ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනක කොටසක් ලෙස අර්බුදයකට මුහුණදී සිටින අසල්වැසි ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
“අයි එම් එෆ් වැඩසටහන ආරම්භ වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා වාණිජ සහ ද්වීපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ සාකච්ඡා ආරම්භ කිරීමට. එය මාස 6ක් ඇතුළත සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තිබෙන විශාලතම අවිනිශ්චිතතාවය තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගතවන කාලසීමාව. ඇත්තවශයෙන්ම ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන මාවතට ප්‍රවේශ විය හැක්කේ ණය තිරසාර බව සහතික වීමෙන් පසුවයි.”










