ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. Sri Lanka Latest News
නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර ඇත.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර තිබේ.
මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.
adaderana










