පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීනගත් ක්‍රියාමාර්ග විමර්ශනය සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව පිළිගන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවසීයSri Lanka Latest News
එම කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට නියමිත පිරිස් තවමත් අදාළ ධූරවල රැඳී සිටින හෙයින් ස්වාධීන සාධාරණ විමර්ශනයක් සිදුවීම සැකයට භාජන වන බවද උන්වහන්සේ කිය
එහෙයින් මාස තුනක් ඇතුළත ඊට අවශ්‍යය නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අනතුරුව අදාළ කාර්යාලය සහ විමර්ශන නිලධාරියා පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පියතුමා පැවසීය
මීට පෙර ජනාධිපති කොමිෂන් සභාවක් මගින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවද සඳහන් කල සිරිල් ගාමිණී පියතුමා ඒ අනුව ් මෙම ක්‍රියාවද ජනාධිපතිවරණය හෝ මැතිවරණය ඉලක්ක කර ජනතාව රැවටීමට කළ දෙයක්දැයි යන සැකය තමන් තුළ තිබෙන බවද සඳහන් කළේය
කොළඹ අග රදගුරු මැදුරේ පැවති කතෝලික සභාවේ මාධ්‍ය හමුව අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.










