• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

U-Turn ගැහුවේ ඉන්දියාවද? ටිල්වින්ද? Sri Lanka Latest News

February 28, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ඉන්දියාවේ ගිය ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ඉන්දීය විදේශ ඇමැතිට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටිල්වින් සිල්වාගේ ඉන්දීය සංචාරය ගැන දේශපාලන අංශ තුළ ලොකු ආන්දෝලනයක් ඇතිවී තිබේ. ආන්දෝලනයට හේතුව 1987-88 කාලයේ ජවිපෙ ගෙනගිය දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියයි. ඉන්දීය භාණ්ඩ වර්ජනය කරන ලෙසට ජවිපෙ ඒ කාලයේ විශාල කැම්පේන් එකක් දියත් කළ අතර, ඉන්දීය භාණ්ඩ ගන්නා අයව මරණ බවට තර්ජනය කළේය. 1989 සැප්තැම්බර් 12 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිනි වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනව ජවිපෙ විසින් ඝාතනය කළේ ඉන්දීය බෙහෙත් ද්‍රව්‍ය ආනයනය කරන්න අනුමැතිය දුන් බවට චෝදනා කරමින්ය. එසේම ඉන්දීය භාණ්ඩ ආනයනය කළ ඉන්දීය ව්‍යාපාරිකයන්ද ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබීය.

එහෙත් එවැනි දැඩි ඉන්දීය විරෝධී ස්ථාවරයක සිටි ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ජීවිතය බේරාගත්තේ ඉන්දියාවේ උදව්වෙන් බව ඉන්දියන් ඉන්ටර්වෙන්ෂන් ඉන් ශ්‍රී ලංකා නම් පොතෙහි සඳහන් වේ. ඉන්දියාව හරහා යුරෝපයට පැනගිය සෝමවංශ 2001 යළි ලංකාවට පැමිණ කළ කතාවේදී ඉන්දියාවේ හිටපු අගමැති වී.පී. සිංග්ට ස්තුති කළේ ඉන්දීය ආණ්ඩුව තමන්ගේ ජීවිතය බේරා දුන්නා කියමින්ය.

ඉන්දියාව ජවිපෙ සමග යළි සබඳකම් පටන් ගත්තේ සෝමවංශ අමරසිංහ ලංකාවට පැමිණ 2004 එවක ජනාධිපතිනි චන්ද්‍රිකා සමග සන්ධානයකට එක්වීමෙන් පසුවය. එකල ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් නිරූපන් සෙන් ජවිපෙ නායකයන් සමග සමීප සම්බන්ධයක් පටන්ගත් පළමු මෙරට මහ කොමසාරිස්වරයාය. ඉන් පසු ජවිපෙ සහ ඉන්දියාව අතර යහපත් සබඳතා තිබිණි. ජවිපෙ ඉන්දීය එට්කා ගිවිසුමට, ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට, අදානිගේ විදුලි ව්‍යාපෘතියට, අමුල්-මිල්කෝ ගිවිසුමට එරෙහිව ජනතා උද්ඝෝෂණ දියත් කළත් ජවිපෙ නායක අනුර සහ විජිත හේරත් ඉන්දියාව සමග සමීප සබඳතා පවත්වාගෙන ගියේය. අනුර සහ විජිත ඉන්දියාව සමග සමීප සබඳතා පවත්වාගෙන ගියේ ටිල්වින් නොදැනුවත්ව නොවේ. ටිල්වින් දැනුවත්වය. ටිල්වින්ගේ ඉන්දීය සංචාරය සැලසුම් කරන්න ඇත්තේත් අනුර සහ විජිත විය හැකිය.

බැලූ බැල්මට ටිල්වින්ගේ ඉන්දීය සංචාරය ඉන්දියාවට වාසිසහගත තත්ත්වයක් පෙනුණි. දේශපාලන විචාරකයන් එය දුටුවේ ටිල්වින්ගේ යූ ටර්න් එකක් ලෙසය. එහෙත් ටිල්වින් ලංකාවට පැමිණි විගස කීවේ හිටපු ජනාධිපති රනිල් අස්සන් කළ අමුල්-මිල්කෝ බදු දීමේ ගිවිසුම තම රජය අහෝසි කළ බව කීවේය. ඒ වගේම පළාත් සභා ඡන්දය හෝ පළාත් සභා ගැන වචනයක්වත් ඉන්දීය විදේශ ඇමැති හමුවූ විට තමා සමග කතා නොකළ බව ඔහු කීවේය. එහෙත් ටිල්වින්ගේ ඉන්දීය සංචාරයට පසුව ආණ්ඩුව පළාත් සභා කඩිනමින් පවත්වන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත්කළේය. ටිල්වින් සිය සම්මුඛ සාකච්ඡාවලින් පෙන්වන්න යන්නේ තම ඉන්දීය සංචාරයෙන් ඉන්දියාව සම්බන්ධ තම ස්ථාවරය වෙනස් නොවූ බවය. මෙහි ඇත්ත නැත්ත ඉදිරියේදී දැකබලාගත හැකි වනු ඇත.

SendShareShare
Previous Post

ආනන්ද – නාලන්ද 96 වැනි සුලෝහිත ගැටුම ඇරැඹේ! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව පළාත් සභා තියනවා! තියන හැටි විපක්ෂය කියනවා! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.