දියේ ගිලී මියගොස් ඇති බවට සැක කළ කාන්තාවක් ජීවත්වීමේ පුවතක් කුරුණෑගල, කටුපොත ප්‍රදේශයෙන් අද (20) වාර්තා විය.
කටුපොත, පොල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි දෙදරු මවක් හදිස්සියේ අතුරුදන්ව තිබුණි.
ඇය නිවසේ නොමැති බවට නිවැසියන් දැනගත්තේ අද (20) උදෑසන 6.30ට පමණි. අනතුරුව ඇය සෙවීම ආරම්භ කළ අතර නිවස අසල සිට මීටර් 100 ක පමණ දුරකින් පිහිටි පොල්පිටිය වැවේ ඉවුරේ තිබී ඇගේ අත්වාරුව සහ පාවහන් යුගළ සොයා ගැනුණි.
ඇයව සොයා ගිය පිරිසට අදාළ කාන්තාවගේ සිරුර හමුවී තිබුණේ, වැවේ ඇති ජලජ පෑලෑටි ගොඩක වැටි සිටියදීයි.
අදාළ කාන්තාව මියගොස් ඇති බවට තීරණය කළ පිරිසම මේ පිළිබඳව කටුපොත පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
නිවස මෘත දේහය රැගෙන ඒමට අවශ්‍ය කටයුතු ද ලහි ලහියේ සිදුවිය.
පොලීසිය ද පැමිණ සිද්ධිය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කළේය.
අනතුරුව උදෑසන 10.00ට පමණ මේ කාන්තාව වැටී සිටි ස්ථානයේ ජලජ පෑලැටි සෙලවීම හේතුවෙන් පිරිසට පෙනී ගියේ අදාළ කාන්තාව තවමත් ජීවත්ව සිටින බවයි. අ
නතුරුව රැස්ව සිටි පිරිස එම කාන්තාව වැවෙන් ගොඩගෙන කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණි. මේ වනවිට ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.










