• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැය ගැන කියන කතා! Sri Lanka Latest News

March 1, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ත්‍රීවීල් චූටියා රට හදන හැටි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘අයවැය ගැන කියන කතා’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නෙමු. Sri Lanka Latest News

වියදම මගෙන්
නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘අයවැය ගැන කියන කතා’. මේ දවස්වල රටේම මාතෘකාව අයවැයනේ. ඒ නිසා මාධ්‍යවේදියෙක් පාරේ ඉන්න අයගෙන් අයවැය ගැන අහමින් යනවා.
මාධ්‍යවේදියා
පොඩ්ඩක් කතා කරමුද?
මගියා
බයයි කතාකරන්නත් දැන් මිනිස්සු එක්ක. කමක් නෑ කතාකරමු.
මාධ්‍යවේදියා
මයික් එක අල්ලනවා.
මගියා
ආ… අල්ලන්න අල්ලන්න.
මාධ්‍යවේදියා
අයවැය ගැන මොකද කියන්නේ?
මගියා
ඇත්ත වශයෙන්ම මම කැමැති නෑ මෙයා.
මාධ්‍යවේදියා
ඇයි ඒ?
මගියා
ඕක කියෙව්වා කියලා ඇති වැඩේ මොකක්ද?
මාධ්‍යවේදියා
ඇයි? ඒක කියවන්න ඕනනේ. එතකොටනේ ඒ ගැන කට්ටිය දැනගන්නේ.
මගියා
ඒක දැනගන්න ඕනේ නෑනේ. මොකටද දැනගන්නේ?
මාධ්‍යවේදියා
උදාහරණයකට අපි දැනගන්න ඕනේ නැද්ද සෞඛ්‍ය සඳහා කොච්චර වියදම් කරන්න හිතාගෙන ඉන්නවද කියලා.
මගියා
වැඩක් නෑනේ. නිකන් මම උදාහරණයක් කියන්නම්කො. අපේ නැන්දා ලෙඩ වෙලා ගෙදර ඉන්නේ. මම තමයි වියදම් කරන්නේ. ගෑනිගෙ අම්මා. දැන් අපේ ගෑනිගෙ අම්මගේ සෞඛ්‍යයට මම මෙච්චර වියදම් කළා කියලා එක එකාට කිව්වා කියලා ඇති වැඩේ මොකක්ද?
මාධ්‍යවේදියා
ඔයාගේ නැන්දට වියදම් කරන එකයි, රටේ සෞඛ්‍යයට වියදම් කරන එකයි දෙකක්නේ.
මගියා
දෙකම එකයි. දැන් ළමයින්ගේ ටියුෂන්වලට හරියට වියදම් වෙනවා මේ දවස්වල. පොත් ගණන්. ඒවට ඉතින් මම වියදම් කරන්න එපායැ. වියදම් කරලා ඉවරවෙලා මම වියදම් කළා, මෙච්චර වියදම් කරලා තියෙනවා, සෞඛ්‍යයට මෙච්චර කරලා තියෙනවා කියලා කිව්වා කියලා වැඩක් නෑ. තේරුමක් නෑ. වියදම් කරන එක වියදම් කරගෙන ඉන්න ඕනේ. එච්චරයි.

කියවීම හොඳයි

නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘අයවැය ගැන කියන කතා’. මේ දවස්වල රටේම මාතෘකාව අයවැයනේ. ඔන්න මාධ්‍යවේදියෙක් පාරේ ඉන්න අයගෙන් අයවැය ගැන අහමින් යනවා.
මාධ්‍යවේදියා
මහත්මයා, අයවැය කියවීම ගැන මොකද හිතන්නේ?
මගියා
මම දැන් අවුරුදු ගානක් තිස්සේ මේක දිහා බලාගෙන හිටියා. මගේ වයසත් එක්ක මම සෑහෙන කාලෙක ඉඳන් අයවැය කියවනවා බලලා තියෙනවා. මගේ ඉතිහාසය ඇතුළේ හොඳටම අයවැය කියෙව්වේ මේ සැරේ කියලා මට කියන්න පුළුවන්.
මාධ්‍යවේදියා
ඔයා ඒගොල්ලන්ට ඡන්දේ දීපු එක්කෙනෙක් වෙන්න ඇති?
මගියා
නෑ, ඡන්දේ දුන්න එක මේකට අදාළ නෑ.
මාධ්‍යවේදියා
ඔච්චර වර්ණනා කරලා කියන්න බෑ. අඩුපාඩු තිබ්බනේ.
මගියා
අඩුපාඩු මම දැක්කේ නෑ.
මාධ්‍යවේදියා
මෙතෙක් ඉතිහාසයේ කරපු සුපිරිම අයවැය කතාව කියලද ඔබතුමා කියන්නේ? එහෙම කියන්නේ කොහොමද?
මගියා
කලින් අයවැය කියවන්න ගියාම සමහරු කහිනවා. පොඩ්ඩක් නවත්තනවා. වතුර බොනවා. ඉඳගන්නවා. නැගිටිනවා. ටිකක් ඉඳගෙන කියනවා. ටිකක් හිටගෙන කියනවා. කලිසම් උස්ස උස්ස කියනවා. ෂර්ට් යට කර කර කියනවා. එක් මිලියන, දෙමිලියන කිය කියා තේරෙන්නේ නැති දේවල් කියනවා. මේකේ එහෙම නෙවෙයිනේ. සටපට ගාලා දිගටම කිව්වා. ටොප් එකට කිව්වා. ආයේ කියලා වැඩක් නෑ.
මාධ්‍යවේදියා
ආ… ඔයා කියන්නේ මේ කියවීම ගැන. තියෙන දේවල් නෙවෙයි?
මගියා

තියෙන දේවලුත් හොඳයි. නමුත් කියවීම ඉතා හොඳයි.

බොන අයගෙත් වැඩිකරලා

නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘අයවැය ගැන කියන කතා’. මේ දවස්වල රටේම මාතෘකාව අයවැයනේ. ඔන්න මාධ්‍යවේදියෙක් පාරේ ඉන්න කෙනෙක්ගෙන් අයවැය ගැන අහනවා. හැබැයි ඒ පුද්ගලයා තරමක් බීමතින් ඉන්න කෙනෙක්.
මාධ්‍යවේදියා
අයවැය ගැන මොකද හිතන්නේ?
මගියා
අනේ මම බලන්නේ නෑනේ ඕවා. මොකටද ඕවා බලලා. තේරුමක් නෑ.
මාධ්‍යවේදියා
ඇයි
මගියා
දැන් අපි කඩේට බඩු ගන්න ගියාම අයවැය බැලුවා කියලා මට අඩු කරලා දෙන්නේ නෑනේ. මම නම් දැන් ඕවා හිතන්නේ නෑ මෙයා. ඕවා හිතන්න ගියාම අපිට පිස්සු හැදෙනවා. ගෑනි කියනවනේ මට මේවා මේවා කඩෙන් ගේන්න කියලා. මම උඩම තියෙන ටික අරගෙන, ඉතුරු ඒවා ගන්න සල්ලි මදිවුණා කියලා එනවා. අනිත් එක, මට තියෙන ලොකුම වේදනාව මේකයි. ඔක්කොම අයවැය අල්ලන්න හදන්නේ අපිට වැඩේ දීලනේ.
මාධ්‍යවේදියා
කවුද අපි කියන්නේ?
මගියා
මේ රටේ වැඩියෙන්ම සංවර්ධනයට දායක වෙන ප්‍රජාව.
මාධ්‍යවේදියා
කවුද?
මගියා

බොන කට්ටිය. බොන මිනිස්සුන්ගෙන්නේ හැමදාම කීය කීය හරි වැඩිකරලානේ උන් ඔක්කොම කරගන්න හදන්නේ.

කෑවා කෑවා කෑවා

නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘අයවැය ගැන කියන කතා’. මේ දවස්වල රටේම මාතෘකාව අයවැයනේ. ඔන්න මාධ්‍යවේදියෙක් පාරේ ඉන්න අයගෙන් අයවැය ගැන අහමින් යනවා.
මාධ්‍යවේදියා
අයවැය ගැන මොකද හිතන්නේ?
මගියා
අයවැය ගැන මොකක්ද ඔයාට දැනගන්න ඕනේ?
මාධ්‍යවේදියා
ඔයාගේ අදහස. ඔයේ රජයේ සේවකයෙක්ද?
මගියා
ඔව් මම රජයේ සේවකයෙක්.
මාධ්‍යවේදියා
කොටස් වශයෙන් පඩිය වැඩිකරනවා කියලා කියනවනේ?
මගියා
කෑවනේ.
මාධ්‍යවේදියා
කෑවා කියන්නේ? ඔයා කැමැති නැද්ද පඩි වැඩිකරනවට?
මගියා
කෑවා කෑවා. වැඩක් නෑ. වැඩි කළාට කිසිම තේරුමක් නැති වැඩිකිරිල්ලක් මේ සැරේ අයවැය රජයේ සේවකයන්ට කළේ.
මාධ්‍යවේදියා
ඇයි 5000ක්ද කොහෙද වැඩි වෙනවා නේද?
මගියා
ටීවී එකේ මොකටද ඕක කිව්වේ කට උල් කර කර. ටීවී එකෙයි රේඩියෝ එකෙයි සේරම කිව්වට පස්සේ ඇති වැඩක් තියෙනවද ඕක වැඩිකරලා? දැන් ඉතින් අපේ ගෑනි දන්නවනේ සීන් එක.
මාධ්‍යවේදියා
ඒ කියන්නේ?
මගියා

දැන් අපේ ගෑනි දැනගත්තා පඩිය වැඩිකළා කියලා. එතකොට ඉතින් පඩි දාට ‘කෝ වැඩිකරපු එක දෙනවා’ කියලා ගෑනිගෙන් විසුමක් නෑ මට. ඕකනේ වෙන්නේ ඉතින්. කෑවා කෑවා කෑවා… සද්ද නොකර වැඩි කළා නම් දෙයියනේ කියලා ඒකෙන් පොඩි ජොලියක් දානවනේ.

තින්කින් නෑ

නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘අයවැය ගැන කියන කතා’. මේ දවස්වල රටේම මාතෘකාව අයවැයනේ. ඔන්න මාධ්‍යවේදියෙක් පාරේ ඉන්න අයගෙන් අයවැය ගැන අහමින් යනවා. ඒ අතර ඉන්නවා කෝපි එකක් බිබී හයි ටෙක් මල්ලි කෙනෙක්.
මාධ්‍යවේදියා
මහත්මයා, අපි අයවැය ගැන පොඩ්ඩක් කතාකරමුද?
මගියා
ආ… බජට් එක.
මාධ්‍යවේදියා
ඔව්.
මගියා
මම බැලුවා.
මාධ්‍යවේදියා
මොකද ඒ ගැන හිතන්නේ?
මගියා
අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
මාධ්‍යවේදියා
මොකක්ද තේරෙන්නේ නෑත්තේ?
මගියා
දැන් බලන්න, අපිට තියෙන්නේ ඩොලර් බිලියන හයයිද හතයිදනේ. අපිට බින්දුවට බැහැලා දැන් යන්තම් වැඩේ කරගෙනනේ ඇවිල්ලා තියෙන්නේ ඔය. ඩොලර් බිලියන 3ද කොහෙදනේ අයි.එම්.එෆ්. එකෙන් කඩලා කඩලා දුන්නේ මහලොකුවට සද්දේ දාලා. ඒකත් දුන්නේ කඩ කඩා. එක පාර දුන්නේ නෑ. මම බැලුවා ඊයේ පෙරේදා නිවුස් එකක් තිබුණා. එලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 400යි. බිල් ගේට්ස්ලා, ජැක් මාලා, අම්බානිලා, අරාබියේ එහෙම ඉන්න රජවරු ඉන්නේ. හෙමීට එක්කෙනා එක්කෙනා ගේනවා. එලෝන් මස්ක්ට ස්ටාර් ගේට් එක හදන්න ඉඩමක් දෙනවා මෙහෙන්. හදාගනින් කියලා. ඒ වගේ බිල් ගේට්ස්ට දෙනවා එයාගේ මොනවා හරි මෙහෙ පටන්ගන්න කියලා ඉඩමක්. හදාගත්තම හෙමීට කියනවා මේ, ෂේප් එකේ ඩොලර් බිලියනයක් දියන්, හාරසීයක් තියෙන එකාගෙන් එකක් ගියාම මක්වෙනවද? ඔය වගේ විසි දෙනෙක්ගෙන් අරගත්තා නම් එහෙම මේක ගොඩ මෙයා. ඔළුව නෑ අපේ කට්ටියට. ඕවා හිතන්න බෑ. තින්කින් නෑ.

Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ටයි කෝට් අඳින බූරුවා කවුද? සල්ලිවලට මන්ත්‍රීකම් වික්ක කෙනා කවුද? මෙන්න පාර්ලිමේන්තුව! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය හෙළිකරමින් අනුර පාර්ලිමේන්තුවේ කරපු සම්පූර්ණ කතාව මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.