එක්සත් ජනපදය සතුව පැවති @USCoastGuard Cutter DECISIVE නෞකාව මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරයෙන් පිටත්ව, @SriLanka_Navy බලඇණියට එක්වීම සඳහා ගමන් ආරම්භ කළාය. Sri Lanka Latest News
මෙය නෞකාවක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරන දීර්ඝතම ගමන ලෙසත්, පැනමා ඇළ හරහා සිදු කරන එහි පළමු ගමන් කිරීම ලෙසත් ඉතිහාසගත වේ.
සේවයට එක් වූ පසු, DECISIVE නෞකාව විසින් මත්ද්‍රව්‍ය සහ අනවසර ජාවාරම් මර්දනය කිරීම, සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම, සහ ගෝලීය වෙළඳාමට අත්‍යවශ්‍ය ඉන්දියානු සාගරයේ වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු හැකියාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.
මෙම නෞකාව භාරදීම සමුද්‍ර ආරක්ෂාව සඳහා දෙරට අතර පවතින හවුල්කාරී වගකීම තවදුරටත් තහවුරු කරයි.
U.S. Excess Defense Article වැඩසටහන යටතේ භාරදුන් එක්සත් ජනපදය සතුව පැවති, එක්සත් ජනපද වෙරළාරක්ෂක කටර් නෞකා ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින අතර, දැනට එවැනි නෞකා 4ක් ශ්‍රී ලංකා නාවික හමුදා බලඇණියට අයත් වේ. මෙය දෙරට අතර ගැඹුරු විශ්වාසය, අන්තර් ක්‍රියාකාරීත්වය සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ වර්ධනය වන එක්සත් ජනපද–ශ්‍රී ලංකා මෙහෙයුම් හවුල්කාරිත්වය පිළිබිඹු කරයි.










