බදුල්ල පස්සර 10 කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මියගිය තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.Sri Lanka Latest News
පස්සර පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී මෙම මළ සිරුරු සොයා ගෙන ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි සහ 33 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.










