• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිගම සභාපති මරන්න ගහපු ගේම් එකේ මුල-මැද-අග සියල්ල හෙළිකරගනී! මහමොළකරු ඕමාන පොලිස් අත්අඩංගුවේ ඉන්න හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වෙන මිදිගම චූටි! තුවක්කුව දුන්නේ ලසන්තව මරන්න විනාඩි 10කට කලින්! ලක්ෂ 15ක සල්ලි බෑග් එක අතටම ගෙනත් දීලා! වෙඩික්කරු අල්ලා ගත්තේ AI තාක්ෂණයෙන් හදපු ෆොටෝ එකකින්! ගේමට සම්බන්ධ අනෙක් අය රටින් පැන්න අපරාධකරුවන්ගේ ලයිස්තුවේ නැති අයලු! I Sri Lanka Latest News

October 28, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ලසන්තව සභා ඇතුළේදීම මරා දැමූ සැකකරු මහපාරේදීම සියල්ල වමාරයි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ඩුබායි රජිත! ඔක්කොම මිදිගම රුවන්ගේ මිදිගම චූටිගේ ගෝලයෝ! ගාණ ලක්ෂ 15යි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කර මහ­තාගේ ඝාත­නය ඩුබායි සිට කණ්ඩා­ය­මක් විසින් මෙහෙ­යවා ඇති අතර හරක් කටාගේ ප්‍රධාන ගෝල­යෙක් වන මිදි­ගම චූටි සිටින බවට විම­ර්ශන නිල­ධා­රීන්ට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.Sri Lanka Latest News

මිදි­ගම චූටිට එරෙ­හිව ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් රතු නිවේ­ද­න­යක් පවා නිකුත් කර ඇත. ඒ අනුව ඕමාන පොලී­සිය මඟින් පසු­ගිය ජුනි මාස­යේදී ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව ඒ බව ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් ඕමාන පොලී­සිය මෙර­ටට නිල වශ­යෙන්ද දැනුම්දී තිබී ඇත. ඔහුට එරෙ­හිව එරට අධි­ක­ර­ණයේ නඩු­වක් පව­තින බැවින් නඩුව අව­සන් වීමෙන් අන­තු­රුව මෙර­ටට භාර­දෙන බවද දැනුම්දී තිබී ඇත. මිදි­ගම චූටි විසින් මෙම ඝාතන සැල­සු­මට සම්බන්ධ වී ඇතැයි හෙළි­ වන්නේ ඔහු ඕමාන් අත්අ­ඩං­ගුවේ සිටි­ය­දීය. වැලි­ගම සභා­ප­ති­ව­ර­යාගේ ඝාත­නය මෙ‍ෙහ­ය­වී­මට ඔහු සම්බන්ධ වූ බව සඳ­හන් දුර­ක­තන අංක ද මේ වන විට අනා­ව­ර­ණය වී තිබේ. එම අංක ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් ඕමා­න­යට යොමු­කර තව­දු­ර­ටත් තොර­තුරු සොයා බලන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙම ඝාත­නය සඳහා වෙඩි­ක්ක­රුව මෙහෙ­යවා ඇති ඩුබායි කණ්ඩා­යම අතර රජිත නමැත්තා මෙන්ම ඩුබායි ලොක්කා නමැ­ත්තාද සිටින බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ. ඔවුන් දෙදෙනා වෙඩි­­ක්කරු සමඟ ඩුබායි සිට ජංගම දුර­ක­තන අංක කිහි­ප­යක් ඔස්සේ සම්බන්ධ වෙමින් වෙඩි­ක්ක­රුව මුළු­ම­නින්ම මෙහෙ­යවා ඇති බවද අනා­ව­ර­ණය වී ඇත. වෙඩි­ක්ක­රුට මෙම ඝාත­නය සඳහා ගිනි අවිය ලැබී ඇත්තේ ප්‍රාදේ­ශීය සභාව කිට්ටුව ස්ථාන­ය­ක­දීය. ඩුබායි සිට ලැබුණු උප­දෙ­ස්ව­ලට අනුව වැලි­ගම පිහිටි පාල­මක් අස­ලට ගිය අව­ස්ථා­වේදී එතැ­නට පැමිණි පුද්ග­ල­යෙක් ගිනි අවිය ඔහු අතට පත්කර තිබේ. එම අවිය ඔහුට ලබාදී ඇත්තේද වෙඩි තැබීම සිදුවූ දින උදෑ­සන කාල­යේ­දීය. ගිනි අවිය රැගෙන ඔහු යතු­රු­පැ­දි­කරු සමඟ වැලි­ගම ප්‍රාදේ­ශීය සභා­වට කෙළින්ම ගම­න්කර ඇත. ගිනි අවිය ලබා­ගත් ස්ථානයේ සිට විනාඩි 10ක් තුළ ප්‍රාදේ­ශීය සභා­වට ගොස් සභා­ප­ති­ව­ර­යා­ට‌ ­වෙඩි තබා පලා­යන අත­ර­තුර ගිනි අවිය නැවත ලබා­ගත් ස්ථාන­යේ­දීම රැගෙන ආ පුද්ග­ල­යා­ටම භාරදී පලාගොස් තිබේ.

වෙඩි තැබූ දින ඔහු සිය මහ­ගෙ­ද­රට ගොස් දවස එහි ගත­කර ඇති බවට තොර­තු­රුද අනා­ව­ර­ණය වී ඇත. ඩුබායි සිට ඔහුට මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව භාර­දුන් පුද්ග­ල­යන් විසින් එදින සවස රුපි­යල් ලක්ෂ 15ක මුදල ඔහු අතට ලැබී­ම­ටද කට­යුතු කර ඇතැ­යිද විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ. ගමන් මල්ලක දැමූ එම මුදල මාතර ප්‍රදේ­ශ­යේදී ඔහු අතට ලැබී ති‍‍බෙන බව සඳ­හන්ය.

සිය බිරිඳ සහ දරුවා රැගෙන අම්බ­ල­න්තොට බිරි­ඳගේ මහ ගෙද­රට පසු­දින ඔහු ගොස් ඇත්තේ පොලී­සිය ඔවුන් පස්සේ පන්නන බැවින් පලා­යන ලෙස ඩුබායි සිට ලැබී ඇති උප‍‍‍‍ෙ­ද­ස්ව­ලට අනු­වය.

බිරි­ඳගේ මහ ගෙද­රට ගොස් අට හැවි­රිදි දරුවා එහි දමා බිරි­ඳත් සමඟ වෙඩි­ක්කරු පලා­යන්නේ කත­ර­ගම දෙස­ටය. යතු­රු­පැ­දි­ක­රුද එහිදී මොවුන් සමඟ එක්ව ඇති අතර ඔවුන් ගම­න්කර ඇත්තේ ඩුබා­යි­ව­ලින් ලද උප‍දෙ­ස්ව­ලට අනු­වය. ගල්ගේ ප්‍රදේ­ශ­යේදී අලි ප්‍රහා­ර­ය­කට ද මොවුන් ලක්වී­මට ගොස් ඇති බව සඳ­හන්ය. සභා­ප­ති­ව­රයා ඝාත­න­යට වෙඩි­ක්කරු රැගෙන ගමන් කළ යතු­රු­පැ­දියේ පැදි­කරු ගමන් කළ යතු­රු­පැ­දිය අත­හැර දමා ඇත්තේ ගල්ගේ ප්‍රදේශ‍යේ කැලෑ­බද ස්ථාන­ය­කය. එම ස්ථානයේ ලොකේ­ෂන් එක ඩුබායි වෙත යොමු­කර ඇති බවද අනා­ව­ර­ණය වී තිබේ. යතු­රු­පැ­දිය සොයා පොලී­සිය එම ස්ථාන­යට පෙරේදා ගියද යතු­රු­පැ­දිය එහි තිබී සොයා ගන්නට ලැබී නැත.

යතු­රු­පැ­දිය අත­හැර දැමූ පසු ‍ පැදි­ක­රු­වත් සිය බිරි­ඳත් ඔහු පැදවූ යතු­රු­පැ­දියේ නංවා­ගෙන වැල්ල­වාය, රිදී­මා­ලි­යද්ද, මහි­යං­ග­ණය, බක­මූණ හරහා ගමන් කර­මින් සිට ඇත්තේ අනු­රා­ධ­පු­රය වෙතය. ඒ යන අතර තුර ඔහු කැකි­රාවේ නවා­තැන් ගෙන ඇත්තේ මත්කුඩු භාවිත කිරීම සඳ­හාය. වෙඩි­ක්කරු කාල­යක් කැකි­රාවේ නවා­තැන් ගෙන සිටි­මින් බැකෝ යන්ත්‍ර­යක සේව‍යේ නිර­තව සිට ඇත. එහිදී දැන හඳු­නා­ගත් වඩේ අලෙවි කර­න්නෙ­කුට දුර­ක­තන ඇම­තු­මක් ලබාදී තිබේ. එම වඩේ අලෙවි කරන්නා හමු­වී­මෙන් පසු ඔහුට රුපි­යල් 25,000ක් දී හෙරො­යින් ගෙන­විත් දෙන ලෙස පවසා ඇත. හෙරො­යින් ගෙන­විත් දෙන තෙක් ඔවුන්ට නවා­තැන් ගැනී­මට ඉඩ සලසා දී ඇත්තේ කැකි­රාවේ නිවාස 50 ප්‍රදේ­ශයේ ඉදි­ක­ර­මින් පැවති නි‍ෙව­ස­කය. වඩේ වෙ‍ළෙන්දා මුදල් රැගෙන ගියද නැවත පැමිණ නැත.

ඒ අතර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් දුර­ක­තන ජාල විශ්ලේ­ෂ­ණ­යක් ඔස්සේ සැක­කරු රැඳී සිටින ස්ථානය හඳුනාගෙන කැකි­රාව පොලී­සිය, පොලිස් විශේෂ කාර්ය බළ­කාය සහ යුද හමු­දාවේ සහය ඇතිව ප්‍රදේ­ශය වට­කර සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට මෙහෙ­යු­මක් දිය­ත්කර තිබේ. වෙඩි­ක්කරු සමඟ වැලි­ගම සභා­පති ඝාත­න­යට ගිය යතු­රු­පැ­දි­කරු, වෙඩි­ක්ක­රුගේ බිරිඳ සහ තවත් අයෙක් පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගත්තද වෙඩි­ක්කරු වන සැක­කරු එම අව­ස්ථා­වේදී පොලී­සිය සමඟ පොර­බදා පලා­ගොස් තිබිණි.

එසේ පලා­ගිය සැක­කරු කැකි­රාවේ සිට කොළඹ බලා පැමිණ ඇත්තේ ඩුබායි සිට ඔහු මෙහෙ­යව­මින් සිටි පුද්ග­ලයා විසින් දුර­ක­ත­නය ඔස්සේ ලබා­දුන් උප­දෙ­ස්ව­ලට අනු­වය. ඔහු කොළඹ පිට­කො­ටු­වේදී රුපි­යල් 20ක් කමි­යු­නි­කේ­ෂන් එක­කට ලබාදී සිය ජංගම දුර­ක­ත­න­යද විනාඩි 20ක් තුළ ආරෝ­ප­නය කර­ගෙන ති‍බේ.

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කර මහ­තාගේ ඝාත­නයේ වෙඩි­ක්කරු සොයා පොලී­සිය පෙරේදා (26) කොළඹ පීර­මින් දැඩි සෝදි­සි­යක් දියත් කරනු ලබන්නේ ඔහු කොළ­ඹට පැමිණ ඇති බව දුර­ක­තන ජාල විශ්ලේ­ෂණ ඔස්සේ හදුනා ගැනී­මත් සම­ඟනි. ඒ වන­වි­ටත් ඔහු සිට ඇත්තේ දැඩි මත්ද්‍රව්‍ය අව­ශ්‍ය­තා­ව­­කිනි. අධික ලෙස හෙරො­යින් පාන­යට ඇබ්බැහි වී සිටි­න්නෙක් වන ඔහුව බොරැල්ල සහ­ස්පු­රට යවා ඇත්තේද ඩුබායි සිට ඔහුව මෙහෙ­යවූ පුද්ග­ල­යන්ය.

ඩුබායි සිට දුර­ක­තන ඇම­තුම් දෙමින් ඔහුව මෙහෙය වූ පුද්ග­ලයා බොරැල්ල සහ­ස්පු­රදී යම් පුද්ග­ල­යෙක් ඔහුට මුණ­ග­ස්සවා තිබේ. එම පුද්ග­ල­යාගේ නි‍ෙව­සට ගොස් ඔහුත් සමඟ හෙරො­යින් පානය කර ඇති සැක­කරු කොණ්ඩ රැවුල් කපා­ගෙන ඇත්තේද සහ­ස්පුර පිහිටි සැලුන් එක­කිනි. රැවුල් කොණ්ඩය කපා ස්වරූ­පය වෙන­ස්කර ගන්නා ලෙස ඔහු‍ට දැනුම් දී ඇත්තේද ඩුබා­යි­ව­ලිනි. ඒ පොලී­සිය ඔහු‍ෙග් ඡායා­රූ­පය ප්‍රසිද්ධ කර­මින් අල්ල­න්නට සොයන බව පව­ස­මිනි. ඒ අනුව සිය ස්වරූ­පය වෙන­ස්කර ගන්නා ඔහු පැය කිහි­ප­යක් බොරැල්ල සහ­ස්පුර රැඳී සිට සිය ජංගම දුර­ක­ත­නයේ සිම් කාඩ්පත ගලවා දුර­ක­ත­නය තමා සමඟ මත්කුඩු භාවිත කළ පුද්ග­ල­යාට ලබාදී පිටත්ව ඇති බව සඳ­හන්ය. ඒ යන අතරතුර එම සිම්පත වෙනත් දුර­ක­ත­න­ය­කට දමාගෙන එය භාවි­ත­කර ඇති බව කියවේ. ඔහු සතුව දුර­ක­තන දෙකක් මුල සිටම තිබී ඇති බව ද අනා­ව­ර­ණය වී තිබේ.

අතරමඟදී ඔහු වෙ‍ළෙඳසැල­කින් කැප් එකක් සහ අවු කණ්ණා­ඩි­යක් ද මිලදී ගෙන එය පැල­ඳ­ගෙන ගම­න්කර ඇති බව සඳ­හන්ය.

සහ­ස්පුර පුද්ග­ල­යාට ඔහු ලබා­දුන් ජංගම දුර­ක­ත­න­යද පොලී­සි­යට හමුවී ඇත. එම පුද්ග­ල­යාව ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. එම ජංගම දුර­ක­ත­නය මෙන්ම අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථාව දක්වා සැක­කරු භාවිත කළ දුර­ක­ත­නය සම්බ­න්ධ­යෙන්ද වෝහා­රික පරී­ක්ෂා­වක් සිදු­ක­ර­මින් සැක­කරු සම්බ­න්ධ­කම් පැවැත්වූ පුද්ග­ල­යන්ගේ මෙන්ම ඔහුව මෙහෙ­ය­වන ලද පුද්ග­ලයා සම්බ­න්ධ­යෙන් තොර­තුරු අනා­ව­ර­ණය කර ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් විම­ර්ශන ආරම්භ කර තිබේ. මෙම සැක­කරු බොරැල්ලේ සිට කොට්ටා­වට ගොස් එහි සිට මහ­ර­ග­මට පැමිණ ඇත. අන­තු­රුව ඔහු නාවින්නේ පිහිටි ජංගම දුර­ක­තන අලෙවි ස්ථාන­ය­කට ගොස් පිට­තට එන අව­ස්ථා­වේදී රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට ඔහුව නිරී­ක්ෂ­ණය වීමෙන් අන­තු­රුව කොටු­ක­ර­ගෙන තිබේ.

ඔහුව කොටු­කර ගැනී­මට ප්‍රදේ­ශ­වා­සීන් පිරි­සක් ද සහාය දී ඇත. පලා­ය­මින් සිටි සැක­කරු අල්ලා ගැනී­මෙන් අන­තු­රුව ඒ වන­වි­ටත් ඔහුව සොයා මහ­ර­ගම හා ඒ අවට සැරි­ස­ර­මින් සිටි බුද්ධි අංශ නිල­ධා­රීන් සහ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට පිය­වර ගෙන තිබේ. එම අව­ස්ථා­වේදී ඔහු­ගෙන් ප්‍රශ්න කරන ආකා­රය දැක්වෙන වීඩි­යෝ­වක් ද මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය විය. එහිදී ඔහු ඩුබායි ලොක්කා යැයි යම් පුද්ග­ල­යෙක් ගැන සඳ­හන් කර තිබේ. විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත්තේ මෙම සැක­ක­රුව මෙහෙ­යවා ඇත්තේ ඩුබා­යිහි රැඳී සිටින රජිත සහ ඩුබායි ලොක්කා යන අය බවය.

රටින් පලා­ගොස් විදේ­ශ­ග­තව රැඳෙ­මින් මෙරට අප­රාධ මෙහෙ­ය­වන පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන්‌ගේ ලැයි­ස්තුවේ මේ කියන පුද්ගල නාම නොමැති බව ද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

වෙස් මාරු­ ක­ර­ගෙන සිටි­යත් වෙඩි­ක්ක­රුව හඳුනා ගැනී­මට පොලී­සි­යට හැකි­යාව ලැබෙන්නේ ඒ අයි තාක්ෂ­ණ­යෙන් සැක­ක­රුගේ රූව 08ක් විවිධ ස්වරූ­ප‍යෙන් සක­ස්කර ඒ හැම රූප­යක් සම්බ­න්ධ‍ෙන්ම අව­ධා­න­යෙන් සැක­කරු පස්සේ පැන්නීම නිසා බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය. වැලි­ගම සභා­පති ඝාත­නය වෙනු­වෙන් වෙඩි­ක්ක­රුට ලද රුපි­යල් ලක්ෂ 15ක මුද­ලින් රුපි­යල් ලක්ෂ දොළ­හ­මා­රක පමණ මුද­ලක් කැකි­රා­වේදී අත්අ­ඩං­ගු­ව­ට­ ගත් ඔහුගේ බිරිඳ සතුව තිබී සොයා­ගෙන ඇත.

වෙඩි ප්‍රහා­ර­යට යෑමට පෙර යතු­රු­පැදි ආර­ක්ෂක හිස් වැසුම්, ඇඳුම්, දුර­ක­තන මිලදී ගැනී­ම­ටද රුපි­යල් 50,000ත් 100,000ක් පමණ මුද­ලක් වැය කර ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.

තවත් රුපි­යල් 25,000ක් කැකි­රා‍වේදී වඩේ වෙළෙ­න්දාට දී ඇත. සෙසු මුදල් අත­ර­මඟ කෑමට බීමට සහ වෙනත් කට­යුතු සඳහා වැය වී ඇතැයි හෙළිවී ඇත.

ගයාන් කුමාර වීර­සිංහ -දිනමිණ

SendShareShare
Previous Post

21 නුගේගොඩ රැළියට සජබ එනවද? එයි කියලා හිතනවා.. -ගම්මන්පිල! 21 රැළියට සජබ යනවද? නෑ.. සජබෙ යන්නෙ නෑ.. – මරික්කාර් VIDEO I Sri Lanka Latest News

Next Post

ඝානාවේ රත්තරන් ඩීල් එකකට මන්ත්‍රී හිස්බුල්ලා ඩොලර් මිලියන 2ක් දාලා! අන්තිමේ රත්තරනුත් නෑ! ඩොලර් මිලියන 2ත් නෑ! දැන් වත්කම් ප්‍රශ්නෙකුත් ඇදෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.