“උදාවක ඇරඹුම” මහියංගනය වැඩසටහනට අදාලව විපක්ෂ නායකතුමා පසුගියදා (29) ගිරාදුරුකෝට්ටේ රෝහලට පැමිණියේය.
එහි දී ගිරාදුරුකෝට්ටේ රෝහලේ පවතින අඩුපාඩු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සොයා බැලූ විපක්ෂ නායකතුමා එම ස්ථානයේදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතා එම රෝහලේ වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ පවත්නා තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගත්තේය.
රෝහලට අවශ්‍යව පවතින ආරෝප්ලාන්ට් යන්ත්‍රයක් ලබා ගැනීම උදෙසා මැදිහත් වන බව එහිදී විපක්ෂ නායකතුමා පැවසූ අතර වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුධිර කාන්දුකරන යන්ත්‍ර ද ලබා ගැනීම උදෙසා සිය මැදිහත්වීම සිදු කරන බවට පොරොන්දු විය.
‘Udavaka Arabuma’, Sajith Premadasa Giradurukotte Hospital Director General of Health RO plant machine















