ඊශ්‍රායලයේ යුද ගැටුම් හේතුවෙන් මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) ශ්‍රී ලංකාවට රැගෙන එන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි. (Sri Lanka Latest News)
කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පෙරවරු 9.45ට පමණ ගොඩබෑමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇයගේ දේහය රැගෙන එනු ඇත.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ද, ඊශ්‍රායල් රජය වෙනුවෙන් මෙරට සිටින නිර්වේතනික කොන්සල්වරයා සහ අනුලා රත්නායක මහත්මියගේ පවුලේ සාමාජිකයන් ඒ අවස්ථාවට එක්වීමට නියමිත බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
අනතුරුව අනුලා රත්නායක මහත්මියගේ දේහය කැලණිය ඊරියවැටියේ පිහිටි ඇයගේ නිවෙසට රැගෙන යෑමට නියමිතයි.
dinamina










