රට තුළ කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.Sri Lanka Latest News
එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ අද (02) දිනයේ ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන බවය.
බස්නාහිර පළාතෙන් ඉන්ධන ඇණවුම් 500ක් පමණ මේ වනවිටත් ලැබී ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා සිටියේ, “රටේ තෙල් නැතිවීමේ ගැටලුවක් වෙන්නේ නෑ. එක එක කට කථාවලට බය වෙලා ජනතාව ඉන්ධ පිරවුම්හල් වෙත ගියොත් තමයි ගැටලුවක් වෙන්නේ.” යනුවෙනි.
මේ අතර ඉන්ධන බෙදාහැරීමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා මෙතෙක් ලබාදුන් 3%ක කොමිස් මුදල ඊයේ සිට අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළේය.










