දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (2) සමත් විය.Sri Lanka Latest News
නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 299ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246ක් පමණි.
මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය පිරිමි හා කාන්තා කණ්ඩායම් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලාන සංඛ්‍යාව 5ක් බවට පත්විය.
ඉන්දීය පිරිමි කණ්ඩායම එක්දින ලෝක කුසලාන 2ක් (1983, 2011) හා විස්සයි20 ලෝක කුසලාන 2ක් (2007, 2024) මීට පෙර ජයග්‍රහණය කර තිබුණි.
ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩාකර තිබුණත්, එම දෙවතාවේදීම ඔවුන් පරාජය වී තිබුණි.
දකුණු අප්‍රිකාව ලැබූ මෙම පරාජයත් සමග ලෝක කුසලාන පිපාසයෙන් සිටි ඔවුන්ට එකම වසරකදී ලෝක කුසලාන 02කට හිමිකම් කීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.
ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් එරට පිරිමි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කර 2023-2025 ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට සමත් විය.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු අවස්ථාව මෙය වේ.
මෙවර ඔවුන් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ ඔවුන්ගේ පිරිමි කණ්ඩායමට සිය ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් කළ නොහැකි වූ දස්කමක් දක්වමිනි.










