ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉන්දීය ධීවරයින් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම නැවැත්වීමට සහ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා නිදහස් කර ගැනීමට කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් වෙත ලිපියක් යවමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා ඉල්ලා තිබේ.Sri Lanka Latest News
මෙම අත්අඩංගුවට ගැනීම් වාර ගණන වැඩි වීම ගැන ස්ටාලින් දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, මේ හරහා ධීවරයින්ගේ ජීවනෝපාය කඩාකප්පල් වී ඔවුන්ගේ පවුල්වලට දැඩි දුෂ්කරතා ඇති වී ඇති බව සඳහන් කළේය.
“නොවැම්බර් 9 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රාමේෂ්වරම් ප්‍රදේශයේ සිට යාන්ත්‍රික ධීවර බෝට්ටු දෙකක සහ ලියාපදිංචි නොකළ යාත්‍රාවක සිටි ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දින කිහිපයකට පසු, නොවැම්බර් 12 වන දින, ධීවරයින් 12 දෙනෙකු සමඟ නාගපට්නම් සිට තවත් බෝට්ටුවක් ද අත්අඩංගුවට ගන්නා ලදී,” ස්ටාලින් සිය ලිපියේ සදහන් කොට ඇත.
2024 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රඳවාගෙන සිටින තමිල්නාඩු ධීවරයින් සංඛ්‍යාව වසර හතකට පසු ඉහළම අගය බව මහ ඇමැතිවරයා අවධාරණය කළේය.
“අපේ ධීවරයින් තවදුරටත් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට සහ රඳවාගෙන සිටින සියලුම දෙනා ඔවුන්ගේ යාත්‍රා සමඟ කඩිනමින් නිදහස් කිරීම සහතික කිරීම සඳහා වහාම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් ආරම්භ කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි,” ඔහු ජයශංකර් වෙත යොමු කොට ඇති ලිපියේ සදහන් කොට ඇත.










