රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි අද (23) කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මේ අතර රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම ඉලක්ක කර ගනිමින් ලබන වසර සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2024 වසරේ සිට පාසල් නිල ඇඳුම් වෙනුවෙන් වව්චරයක් ලබාදීම කෙරෙහි ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇත.










