• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් අනුර-සජිත්-රනිල්-නාමල් උගත යුතු ලොකු පාඩම! Sri Lanka Latest News

May 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් අනුර-සජිත්-රනිල්-නාමල් උගත යුතු ලොකු පාඩම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත්වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු බව අමතකව ගියද, ජනාධිපතිවරයාගේ මාස හතක ධුර කාලය තුළ ලැබූ මෙම ප්‍රතිඵලය විසින් ඔහු යළි දෙපයින් සිටුවා තිබේ. Sri Lanka Latest News

පළාත් පාලන මැතිවරණය ජනතා පරමාධිපත්‍යය සමග සම්බන්ධ ජාතික මැතිවරණයක් නොවේ. එහි අරමුණ නගර, ගම් පාලනය කිරීම සඳහා පළාත් පාලන ඒකක වෙනුවෙන් මහජන නියෝජිතයන් පත්කර ගැනීමයි. පළාත් පාලනය සඳහා අවශ්‍ය වන්නේ ඒ සඳහා දක්ෂ ප්‍රාදේශීය නායකයන්ය. ඔවුන්ට මහජන සම්බන්ධතා පැවැත්වීමේ ඉහළ හැකියාවක් තිබිය යුතුය. එසේම, පළාත් පාලනයේදී ජාතික දේශපාලනයට වඩා වැදගත් වන්නේ පුද්ගල නායකත්වයයි. නිර්මාණය කර තිබෙන සමානුපාතික ක්‍රමය දේශපාලනික තරගකාරීත්වයෙන් තොරව පළාත් පාලනය සඳහා නියෝජනය තහවුරු කර දෙන ක්‍රමයකි. ගමට වැඩකරන්නට අවශ්‍ය නම් පළාත් පාලනය ඒ තිබෙන විදිය නරක නැත.
ජාතික ජන බලවේග ආණ්ඩුව ද පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙහි කිසිදු වෙනසක් සිදුනොකර මැතිවරණ පැවැත්වීය. එහෙත්, ඔවුහු එය ජාතික දේශපාලනයේ පරමාධිපත්‍යය හා සම්බන්ධ මැතිවරණයක මට්ටමට ගෙන ආහ. ජනාධිපතිවරයා පෞද්ගලිකවම මැදිහත්ව ජනාධිපති ධුරයේ වරප්‍රසාද භාවිත කරමින් දිවයින පුරා මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේය. මැතිවරණ වාසි ලබාගැනීම සඳහා දළදා වන්දනාවක් ද පාවිච්චි කළේය. එසේම, අතිවිශාල ධනස්කන්ධයක් වැයකරමින් මහා මැයි රැලියක් ද පැවැත්වූහ. රාජ්‍ය බලය මැතිවරණ ප්‍රචාරණය සඳහා විවිධාකාරයෙන් භාවිත කළහ. අගමැතිනිය ඡන්ද නීති කඩන්නැයි පාක්ෂිකයන්ට උපදෙස් පවා දුන්නාය. ප්‍රතිඵලය කුමක්ද?

මෙම මැතිවරණය විසින් ජනතා පරමාධිපත්‍යය හමුවේ ජාතික ජන බලවේගයේ බලය ප්‍රශ්න කර තිබේ. ඔවුන් අසමත්ව ඇත. කොළඹ, ගම්පහ අගනාගරික ජනයා ඔවුන් පිළිගෙන ඇති බව පෙනේ. එහෙත්, ග්‍රාමීය ප්‍රදේශ රැසක ඔවුන්ගේ බලය ප්‍රශ්න කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළේ මතුගම, දොඩම්ගොඩ, අගලවත්ත, පාලින්දනුවර, වලල්ලාවිට, බුලත්සිංහල, මදුරාවල ප්‍රාදේශීය සභාවල මාලිමාවේ පසුබෑම කැපීපෙනේ. උතුරු-නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනයා ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර ඇත. එසේ වූයේ ඇයි?

ජාතික ජන බලවේගය බොහෝ දුරට රාජ්‍ය නොවන සංවිධාන විසින් ප්‍රවර්ධනය කරන ලද සමාජ ප්‍රමිතීන්ට අනුකූල, නාගරික, සෝබනකාර, පාරිභෝජනවාදී මධ්‍යම පන්තිය තුළ ශක්තිමත් වී ඇත. ඔවුන්ගේ සාම්ප්‍රදායික බල පදනම වන මධ්‍යම පන්තියේ පහළ ස්ථරය තුළ ඔවුන්ගේ ශක්තිය දෙදරා ඇත.

ජාතික ජන බලවේගයේ මාස හතක පාලනය තුළ ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩාළ වී ඇත. රට නැවත බංකොළොත් වීමේ අවදානමක් මතු කරමින් අනාගතය අවිනිශ්චිත වී ඇත. ජාත්‍යන්තර දේශපාලනයේ ස්වෛරීභාවය අහිමි කරගෙන ඇත. ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් මහජන ආරක්ෂාව දුර්වල කර ඇත. පොලිසිය පසුබස්වමින් අපරාධ කල්ලි පාලනය ඉස්මතු වී ඇත. සමාජ බෙදීම් වැඩිවී ඇත. අරාජිකත්වය වර්ධනය වී ඇත.

මෙම මැතිවරණය විසින් ජාතික ජන බලවේග ආණ්ඩුවට ඉතා පැහැදිලි සංඥාවක් දී තිබේ. එය ඔවුන් නිවැරදිව කියවාගත යුතුය.
ජාතික ජන බලවේගය විසින් හොරුන් යැයි බැහැර කරන ලද බලවේගය ජනතාව විසින් පිළිගෙන තිබේ. මෙය හොරු ප්‍රබන්ධකරණයට කනේ පහරකි.
ජාතික ජන බලවේගය ආණ්ඩුකරණයේදී පක්ෂ කල්ලියක් වීම නවත්වා සෙසු පක්ෂ සමග එක්ව කටයුතු කළ යුතුය. ඉදිරි අභියෝගවලදී එය අතිශය වැදගත් වේ.
තමන් සුපිරිසිදු බලවේගයක් යැයි බොරුවක් මත පදනම්ව සෙසු ජනයා බෙදා වෙන්කර බැහැර කිරීම නවත්වා සියල්ලන් ඇතුළත් කරගන්නා ආණ්ඩුකරණයකට ජාතික ජන බලවේගය යොමු විය යුතුය. බොහෝ පළාත් පාලන ආයතනවල සභාපති ධුරය දිනාගත හැක්කේ තමන් මෙතෙක් හොරුන් යැයි හංවඩු ගැසූ සෙසු පක්ෂවල සහයෝගයෙන් වීම ඉතා හොඳ තත්ත්වයකි.

ජාතික ජන බලවේගය එක්කෝ වැඩි වැඩියෙන් සෙසු බලවේග සමග එක්වෙමින් සාමාන්‍ය දේශපාලන පක්ෂයක් බවට පත්විය යුතුය. නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ නම් ‘අසාමාන්‍ය, උද්ධච්ඡ, දෘෂ්ටිවාදී, ආන්තික’ පක්ෂය ලෙස යළි 3%ට පල්ලම් බැසිය යුතුය. මෙය ‘ගෙදර ගියොත් අඹු නසී – මග සිටියොත් තෝ නසී’ තත්ත්වයකි.
දැන්වත්, පක්ෂ ලේකම්ලාගේ, දිසා ලේකම්ලාගේ අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස ලබාදී ඔවුන්ට නායකයන් ලෙස ගොඩනැගෙන්නට අවස්ථාව ලබාදිය යුතුය. ඔවුන් කැඩී යනු ඇතැයි හුඹස් බියෙන් වැඩක් නැත. 2004 අත්දැකීම සිහිපත් කරගත යුතුය. ඒ රැල්ලෙන් පත්වූ පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීන් අතරින් විශාල පිරිසක් පක්ෂයෙන් ඉවත් වූහ. නායකයන් ලෙස කොහේ හෝ ඉතිරි වූයේ සුළු පිරිසකි.

මෙම මැතිවරණය විසින් විපක්ෂයට ද වැදගත් පණිවුඩයක් ලබාදී ඇත. ඉදිරියේදී ඇතිවන අභියෝගය හමුවේ විපක්ෂයට පැත්තකට වී බලා සිටිය නොහැකිය. බොහෝ දුරට සමාන අරමුණු සහිත සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කළ යුතුය. සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිගත යුතුය.
බොහෝ දුරට සමාන අරමුණු සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා තවත් කණ්ඩායම් නැවත එක්සත් විය යුතුය. නාමල් රාජපක්ෂගේ නැගී එන නායකත්වයට ඉඩදිය යුතුය.

ජාතික ජන බලවේගයේ පක්ෂ ඒකාධිපති වියරුවට එරෙහිව මෙම බලවේග දෙක ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කළ යුතුය.
ඉදිරියේදී ඇති වීමට ඉඩ තිබෙන ආර්ථික අර්බුදය හමුවේ කලින් ජවිපෙ කළ පරිද්දෙන් කෙසේ හෝ බලය ලබාගැනීම වෙනුවට ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ වගකීම්සහගත දේශපාලනයකට විපක්ෂය යොමුවිය යුතුය.

ඉදිරි නායකත්වය භාරගැනීමට අලුතින් ගොඩනැගෙන තරුණ තරුණියන්ට වැඩි අවස්ථා ලබාදිය යුතුය.
මෙම මැතිවරණයේදී වඩාත්ම කැපීපෙනෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ඉදිරියට පැමිණීමයි. කොවිඩ් අධිවසංගතය හා වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ වැරදි නායකත්වය හා වැරදි ආරක්ෂක ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට හා සාමාජිකයන්ට ගෙවල් ගිනි තැබීම්, මහමග පොලුවලින් ගසා මරාදැමීම්, දේපළ විනාශයන් ඇතුළු ත්‍රස්තවාදී භීෂණයකට මුහුණ දෙන්නට සිදුවිය. ඔවුන්ට තම වැරදි නිවැරදි කරගෙන පුනරුත්ථාපනය වීමටත්, ත්‍රස්තවාදය පරාජය කරමින් යළි නැගී සිටීමටත් අවස්ථාව ලැබිය යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ

SendShareShare
Previous Post

නිළි රැජිනට අනුර-සජිත්-මහින්ද ශෝකය පළ කරයි! I Sri Lanka Latest News

Next Post

රත්තරන් T56ට දුමින්දත් රිමාන්ඩ්! දැන් හිටපු ඇමැතිවරු 5ක්ම ඇතුළේ!  I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.