කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.Sri Lanka Latest News
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට නියමිතයි.
ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, ඒ යටතේ කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.
ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1395 ක්. ව්‍යාපෘතිය මාස 15ක කාලසීමාවක් තුළ නිමකිරීමට අපේක්ෂිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති අතර, සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේ ආරම්භ කිරීමට නියමිත වනවා.










