හලාවත ,බටහිර ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අවුරුදු නමයක් වයස සිසුවියකගේ සිරුර නිවසේ ලණුවකින් එල්ලෙමින් තිබියදී අද සවස සොයාගත් බව හලාවත මූලස්ථාන පොලීසිය කියයි.Sri Lanka Latest News
මියගොස් ඇත්තේ සලනි පීරිස් නැමැති දැරියකි.
එම බාලවයස් සිසුවියගේ මරණය සැකකටයුතු මරණයක් ලෙස සලකා හලාවත මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම දැරියගේ මව වසර දෙකක පමණ කාලයක සිට විදෙස් රැකියාවක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි හලාවත මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
එම සිද්ධිය වන අවස්ථාවේ දැරියගේ පියා ගෙවත්තේ සිටුවා ඇති මල්වලට වතුර දමමින් සිට ඇතැයි පොලිසිය කියයි.
දැරියගේ සිරුර මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.










