“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News
එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නෞකාවට ලබන 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය.
චීනයට අයත් “Shi Yan 6” පර්යේෂණ නෞකාව ඊයේ (25) පස්වරුවේ කොළඹ වරායට ළඟා වී තිබේ.
ඒ අනුව අදාළ නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු සැපයුම් ලබාගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම්ලා තැබීමට ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.










