දුරකතන සංවාදයක් පිළිබඳ ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා යකඩ බටයකින් පහර දී සිය බිරිය ඝාතනය කළ පුවතක් කොස්වත්ත, කහටවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (23) රාත්‍රී 8.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම්.ඩබ්ලිව්. නිශාන්ති අනුරාධි නමැති 38 හැවිරිදි දෙදරු මවකි.
සිද්ධිය සම්බන්ධ සැකකාර ස්වාමිපුරුෂයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාව විදෙස් රැකියාවක් සඳහා ගොස් මීට මාස දෙකකට පමණ පෙර මෙරටට පැමිණි තැනැත්තියක් බවයි අනාවරණ වී ඇත්තේ.
ඇය විදෙස්ගතව සිට නිfවසට පැමිණි දින සිට දුරකතනයෙන් කිසියම් අයකු සමඟ කතාබහ කරන බවක් සැමියාට හැඟීගොස් ඇති අතර, පිළිබඳ දෙදෙනා අතර අවස්ථා කිහිපයක දී ආරවුල් හටගෙන තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
dasathalankanews










