• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටෙස්ට් කරනවද? බැට් කරනවද? Sri Lanka Latest News

September 2, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ටෙස්ට් කරනවද? බැට් කරනවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ආසියාවේ මෝඩම ඡන්දදායකයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ. අපි මේ රට 75 වසරක් තිස්සේ විනාශ කළේ උන් කියලා උන්ට බැන්නට අපේ රටේ මිනිස්සුම තමයි උන්ව දෝලාවේ තියාගෙන කරේ අරන් ගිහිල්ලා රජ පුටුවල වාඩි කළේ. අන්තිමට උන් මේ රටට කරපු කිසිම දෙයක් නෑ. ඊට පස්සේ අපේ එවුන් මොකද කරන්නේ ඒ දේශපාලකයන්ටම පලු යන්න බණිනවා. නිකමට බලන්න ඉන්දියාව, සිංගප්පූරුව, මාලදිවයින වගේ රටවල් දියුණු වුණේ කොහොමද කියලා. ඒ රටවල් දියුණු වුණේ ඒ රටවල ජනතාව හරි නායකයන්ට ඡන්දේ දීලා ඒ අයට රට බාරදුන්න හින්දයි. කාලයක් අපේ රටේ මිනිස්සු ඒක හරියට කළා. මේ රට ඩී.එස්.ලට බාරදුන්නා. ඩඩ්ලිලට බාරදුන්නා. ජේ.ආර්.ලට බාරදුන්නා. ප්‍රේමදාසලට බාරදුන්නා. ඒ හින්දා ඒ කාලවල රට දියුණු වුණා. හැබැයි මේ රට විනාශ වෙන්න ගත්තේ අපේ මිනිස්සු නායකකම ටෙස්ට් කරන්න ගිහිල්ලා….’ (Sri Lanka Latest News)

මේ, පහුගිය දිනෙක රජයේ කාර්යාලයක තුන් හතර දෙනෙක් වටවී කතා කරකර ඉද්දී එක් රාජ්‍ය සේවකයකු කී කතාවය. ඊට පස්සේ මේ පුද්ගලයා මේ රටේ මිනිස්සු ටෙස්ට් කරන්න නායකයෝ ගෙනල්ලා කරගත්ත විනාශයට උදාහරණද එකින් එක දුන්නේය. එම රජයේ කාර්යාලයෙන් නිල රාජකාරියක් කරගන්නට ගියද වැඩි වැඩක් නොතිබුණු නිසා මමද හීන් සීරුවේ මේ හතරදෙනාගේ කතාවට සවන් දීගෙන උන්නෙමි. එහිදී නායකයන් ටෙස්ට් කරන්න ගෙනැවිත් මේ රට විනාශ වෙච්ච හැටි මේ රාජ්‍ය සේවකයා අපූරුවට විග්‍රහ කළේ මෙසේය.

‘මුලින්ම මේ රටේ මිනිස්සු දේශපාලනඥයන්ව ටෙස්ට් කරන එක පටන්ගත්තේ බණ්ඩාරනායක මහත්තයගෙ මරණෙන් පස්සේ. ඒ වෙලාවේ නායකයෙක් හොයාගන්න බැරුව ශ්‍රී ලංකා එකේ කට්ටිය රොස්මිඩ් වලව්වේ කුස්සියේ උය උයා හිටපු සිරිමාවෝ මැතිනියව දේශපාලනයට ගෙනාවා. මැතිනිය එතකොට දේශපාලනය ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නැහැ. එතුමිය අඬ අඬා බෑ කියද්දී තමයි අපේ මිනිස්සු එයාව දේශපාලනයට උස්සගෙන ආවේ. ඒ වෙලාවේ ආණ්ඩුව භාරගන්න ඩඩ්ලි හිටියා. සර් ජෝන් කොතලාවල හිටියා. තරුණ නායකයෙක් වෙච්ච ජේ.ආර්. හිටියා. හැබැයි එහෙම ඉද්දී අපේ මිනිස්සු ටෙස්ට් කරන්න පෝලිමේ ගිහිල්ලා මැතිනියගේ ඔසරියට, මැතිනියගෙ ලස්සනට, මැතිනියගෙ තිබ්බ ගෑනුකමට ඡන්දේ දුන්නා. මේ නිසා කොහොම හරි එතුමිය ලෝකෙ පළමු අගමැතිනියත් වුණා. ඒ වුණාට අපේ මිනිස්සු ටෙස්ට් කරන්න මැතිනිව ගෙනාවට මැතිනිට බැට් කරන්න වුණේ වමේ හිටපු එන්.එම්. පෙරේරා, පීටර් කේනමන්, කොල්වින් වගේ මිනිස්සු එක්ක. අන්තිමේදී මේ රට සම්පූර්ණයෙන්ම වහලා සංවෘත ආර්ථිකයක් හදලා රට උඩු යටිකුරු කළා. ඒකේ ප්‍රතිඵලය වුණේ 77 වෙද්දී මේ රටේ මිනිස්සු හාල් පෝලිම්වල, තෙල් පෝලිම්වල, ඇඳුම් පෝලිම්වල හිටපු එක. ඒ අස්සේ 71 කැරැල්ලකුත් ආවා. රටේ තරුණයෝ දහස් ගානක් විනාශ වුණා. ඔන්න පළමු ටෙස්ට් එක කරන්න ගිහිල්ලා මේ රටේ මිනිස්සු කෙළවගත්ත තැන….’

‘ඒකේ ප්‍රතිඵලයක් වුණේ 77දී ජේ.ආර්.ට 6/5ක බලයක් එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න ලැබුණු එකයි. ජේ.ආර්. ඒ බලයත් එක්ක මේ රටේ ආර්ථිකය විවෘත කළා. අලුත් නීතිරීති ගෙනාවා. විධායක ජනාධිපති ක්‍රමය ඇතිකළා. ශීඝ්‍ර සංවර්ධනයකට මේ රට යොමු කළා. හැබැයි ජේ.ආර්. අතිනුත් ලොකු වැරැදි වුණා. 82 ජනමත විචාරණය එහෙම එකක්. ඒ වුණත් මිනිස්සු 70දී ටෙස්ට් කරන්න මැතිනිව ගේන්නේ නැතුව ජේ.ආර්. වගේ ඩඩ්ලි වගේ මනුස්සයෙක්ට රට බාරදුන්නා නම් මේ රට 70 දශකයේදිම ශීඝ්‍ර සංවර්ධනයක් කරා අරගෙන යන්න තිබ්බා. එහෙනම් ඉස්සෙල්ලාම සිංගප්පූරුවට වඩා දියුණු වෙන රට තමයි ලංකාව…..’
මේ විදියට ටෙස්ට් කරන්න ගිහින් ලංකාවට කෙළවගත්ත පළමුවැනි උදාහරණය කියපු මේ රාජ්‍ය සේවකයා ඒ එක්කම දෙවැනි උදාහරණයද කියන්නට පටන් ගත්තේය.

‘ජේ.ආර්.ගෙන් පස්සේ රට භාරගත්තේ ප්‍රේමදාස. ප්‍රේමදාස ගත්තේ දෙකොන පත්තුවෙන විලක්කුවක්. උතුරේ යුද්ධේ තිබ්බා. දකුණේ ජේ.වී.පී. භීෂණේ තිබ්බා. හැබැයි ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඉඳලා තිබ්බ පළපුරුද්දත් එක්ක මොන බාධක ආවත් ප්‍රේමදාස මේ රටේ මිනිස්සුන්ට ලොකු සේවයක් කළා. අදටත් මේ රට ඉස්සරහට දුවන්නේ ප්‍රේමදාස කරපු වැඩ හින්දයි. භීෂණය මැද්දේ වුණත් ප්‍රේමදාස රටට ඇඟලුම් කර්මාන්තශාලා 200ක් හැදුවා. එදා විපක්ෂයේ හිටපු අය ප්‍රේමදාස සුද්දියන්ට ජංගි මහනවා කියලා ගැහුවත්, බංකොලොත් වෙච්ච අපේ රට අදටත් දුවන්නේ ප්‍රේමදාස හදපු මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවලින්. ඊළඟට ප්‍රේමදාසම තමයි ලංකාවට එකෝ ටුවරිසම් හඳුන්වලා දුන්නේ. එතුමා කණ්ඩලම හෝටලය හදන්න අවසර දෙද්දී විපක්ෂය ඒකට විරුද්ධ වුණා. එදා දඹුල්ලේ හාමුදුරුවෝ කණ්ඩලම හැදුවොත් ගිනිතියා ගන්නවා කිව්වා. හැබැයි ප්‍රේමදාස මහත්තයා ඒ විරෝධතාවලට බය වෙන්නේ නැතුව කණ්ඩලම හදලා එකෝ ටුවරිසම් ලංකාවට හඳුන්වලා දුන්නා. අද ඒකෙන් මුළු දඹුල්ලම දියුණු වුණා විතරක් නෙවෙයි ලංකාවට සංචාරකයෝ විශාල වශයෙන් එන්න පටන් අරගත්තා. ප්‍රේමදාස කණ්ඩලම හැදුවේ නැත්නම් අපට අදටත් වෙන්නේ හික්කඩුවේ කොරල් පර ටික සුද්දන්ට පෙන්න පෙන්න ඉන්න.

ඊගාවට එතුමා ඛෙත්තාරාම ග්‍රවුන්ඩ් එක හැදුවා. ඒක තමයි ආසියාවේ පළමුවැනි දිවාරාත්‍රී ක්‍රීඩාංගණය. ප්‍රේමදාස ඔස්ටේ්‍රලියාවේ ගිය වෙලාවක ඒ විදියේ ග්‍රවුන්ඩ් එකක් දැකලා තමයි ලංකාවට ආපු හැටියෙම දිවා රාත්‍රී ක්‍රීඩාංගණයක් මෙහෙත් හදන්න ඕනේ කියලා තීන්දු කළේ. ඒ කරලා කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවට යවලා ලෝකෙම පුදුම කරවමින් ඉතා කෙටි කාලයක් ඇතුළත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය හදලා එතුමා මේ රටේ ක්‍රීඩාවේ නව පිටුවක් පෙරළුවා.

ඊගාවට ලංකාවේ දුප්පත්කම නැතිකරන ‘ජනසවිය’ කියන හොඳම වැඩසටහන හැදුවා. ඒකට සල්ලි හොයාගෙන ඒක ක්‍රියාත්මක කළා. පළමු වතාවට ජනපති ජංගම සේවය පටන් අරගත්තා. මුළු රාජ්‍ය සේවයම අරගෙන හැම ගමකටම ගියා. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ මොහොතෙදිම විසඳුවා. ඒ වගේම ගම්උදාව ඇතිකළා. සිංගප්පූරුව දියුණු වුණේ ඒ රටේ මිනිස්සුන්ට ගෙවල් හදලා දීලා. ඒ වගේ ප්‍රේමදාසත් ‘සැමට සෙවණ’ කියලා නිවාස දසලක්ෂයේ වැඩසටහන ආරම්භ කළා. ගම්උදාව කරද්දී ගෙවල් හදලා දීලා විතරක් එතුමා නිකන් හිටියේ නෑ. ගම්උදාව තියෙන පළාතම සංවර්ධනය කළා. පාරවල් ටික හැදුවා. පන්සල් ටික හැදුවා. ඉස්කෝල ටික හැදුවා. ගෙවල් ටික හැදුවා. එහෙම කරලා අවසානයේදී ඒ පළාත මොකක් හරි විශ්වවිද්‍යාලයකට විද්‍යාපීඨයකට භාරදුන්නා. රජරට විශ්වවිද්‍යාලය හැදුණේ ඒ විදියට. ඊට පස්සේ එතුමා කැපකරු මාපිය ක්‍රමය හඳුන්වා දුන්නා. රටේ දුප්පත් පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන්ට පොහොසත් පවුල් හඳුන්වා දීලා ඒ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය අවසන් වෙනකල්ම බලාකියා ගත්තා. එහෙමයි එතුමා මේ රටේ දුප්පත් ජනතාවට වැඩ කළේ. දුප්පතාගේ හිතවතා කියලා ප්‍රේමදාස මහත්තයට හැමෝම කිව්වේ ඒ නිසයි….’ යනුවෙන් කී ඒ රාජ්‍ය සේවකයා ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසු මේ රටේ මිනිස්සු ආයෙත් ටෙස්ට් කරන්න නායකයෙක් ගෙනා හැටි විස්තර කළේය.

‘93දී ප්‍රේමදාස ඝාතනයෙන් පස්සේ මේ රටේ මිනිස්සු ආයෙමත් ටෙස්ට් කරන්න නායකයෙක් ගෙනාවා. ඒ වෙන කවුරුවත් නොව චන්ද්‍රිකා කුමාරතුංග. ප්‍රේමදාස මැරෙද්දී චන්ද්‍රිකා හිටියේ ලන්ඩන්වල. චන්ද්‍රිකා දේශපාලනය ගැන ඒ වෙද්දී මෙලෝ හසරක් දැනගෙන හිටියේ නෑ. අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක නගර සභාවකවත් ඉඳලා නෑ. එහෙම හිටපු චන්ද්‍රිකාව විහාරමහා දේවියට අන්දලා ඔසරිය අන්දලා දේශපාලනයට ගෙනාවා. ප්‍රේමදාස මේ රටේ දුප්පතුන් ඉලක්ක කරලා හදපු ආර්ථිකය චන්ද්‍රිකා ආයෙත් වලව් පැලැන්තියට අරන් ගියා. ඒ දෙවැනි ටෙස්ට් එකෙන් අන්තිමේදී චන්ද්‍රිකා අවුරුදු 11ක් මේ රට එක දිගට පාලනය කළත් සත පහක වැඩක් මේ රටට වුණේ නෑ. වෙන රටක නායකයෙක් නම් අවුරුදු 11ක් එක දිගට පාලනය කරනවා කියන්නේ ඒ රට සුරපුරයක් කරලා. හැබැයි චන්ද්‍රිකාගේ කාලේ මොකද වුණේ? ඉතිහාසේ පළමු වතාවට චන්ද්‍රිකා මේ රටේ ආර්ථිකය ඍණ කළා. අඩු ගානේ චන්ද්‍රිකා අවුරුදු 11ට කරපු දේවල් එක පිටුවක ලියන්න තරම්වත් දෙයක් නෑ. අනෙක මේ රටට හෙණයක් වෙච්ච මන්ත්‍රීවරුන් පැති මාරුකරන්න ගත්තෙත් චන්ද්‍රිකාගේ කාලෙදී. මුලින්ම චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙ තමයි එහෙට මෙහෙට මන්ත්‍රීවරු රිළව් වගේ පනින්න පටන් ගත්තේ.

ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඡන්ද මංකොල්ල කන හැටි ඉස්සෙල්ලාම රටට හඳුන්වලා දුන්නෙත් චන්ද්‍රිකා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ වෙච්ච දූෂිතම ඡන්දය වෙච්ච වයඹ පළාත් සභා මැතිවරණයට නායකත්වය දුන්නේ චන්ද්‍රිකා. එදා උදේ 10 වෙද්දී ඔක්කොම ඡන්ද පෙට්ටි පිරෙව්වා. පෝලිම් බූත්වල හිටපු අනිත් අයව ගහලා එලෙව්වා. ගෑනුන්ට ගහලා නිරුවත් කරලා පාර දිගේ ඇදගෙන ගියා. ඔන්න ඔහොමයි චන්ද්‍රිකා රට කළේ. අන්තිමේදී රටේ ආර්ථිකය ඉතිහාසයේ පළමු වතාවට ඍණ වුණේ චන්ද්‍රිකාගේ කාලේ.

කොහොමින් හරි චන්ද්‍රිකාගෙ යටතෙම රනිල් ආණ්ඩුව භාර අරගෙන සාම කතා ආරම්භ කරලා රට යන්තම් උඩට ගන්න හැදුවා විතරයි චන්ද්‍රිකා ආයෙමත් අමාත්‍යාංශ තුනක් පවරගෙන ජේ.වී.පී. එකත් එක්ක පරිවාස ආණ්ඩු ගහලා මේ රට විනාශයටම අරගෙන ගියා. 2005 වෙද්දී මේ රටේ මිනිස්සු ටෙස්ට් කරන්න ගෙනාපු චන්ද්‍රිකාගේ ධුර කාලය අවසන් වුණේ ඒ විදියට….’ යැයි කී මේ රාජ්‍ය සේවකයා චන්ද්‍රිකාගෙන් පස්සේ බලයට පත්වූ දේශපාලන නායකයෙක් වූ මහින්ද ගැන මහත් ඉහළින් කතා කරන්නට විය.

‘මොනවා වුණත් චන්ද්‍රිකාගෙන් පස්සේ රට භාරගත්ත මහින්ද මේ රටට වැඩක් කළා. නිර්භීත දේශපාලනඥයෙක් විදියට යුද්ධේ දිනන්න දේශපාලන නායකත්වය දුන්නා. අවුරුදු 4ක් ඇතුළත යුද්ධය අවසන් කළා. ඊට පස්සේ නැවැතිලා තිබ්බ හයිවේ හැදුවා. වරාය හැදුවා. එයාර්පෝට් හැදුවා. හැබැයි මහින්දට ප්‍රශ්නේ වුණේ යුද්ධයක් දිනුවට පස්සේ රට සංවර්ධන මාවතට අරගෙන යන නායකත්වය දෙන්න මහින්දට අත්දැකීමක් තිබ්බේ නෑ. යුද්ධේ දිනුවට පස්සේ මහින්දගේ වටේ හිටපු අය ඒක පෙන්න පෙන්න හොරකම් කරන්න පටන් අරගත්තා. මහින්දගේ හිත හොඳ හින්දා ඒවට එරෙහිව ක්‍රියා කළේ නෑ. ඒකෙන් තමයි මහින්දගේ වැටිල්ල පටන්ගත්තේ….’ යැයි කී මේ රාජ්‍ය සේවකයා ඉන් පසුව නැවතත් මේ රටේ ජනතාව ටෙස්ට් කරන්න නායකයන් සෙවූ දේශපාලනයට මීළඟ උදාහරණය දුන්නේය.

‘ඔන්න ඒ එක්කම අපේ රටේ මිනිස්සු ආයෙමත් ටෙස්ට් කරන්න මෛත්‍රීපාලට දුන්නා. මිනිහත් මහින්දගෙන් කැඩිලා ඇවිල්ලා මෝදිගේ සූට් එක ඇඳගෙන මහින්දට හොරා කිය කියා ගහද්දී මේ රටේ මිනිස්සු පෝලිමේ ගිහින් මෛත්‍රීපාලට ඡන්දේ දුන්නා. හැබැයි මෛත්‍රිපාලට රාජ්‍ය පාලනය ගැන මේ ලෝකේ දැනුමක් තිබ්බේ නෑ. ජාත්‍යන්තර අත්දැකීම් තිබ්බේ නෑ. කළමනාකරණය දැනගෙන හිටියේ නෑ. ජාත්‍යන්තර සබඳතා නෑ. ඒකෙන් මොකද වුණේ මාස තුනක් යන්න ඉස්සෙල්ලා මෛත්‍රිපාලගේ අගමැතිම මහබැංකුවට වැඩේ දුන්නා කියලා චෝදනා එල්ල වුණා. ඒ වෙලාවේ ඔක්කොම කිව්වේ රාජ්‍ය බලය යොදාගෙන මහබැංකුව කැඩුවා කියලා. මහබැංකු වංචාවෙන්ම යහපාලන ආණ්ඩුව දෙකට කැඩුණා. ඒකේ අන්තිම ප්‍රතිඵලය වුණේ මොකක්ද, මෛත්‍රීපාලම හොරා කියපු මහින්දව ආපහු වතාවක් පිටිපස්සේ දොරෙන් අරන් ඇවිල්ලා රනිල්ව පන්නලා අගමැති කළා. අන්තිමට උසාවියෙන් මහින්දව අයින් කරලා මෛත්‍රිපාල ව්‍යවස්ථාව කැඩුවා කියලා තීන්දුවක් දුන්නා. මේ අස්සේ රටේ ආරක්ෂාව බින්දුවට වැටුණා. පාස්කු ප්‍රහාරය එල්ල වුණා. ඒකෙන් පස්සේ තමයි 2019 ජනාධිපතිවරණය ආවේ….’ යැයි කී මේ රාජ්‍ය සේවකයා 2019දීත් මේ රටේ ජනතාව ටෙස්ට් කරන්න නායකයකු ගෙනැවිත් රටම බංකොලොත් කළ ආකාරය අපූරුවට විස්තර කළේය.

‘2019 තමයි ඉස්සෙල්ලාම සජිත් ජනාධිපතිවරණයට ඉල්ලන්න ආවේ. සජිත් මුලින්ම පාර්ලිමේන්තු ආවේ 2000දී හම්බන්තොටින් දිනලා. සජිත්ට ඕනෙ නම් තිබුණා තාත්තාගේ සීට් එක වෙච්ච කොළඹින් ඡන්දේ ඉල්ලලා අත උඩින් පාර්ලිමේන්තු එන්න. හැබැයි සජිත් එහෙම කළේ නෑ. ඒ වෙනුවට සජිත් තෝරගත්තේ ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කයක් වෙච්ච හම්බන්තොට. ඒක ඇවිල්ලා රාජපක්ෂවරුන්ගේ දේශපාලන බළකොටුව. සජිත් මේ බළකොටුවට රිංගලා දුප්පත් මිනිස්සු එක්කයි දේශපාලනය කරන්න පටන් අරගත්තේ. එහෙම කරලා සජිත් මන්ත්‍රීවරයෙක් වුණා. නියෝජ්‍ය ඇමැතිවරයෙක් වුණා. කැබිනට් ඇමැතිවරයෙක් වුණා. තාත්තා වගේම පොඩි මිනිස්සුන්ට සේවය කළා.

හැබැයි 2019දී රාජපක්ෂවරු මේ අත්දැකීම් තියෙන සජිත්ට එරෙහිව තරගෙට දැම්මේ ප්‍රාදේශීය සභාවක්වත් කරලා තිබුණේ නැති, කිසිම දේශපාලන අත්දැකීමක් නැති, ජාත්‍යන්තර සබඳතා නැති, පරිපාලනය ගැන මේ ලෝකේ දැනුමක් නොතිබිච්ච ගෝඨාභය. අන්තිමේ අපේ මිනිස්සුත් ටෙස්ට් කරන්න කියලා පෝලිමේ ගිහින් ගෝඨාභයට ඡන්දේ දුන්නා. එදා ඡන්දේ වෙලාවෙදිත් අපිට හැම තැනම ඇහුණේ ගෝඨා ගැන හැමෝම කතාවෙනවා. සමාජ මාධ්‍යවලත් හිටියේ ගෝඨා. යූටියුබ්වලත් හිටියේ ගෝඨා. තාප්පවල, බිත්තිවලත් හිටියේ ගෝඨා. මිනිස්සු ගෝඨා ගැන කිය කියා තාප්පවල චිත්‍ර ඇන්දා. කුඹුරු වපුරන්න ගියා. පාරවල් අතුගෑවා. ලස්සන රටක් හදමු කිව්වා. බොරු රැල්ලක් හදලා ගෝඨා මහා වීර චරිතයක් විදියට රටට පෙන්නුවා. අන්තිමේ ඒ ටෙස්ට් කිරිල්ලෙන් මොකක්ද වුණේ? රට බංකොලොත්ම වුණා. මිනිස්සු ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල, කෑම පෝලිම්වල දවස් තුන හතර හිටියා. පෝලිම්වලම මිනිස්සු මැරිලා වැටුණා. දහස් ගණනින් මිනිස්සු රට අතහැරලා ගියා. පැය 24න් කාබනික පොහොර හඳුන්වා දීලා කෘෂිකර්මාන්තය විනාශම කළා. සුදුලූනු හොරකම, සීනි හොරකම, පොල්තෙල් හොරකම, ගල්අඟුරු වංචාව, ගෑස් වංචාව වගේ මහාපරිමාණ හොරකම් වුණා. හැබැයි ඒවා ගැන කිසිම පරීක්ෂණයක් කළේ නෑ. අන්තිමට මේ රටේ මිනිස්සු පාට පක්ෂ භේදයකින් තොරව ගෝඨාට එරෙහිව ගෝල්ෆේස් එකේ කඳවුරු බැන්දා. ලංකා ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති විදියට අන්තිමට ගෝඨාට ජනාධිපතිකම දාලා රටෙන් පැනලා යන්න සිද්ධ වුණා. ඔන්න අන්තිමට මේ රටේ මිනිස්සු ටෙස්ට් කරන්න දේශපාලනඥයෙක් අරන් ඇවිල්ලා මේ රටට කරපු වින්නැහිය…’ යැයි කියමින් ඒ රාජ්‍ය සේවකයා මෙතෙක් ටෙස්ට් කරන්න නායකයන් ගෙනැවිත් ලංකාව කෙළවගත්ත කෙළවගැනිල්ල හරි අපූරුවට තමන් සමග සිටි අනෙකුත් රාජ්‍ය සේවයේ හිතවතුන් කිහිප දෙනාට විස්තර කර දුන්නේය. කතාවේ හොඳම හරිය ඔහු පටන් ගත්තේ ඉන් අනතුරුවය. ඒ, මේ රටේ මිනිස්සු ආපහු වතාවක් ටෙස්ට් කරන්න නායකයෙක් ගේන්නට උත්සාහ කරන බව කියමින්ය. නැතහොත් මෙතුවක් කල් රෑ වැටුණු වළේ දවල් වැටෙන්නට හදනවා යැයි කියමින්ය. වැඩි වැඩක් නොතිබූ නිසා මමද මා කරගන්නට ගිය රාජකාරිය අවසන් වනතුරු ඒ කතාවට සවන් දීගෙන උන්නෙමි. ඒ රාජ්‍ය සේවකයා කතාව අවසන් කළේ මෙසේය.

‘අපේ රටේ මිනිස්සු කවදාවත් පාඩම් ඉගෙනගන්න අය නෙවෙයි. ඉස්සර මිනිස්සු කිව්වනේ සිංහලයට ඕනෙ දෙයක් මතක තියෙන්නේ දවස් දහයයි කියලා. ප්‍රභාකරනුත් ඒ කතාව කියලා තිබුණා. මේ හින්දමද මන්දා දැනුත් අපේ මිනිස්සු ටෙස්ට් කරන්න නායකයන් ගේන්න හදනවා. කොහේ ගියත් සමහරු කියන්නේ ‘අපි නම් මේ පාර දෙන්නේ මෙයාට’ කියලා. මේ මිනිස්සුම 2019දීත් ටෙස්ට් කරන්න ගෝඨාව ගෙනල්ලා කෙළවාගත්තා. ඒ මිනිස්සු ටිකම තමයි මේ සැරෙත් ‘අපි නම් අරයට’ ‘අපි නම් මෙයාට’ කියලා ටෙස්ට් කරන්න නායකයෝ ගේන්න හදන්නේ. මේ සැරේ අපි බලන්න ඕනේ මේ එන නායකයන්ට රට හදන්න මොකක්ද තියෙන වැඩපිළිවෙළ කියලා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න හරිහමන් ටීම් එකක් ඉන්නවද කියලා. වැටිච්ච රටක් ඉස්සරහට අරන් යන්න දේශපාලන අත්දැකීම් තියෙනවද කියලා. ඒ විතරක් නෙවෙයි ලෝකෙන් ආධාර ගන්න පුළුවන් ජාත්‍යන්තර අත්දැකීම් තියෙනවද කියලා. දැන් ඔය සමහරු කියනවනේ ‘ඔක්කොටම දුන්න එකේ මේ සැරේ අනුර කුමාරටත් දීලා බලමු’ කියලා. දැන් අනුර කුමාරට ඉන්න ටීම් එක කවුද? අනුර විතරක් හැම වේදිකාවෙම කියව කියව යනවා. අනුර ආවොත් කවුද අනුරගෙ මුදල් ඇමැති? කවුද අනුරගෙ ආර්ථිකේ හදන ටීම් එක? කවුද අනුරගෙ අධිකරණ ඇමැති? කවුද අනුරගේ විදේශ ඇමැති? කවුද අනුරගෙ කර්මාන්ත ඇමැති? ඒ මොනවත් ගැන කවුරුවත් වචනයක් කියන්නේ නෑ. ඔක්කොම අනුර දිහා බලාගෙන අනුරගෙ පස්සෙන් යනවා. හැබැයි සජිත් ආවොත් මොකද? සජිත් එක්ක ඉන්න ටීම් එක කවුද? අද ලෝකෙම පිළිගන්නවා ලංකාවේ ඉන්න හොඳම ටීම් එක මේ වෙද්දී ඉන්නේ සජිත් එක්ක කියලා. ආර්ථිකේ හදන්න පුළුවන් හර්ෂ, එරාන්, කබීර් තුන්දෙනාම ඉන්නේ සජිත් ළඟ. මුළු ලෝකෙම පිළිගන්න ජාත්‍යන්තර අත්දැකීම් තියෙන ජී.එල්. වගේ බුද්ධිමතෙක් සජිත් එක්ක ඉන්නවා. චම්පික, ඩලස් වගේ ජ්‍යෙෂ්ඨ පිරිසුදු නායකයෝ සජිත් එක්ක ඉන්නවා. දයාසිරි, මුජිබර්, මරික්කාර්, නලින් බණ්ඩාර, හර්ෂණ වගේ තරුණ නායකයන් සජිත් එක්ක ඉන්නවා. මේ කිසිම කෙනකුට දූෂණ චෝදනා එල්ල වෙලා නෑ. ඒ අතින් බැලුවාම හොඳම ටීම් එක ඉන්නේ සජිත් ගාව. ඒ අයට හොරු එක්ක ඩීල් නෑ. ඒ හින්දා හොරු අල්ලන්නත් ඒගොල්ලන්ට පුළුවන්. ඒ නිසා මම නම් කියන්නේ මේ වෙලාවේ ආයෙමත් 70 කළා වගේ, 94 කළා වගේ, 2015 කළා වගේ, 2019 කළා වගේ ටෙස්ට් කරන්න නායකයෝ ගෙනල්ලා මුළු රටටම කෙළවන්නේ නැතුව හොඳට බැට් කරලා පුරුදු, බැට් කරන්න පුළුවන් සජිත් වගේ නායකයෙක් මේ රටට ගේන්න ඕනේ කියලයි. එහෙම වුණොත් මේ රටට ඊළඟ අවුරුදු පහේ ඉස්සරහට යන්න පුළුවන්. මේ රටේ පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් හදලා දෙන්න පුළුවන්. මේ රට වැටිච්ච තැනින් ගොඩ අරගෙන ජාත්‍යන්තරයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. එහෙම වුණොත් මේ රට ගොඩ. එහෙම නැතිවුණොත් රටට සදා සොත්ති තමයි…’ කියමින් ඒ රාජ්‍ය සේවකයා ඔහුගේ කතාව අවසන් කොට අසුනින් නැගී සිටියේය. ඒ සමගම එහි සිටි නිලධාරියකු මා පැමිණි රාජකාරියද අවසන් කර දීම හේතුවෙන් ඒ රාජ්‍ය සේවකයා කී කතාව කල්පනා කරමින්ම මමද එම කාර්යාලයේ එළියට බැස්සෙමි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මාවෙයිගේ කතාවෙන් චූන් වෙච්ච දකුණේ ඔක්කොම හාන්සියි! සජිත්ට සහාය දෙන්න තීන්දු කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙලා! ඒ තීන්දුව කල්තියාම මාවෙයි දන්නවා! තමිල් අරසු කච්චි මහලේකම් සත්‍යලිංගම් නිවේදනයක් නිකුත් කරයි!  I Sri Lanka Latest News

Next Post

‘දැන් ගැහුවා ඇති නවත්තපන්..!’ සටන් විරාමයක් ඉල්ලා ඊශ්‍රායල වැසියෝ ලක්ෂ ගණනින් මහපාරට එයි! I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.