අවුරුදු 39කට පසු මොස්කව් යයි!

Next Post

කැකිල්ලේ තීන්දුවක්? දඬුලේනා අයින් කර අලුත් සතෙක් ‘ජාතික සත්ත්වයා’ කිරීමේ සූදානමක්!

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන 'බැසිලර් ටී’ (Basilur Tea), ජාත්‍යන්තර තේ දිනය සමරමින් ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon)...

Read more
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.