පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් අටදහසක් ඇතුළුව දිවයින පුරා එකොලොස් දහසකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News
මෙම තත්ත්වයත් සමග මුලතිව් දිස්ත්රික්කයේ පාසල් 8ක් සහ කිලිනොච්චියේ පාසල් 5ක් තාවකාලික වසාදමා ඒවායේ සහන කඳවුරු ස්ථාපිත කර තිබේ.
මේ අතර මුලතිව් දිස්ත්රික්කයේ කුඹුරු අක්කර 5000කට වැඩි ප්රමාණයක් ජලයෙන් යටවී ඇති බවට වාර්තාවෙයි.
මුලතිව් හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයන්ට අයත් යුද හමුදා නිලධාරීන් ජලගැලීම්වලින් කොටුවී සිටින ජනතාව මුදා ගැනීම් සිදුකරන අතර එලෙස මුදා ගන්නා පිරිස් තාවකාලික රැඳවුම් මධ්යස්ථානවෙත යොමු කෙරෙයි.










