• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරාණෙට පරාණයක්! මහා බෙහෙත් මගඩිය! විගණනයෙන් හෙළිකරන රහස! Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කිසියම් තැනෙක සිදුවන අපරාධ හෝ දූෂණ වංචා හෝ මාධ්‍ය මගින් සමාජගත කිරීමෙන් මාධ්‍යකරුවෝ අපේක්‍ෂා කරන්නේ පවත්නා ආණ්ඩුවකට හෝ ආයතනයකට හෝ පුද්ගයකුට හෝ කණ්ඩායමකට හෝ මඩ ප්‍රහාර එල්ල කිරීමට නොව ඒ කරුණු නිවැරැදි කර මහජනයාට යහපතක් කිරීමයි. එමතුද නොව ආණ්ඩුව සමග ඊට වගකිව යුත්තෝ නෑසූ කන්ව අඳබාලයන් සේ සිටින්නේ නම් එමගින් දැනුවත් කෙරෙන යහපත් පුරවැසියන් ලවා හෝ වරද නිවැරැදි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. (Sri Lanka Latest News)

දුටුගැමුණු උන්නාන්සේ කඩුවෙන් කළ දේ හරි හෝ වැරදි හෝ කීම අපට අයත් කරුණක් නොවේ. එහෙත් උන්නැගේ කඩුවෙන් කළ දේට වඩා දෙයක් රට වෙනුවෙන් පෑනට කළ හැකි බව නම් පෑන අතට ගත්තෝ දනිති. ‘මව්රට’ පෙන්වා දෙන්නේත් කරන්නේත් ඒ භාරදූර වගකීමයි. නැතහොත් මහජනතාව දැනුවත් කිරීමයි.

වර්තමාන සමාජයේ බොහෝ උන් නිර්වින්දනය වූවන් බවද කිව යුතුය. ගෙහෙඩියා වැනි උන් ප්‍රමුඛ කොටගත් නිලධාරීන් යැයි කියන හිවලුන් රෑනක් රටට මේසා මහත් විනාශයක් කරමින් රටේ මිනිසුන් එක එකා පරලොව යවද්දීත් අත කට පියාගෙන කට බලියාගෙන සිටිය හැක්කේ හරිහමං අප්පෙකුට ජාතක වූ වකුට මිස බත්බුලත් කා හැදණු එකෙකුට නොවේ. කොළේ බැන්ද මීහරකුන් කොළේ කකා කමත වටා ගොම්පස් වපුරමින් රවුම් රවුම් යන අන්දමට උන් කරක් ගසන බවද සැබැවි. එහෙත් ඒ ගව ගතිය උන්ට මිස අපට නොවන බවද කිව යුතුය. කෙනෙක් මියයන්නේ එක් වරකි. හිර ගෙවල් ඉදිකර ඇත්තේද අපටමය.
සිහිමොළ ඇති මිනිසුනේ මේ දේවල් දිහා බලා ඉපදෙන්නට ඉන්න එවුන් ගැනවත් හිතාපල්ලා.
ඖෂධ සැපයුම්කරුවන් තාක්‍ෂණික ඇගයීම් කමිටුවකින් තෝරාගත යුතු බව මෙන්ම සියලු ඖෂධ ලියාපදිංචි කර තිබිය යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ අවධාරණය කර ඇත. ඒ මහජනයාගේ පණනළ රැකදීමටය. එම නියෝග අලුයම ලූ කෙල පිඬක් සේ නොසලකා උල්ලංඝනය කර හදිසි මිලදී ගැනීම සඳහා ප්‍රධාන විධායක නිලධාරියා අනුමැතිය දී තිබේ. මේ නිසා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මිලට ගැනෙන වටිනාකමට වඩා ඉහළ වියදමකට ඖෂධ මිලට ගෙන තිබේ.

Human Immunoglobulin නමැති ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කර සපයන බව සැපයුම්කාර Isolez Biotech Pharma සමාගම ගිවිසගෙන ඇතත් එවැනි ඖෂධයක් ආනයනය කර නැති බව ආනයන අපනයන පාලක සහ ශ්‍රී ලංකා රේගුවේ වාර්තා අනුව සනාථ වී ඇති අතරම එම ඖෂධ නිෂ්පාදනය කරනු ලබන ඉන්දියානු සමාගම තමන් එම ඖෂධය නොසැපයූ බව ද තහවුරු කර තිබේ.

ඒ අනුව, සැපයුම්කරු විසින් සපයනු ලැබ ඇත්තේ ව්‍යාජ ඖෂධයක් බවද, යථෝක්ත නාමදාරී සමාගම එම ඖෂධය, ඖෂධ නියාමන අධිකාරි පනතේ විධිවිධානවලට පටහැනිව මෙරටදී නිෂ්පාදනය කළ එකක් බවද විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව, එවන් ඖෂධ මිලට ගැනීමේදී සැපයීමේදී සහ රෝගීන් අතර බෙදාදීමේදී ඖෂධවල ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමේ වගකීම පැහැර හැර ඇති බව විගණනය කියයි.

මේවා දෙසට නෙත් නොහෙලන උන්ගෙ මොළ – පිරිලාවත්ද ගොම මැටි පස්වලින් බල?

එපමණක් නොව ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි මත ඖෂධ සැපයීමේ ඇණවුම් ලබාදී තිබේ.
ඖෂධ වර්ග 311ක තොග 2022 මැයි 13 වැනි දින වනවිට ශූන්‍ය out of stock බව සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වර යා විගණනයට ලිඛිතව පවසා තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 23,123 හෙවත් දෙදහස් තුන්සිය fදාළොස් කෝටි තිස් ලක්ෂයක් (23,12,30,00,000) ගෙවීමට සිදුව ඇති බව විගණනයට පවසා තිබේ.

ආනයනය කෙරෙන යමක් රේගුවෙන් නිදහස් කරගැනීමේ ක්‍රමයට නිෂ්කාශනය කරගැනීම යැයි තියති. ඒ සඳහා නීතිමය අවසරයක් තිබිය යුතුය. (මෙරට ජන ජීවිතයට පරිසරයට සතා සිවුපාවාට වියහැකි අනතුරු වැළකීම සඳහා එසේ කළ යුතුය) ඒ නීති රීති තමන්ගේ වාසියට හරවා ගෙන ඇති ප්‍රධාන විධායක නිලධාරියා 2022 ජනවාරි මාසයේ සිට 2023 ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ නීතියට පටහැනි නිෂ්කාශන අනුමැති 3202ක් ලබාදී තිබේ. නීතියට පටහැනිව දුන් එවන් නිෂ්කාශන පනත් යටතේ නිදහස් කෙරුණු ඖෂධ තොග භාවිතයෙන් ඉවත් කිරීමටද, භාවිතය තාවකාලිකව අත්හිටුවීමටද, භාවිතය වැළැක්වීමට ද සිදුවී ඇත.

ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ 2020 වර්ෂයේදී ආනයනය කරන ලද හෘද, අක්මා, වකුගඩු රෝග සහ අධිරුධිර පීඩනය වැනි අධි රෝගී තත්ත්ව සඳහා භාවිත කිරීමට නියමිත Bupivacaine Syrupl බෝතල් 6000 තත්ත්වයෙන් අසමත් (බාල) බවට වාර්තා වනවිටත් තොගයෙන් සියයට අනූඅටක ප්‍රමාණයක් (98%) රිජ්වේ ළමා රෝහල ඇතුළු රජයේ රෝහල් ගණනාවක රෝගීන් උදෙසා භාවිත කර ඇතැයි විගණනයට අනාවරණයව ඇත.

ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ 2022 රජයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් මිලයට ගන්නා ලද Bupivacaine ඖෂධය භාවිත කිරීමෙන් පසු පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී කාන්තාවන් දෙදෙනෙක් මියගොස් ඇත්තාහ. එම ඖෂධයම භාවිතයෙන් රෝගීන් විශාල පිරිසකට දැඩි අහිතකර ප්‍රතික්‍රියා Adverse Drug Recation-ADR සිදුවී ඇති බැවින් 2023.07.20 දින පැවති ආරක්‍ෂාව සහ අවදානම් ඇගයීමේ කමිටුව Safety and Risk Evaluation Subcommittee විසින් එම ඖෂධය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබීමට තීරණය කර තිබේ.

Bupivacaine 0.5% නමැති ඖෂධය ශල්‍යකර්මවලදී රෝගියා නිර්වින්ඳනය කරවනු ලැබීමට යොදා ගන්නකි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවකු නොවන සමාගමකට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයක් ලබාගැනීමට යටත්ව එන්නත් 68,750 රුපියල් හාරකෝටි හත්ලක්‍ෂ තිස් අටදහස් අටසිය දහනමයකට (4,07,38,819) Lim Pharmscueticals (Pvt) Ltd සමාගමෙන් මිලට ගෙන තිබේ.

එම තොගය 2023 පෙබරවාරි 13 දින වෛද්‍ය සැපයීම් අංශයට ලැබුණුදා සිට ජාතික රෝහල්, ශික්‍ෂණ රෝහල්, මූලික රෝහල් සහ වෙනත් සෞඛ්‍ය ආයතනවලට නිකුත් කරනු ලැබ තිබූ අතර පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී ඖෂධය භාවිත කළ පසු එක් ගර්භණී මාතාවක් මියගොස් තිබේ. එපණක් නොව තවත් කීපදෙනකුට ජීවිත තර්ජනවලට මුහුණදීමට සිදුවී ඇත්තේය.

ඖෂධයක් යැයි කියන ඒ විනාශකාරී මරඋගුල පිළිබඳ එම රෝහලේ විශේෂඥවරයකු විසින් එම රෝහලේම අධ්‍යක්‍ෂවරයා මගින් ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ පර්යේෂණාගාරයට දන්වන ලදුව කෙරුණ පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ නාශකය (ඖෂධයක් මිනීනොමරන හෙයින් මේවාට ඖෂධ යන වචනය කිව නොහේ) භාවිතය වෛද්‍ය සැපයීම් අධ්‍යක්‍ෂවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

2022 ජනවාරි සිට 2023 දක්වා කාලය තුළ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ 1,730 කින් 1,646ක් හෙවත් සියයට අනූපහක් (95%) සාම්පල් පරීක්‍ෂාව සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නැත.

එකී කාලය තුළ (2022 ජනවාරි සිට 2023 දක්වා) ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ පර්යේෂණාගාරයට ඉදිරිපත් කර තිබූ ඖෂධ සාම්පල 76ක් විශ්ලේෂණය කර තිබුණු අතර ඉන් සාම්පල 16ක් හෙවත් සියයට විසිඑකක් (21%) තත්ත්වයෙන් අසමත් (බාල) ඒවා බව සනාථ වීමෙන් විගණනය නිරීක්‍ෂණය කෙරෙන්නේ ලියාපදිංචිය සඳහා අධිකාරියට ඉදිරිපත් කෙරෙන සෑම ඖෂධ පහකින් එකක් ගුණාත්මකභාවය පිළිබඳ අවදානමක් පවත්නා බවයි. එසේ තත්ත්වයෙන් අසමත් ඖෂධ 16 අතුරෙන් 12ක්ම ආනයනය කළ ඖෂධ බව අනාවරණ වීම ගැන විගණන මතය වන්නේ දේශීය නිෂ්පාදනවලට වඩා ආනයනික ඖෂධ ගුණාත්මක භාවයෙන් අවදානම් බවයි. මේ කරුණු ගැන සිතීමේ දී තීරණය කළ යුතු වන්නේ ඇමැතියා (වරයා යන්න උත්තමයෙකුට (බුදුවරු-දෙවිවරු) යෙදෙන බැවින් මේ පාහරයාට එසේ යෙදීම උත්තමයන්ට කෙරෙන නිගාවකි) ප්‍රමුඛ උගේ අවලං නඩය වක්‍ර මාර්ගයෙන් මිනීමරා ඇති බවයි.
සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචි කිරීමෙන් සිදුවන විපත්ති ඉතා භයානකය. පසුගිය සමයේදී මාධ්‍ය මගින් ඒ හා බැඳුණු ජීවිත හානි, දෑස් අන්ධවීම් පමණක් නොව සෑහෙන දීර්ඝ කාලයක් ගතවූ පසුව ඇතිවන අතුරු ආබාධ පිළිබඳවද සමාජයේ මහත් ආරෝවක් ඇතිවූවේය.
ඒ සම්බන්ධව නැගුණු මහජන කෝපයේ තරම නන් දෙසින් ඇසුණු උද්ඝෝෂණවලින්ද ලොවට ප්‍රකාශ විය.

ඒ සියල්ලෙහි උච්චස්ථානය වගකිව යුතු ඇමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී ගෙනා විශ්වාසභංග යෝජනාව වූවේය. ඇමැතිවරයා වැඩි ඡන්දයෙන් දිනුවේය. ඒ සම්බන්ධයෙන් ජය පැන් පානය කිරීම සඳහා ලොකු සාදයක්ද පැවැත්විණි. ඉන්පසු සියලු fදා්ෂ අත්තෙන් අතුගෑවී ගියාසේ සමනය වූවේය.
රටේ සිදුවෙන දූෂණ වංචා පාර්ලිමේන්තුවට වාර්තා කරන්නේ ඔය කියන මහජන නියෝජිතයන් නොව ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නම් කර ඇති විගණකාධිපතිවරයායි.

සාම්පල් පරීක්‍ෂා කිරීමෙන් තොරව ගුණාත්මකභාවය ආරක්‍ෂාව සහ ප්‍රත්‍යක්‍ෂභාවය තහවුරු නොකළ ඖෂධ රට තුළට ආනයනය කර රෝගීන්ට බෙදාහැරීමෙන් සිදුවන අවදානම අතිමහත් බව විගණකාධිපතිවරයා නොකියා කියන්නේ පසුගිය සමයේ සිදුවූ ජීවිත හානි, දෑස් අන්ධවීම් ආදී මහජන විපත්ති ගැනය.

මේ සියල්ලට වගකිව යුතු කෙහෙළිය හිරේ දැමීමෙන් සියල්ල සමනය වූ බව මහජනයා හිතුවොත් මුළාවකි. ඈත අතීතයේ සිටම ඔය සිද්ධිමාලාව හොර රහසේ කෙරී තිබේ. තාම ඔය රාජකාරි කරන්නේ ඒ නිලධාරීන්මය. ආණ්ඩුමාරුවන විට ඔවුන්ගේ බෙල්ලේ ටයි පටිය පමණක් මාරුවේ.
වාර්තාගත අන්දමට ඒ අන්දමේ ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් වර්ග 250 වතාවක් පමණ භාවිතයෙන් ඉවත් කර තිබේ. 173 වතාවක් එවන් ඖෂධ තාවකාලිකව භාවිතය අත්හිටුවා ඇත. එපමණක් නොව සැපයුම්කරු විසින් සිය කැමැත්තෙන්ම (ස්වේච්ඡාවෙන්ම) තමන්ගේ සැපයුම් ඉවත් කර ගැනීම් ද විශාල සංඛ්‍යාවක් වාර්තාවී ඇත.

මහජනයාට දැනගත හැකි අන්දමට ඖෂධවල මිල නියාමනය හෙවත් මිල නියම කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රාජකාරියකි. අධිකාරිය විසින් ප්‍රථම වතාවට 2016 වර්ෂයේ දී ඖෂධ වර්ග හැටක් (60) වෙනුවෙන් ගැසට් මගින් මිල නියම කර තිබුණු අතර, මෑත කාලීන වසර 4ක කාලය තුළ මෙරට වැඩි වශයෙන්ම සහ රෝගීන්ට වැඩිපුරම වියදම් දැරීමට සිදුවන ඖෂධ වෙනුවෙන් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතුකර නැත.
මේ අන්දමින් උපරිම සිල්ලර මිලක් නියම නොකළ ඖෂධ 765ක් පමණ වෙළෙඳ පොළේ ඇතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තා කර ඇත. හොරු රජ වූ රටක මහජනයා බේරාගැනීමට හොරුන් අල්ලන කෙනකු නැත.

ඒ පැත්ත බලා මේ පැත්ත බලන්නට පෙර යානවාහන, ඉඩකඩම්, ව්‍යාපාර තමන් සතු කරගෙන ඇත්තා වූ අයියලා ගැන අඩුම තරමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ පැන්නුවහොත් මේ තත්ත්වය මඳක් හෝ සමනය කළ නොහැකි නොවේ.

අල්ලස් දෙපාර්තමේන්තුවක්ද තිබේ. එහි සිටින නීතිඥ මහත්වරුනට හරිහමං අන්දමට නඩුවක් හෝ ගොනු කිරීමට නොහැකිය. ගතවූ වසර කීපය තුළ පවරා තිබුණු නඩු තවදුරටත් ගෙනයා හැකි කමක් නොමැතිව ඉල්ලා අස්කර ගෙන හෝ දමාගසා හෝ තිබුණේ ඉදිරියට ගෙන යාහැකි අන්දමින් ඒවායේ තාක්‍ෂණික කටයුතු නොකර තිබූ හෙයින් යැයි දැනගන්නට ඇත. බඩුත් උන්නෙ නඩුත් උන්ගේ යැයි කියන්නේ ඕවාටය. ඒ නිසා අපට මේ අසාධාරණකම් ගැන උඩ සිටින දෙවියන්ට විනා කියන්නට වෙනත් කෙනකු නැත.

ඈත අතීතයේ සිට අපේ මවුවරුන් තමන්ට පැමිණෙන අහීපාත්කමක් (අසරණකම) ගැන පඬුරක් ගැටගසා පරාණෙට පරාණයක් දෙන බව කියමින් කන්නලව් කරමින් දෙවියන්ගෙන් පිහිට පැතුවේය.

මේ රටේ හිතක් පපුවක් ඇති මිනිසුනේ ජීවිතවලින් වන්දි ගෙවූ අපේ උන්ගේ මරණවලටත් ඒ මරණ නිසා අසරණව වැටුණු දුවා දරුවන්ගේ දුක් කඳුළු වෙනුවෙනුත් ඍජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ මහ එකා ඇතුළු එවුන්ගේ වැලගිය මුලගිය සංහතියම සිහිකර දෙවියන්ට පඬුරු බැඳ පරාණෙට පරාණයක් ඉල්ලා කන්නලව් කරන ලෙස අම්මට වඳින තාත්තට වඳින දෙවියන්ට බුදුන්ට වඳින දෑත බැඳ ඔබේ දෙපා නමස්කාර කර ඉල්ලා සිටිමි.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රුසියාවේ යුද්ධ කරන්න ගිහින් පණ බේරගෙන ආපු සෙබළෙක් කියන ඇඟ හිරිවැටෙන කතාව‍! Sri Lanka Latest News

Next Post

කළු ගඟ මීටර් 12.38ක් දක්වා නගී! මහා ගංවතුර තත්ත්වයක්! තවත් නගිනවා! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.