• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මාර වැඩේ වමට වුණේ! සිස්ටම් චේන්ජ්ද? සිස්ටම් සේෆ්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

December 28, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
මාර වැඩේ වමට වුණේ! සිස්ටම් චේන්ජ්ද? සිස්ටම් සේෆ්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යූ.ඇන්.පී.යෙන් එළියට ගිහින් ශ්‍රීලනිපය හැදුවේ නැත්නම් මේ රටේ තියෙන්නේ කඳවුරු දෙකකි. එකක් වමය. අනෙක දකුණය. බණ්ඩාරනායක යූ.ඇන්.පී.ය කඩාගෙන ගිහින් ශ්‍රීලනිපය හදලා වම සහ දකුණ යන කඳවුරු දෙක අවුල් කළේය. 1963 හර්තාලයට වසරක් පිරෙන වෙලාවේ ලංකාවේ සියලු වාමාංශික පක්ෂ එක්වී එක්සත් වාමාංශික පෙරමුණ පිහිටුවා යළි වම සහ දකුණ දෙකට බෙදා වම සහ දකුණ කඳවුරු අවුල් කළ බණ්ඩාරනායකවරුන්ගේ ආණ්ඩුවට සහ විපක්ෂයේ සිටි යූ.ඇන්.පී.යට එරෙහිව මහා ජන බලයක් ගොඩනැගුවත් ලංකා සමසමාජ පක්ෂ නායක ආචාර්ය ඇන්.ඇම්. එක්සත් වම පාවාදී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එක්වී යළි වම සහ දකුණ කඳවුරු දෙක අවුල් කළේය.Sri Lanka Latest News

නිදහසින් පසු ලංකාවේ වම නැගිට්ටේ 1973 සහ 1983, 2013 හැරුණු කොට තුනේ ඉලක්කමෙන් අවසන් වන වසරකය. හර්තාලය පටන්ගත්තේ 1953දීය. වාමාංශික එක්සත් පෙරමුණ බිහිවූයේ 1963දීය. වමේ පක්ෂ ශ්‍රීලනිපයේ බලය අල්ලා චන්ද්‍රිකා නායකත්වයට පත්කරන පොදු පෙරමුණ බිහිවූයේ 1993දීය. ජවිපෙ ශ්‍රීලනිප බලය අල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිකළේ 2003දීය. අරගලය හරහා ජවිපෙ මේ රටේ ප්‍රධාන බලවේගය බවට පත්වූයේ 2023දීය.

ඒත් 1953 සහ 1963 හැරෙන්න 1993දීත් 2003දීත් සිදුවූයේ වම ශ්‍රීලනිපය තුළින් නැගිටීමය. 2023 සිදුවූයේ 1953 සහ 1963 වගේ වම තනිවම නැගිටීමය.

2022 රනිල් ජනාධිපති වූ පසුව වම්මු ලස්සන තියරියක් ගෙන ආහ.

‘2024 ජනාධිපතිවරණය තමයි 1947න් පසු ලංකාවේ දේශපාලනයේ වම සහ දකුණ දෙකට බෙදෙන පළමු කඩඉම. රනිල් දකුණේ අපේක්ෂකයා වී ජනාධිපතිවරණයට එනවා. අනුර වමේ අපේක්ෂකයා ලෙස ජනාධිතිවරණයට එනවා. 1951 සිට වම සහ දකුණ අවුල් කරන ශ්‍රීලනිපයට පොදුජන පෙරමුණට දැන් යනඑන මං නැහැ. 1947 ඩී.ඇස්. සහ ඇන්.ඇම්. එක්ක තිබුණු සටන වගේ සටනක් 2024 රනිල් සහ අනුර අතර එනවා…’

මේ වම්මු හදපු තියරියය. වම්මු මේ තියරිය හැදුවේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලය මේ මැද්දට පැන්නොත් 1951 බණ්ඩාරනායක පැන්නා වගේ සටන් භූමිය අවුල් වෙන නිසාය. බණ්ඩාරනායක වමට බර නායකයෙකි. සජිත් දකුණට බර නායකයෙකි. ඒත් රනිල් විරෝධය දෙකට කඩන්න සජිත්ට පුළුවන් වන නිසා වම්මු සජිත්ව අවුට් කරන්නට බැලූහ. සජිත් සටනට ආවේය. ඇත්තටම 2024 ජනාධිපතිවරණය වම සහ දකුණ අතර සටනක් විය. සජිත් පරාජය වූයේ ධනවාදී ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න ගිහිල්ලාය. ජවිපෙ අයි.එම්.එෆ්. ගිවිසුමෙන් අයින් වෙන්නේ නෑ කිව්වත් අයි.එම්.එෆ්. ආර්ථික අර්බුදයට විසඳුම නොවන බව පැහැදිලිවම කීවේය. රට විනාශ වුණේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා යැයි ජවිපෙ වේදිකාවක් වේදිකාවක් ගානේ කියාගෙන ගියේය.

ජවිපෙට අභියෝග කරන්න පෙරටුගාමී පක්ෂය එද්දී වම්මු කීවේ වමේ ආණ්ඩුවක් එන වෙලාවේ කකුලෙන් අදින්න එපා කියලාය. වම යළි නැගිටිනවා කියා හිතාගෙන සාම්ප්‍රදායික වමේ හිටපු බුද්ධිමතුන්, පාක්ෂිකයන්, 1971 සහ 1988 කැරැල්ලට සම්බන්ධ වී පසුව ජවිපෙන් වෙන්වූ බුද්ධිමතුන් සහ පාක්ෂිකයන් සියල්ල මේ ජනාධිපතිවරණයේ අනුර දිනවන්න බැහැලා වැඩ කළහ. ඒ වාම ආණ්ඩුවක සිහින දකිමින්ය. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති ව්‍යාපාරය පළමු වරට ආණ්ඩුවක උරුමකරුවන් වෙන්න සැදීපැහැදී සිටියහ.

නමුත් අනුර ජනාධිපති වූ දින සිට අද දක්වා එකදු වමේ තීන්දුවක්වත් ගෙන නැත. ආණ්ඩුවේ පත්වීම් දිහා බලද්දී එකදු වමේ පත්වීමක්වත් කර නැත. අනුර ජනාධිපති වූ විගස තම උපදේශකයන් ලෙස පත්කර ගත්තේත් ආණ්ඩුවේ ආර්ථික මර්මස්ථානවලට පත්කර ගත්තේත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වූ පට්ට යූ.ඇන්.පී.කාරයන්ය. ඔවුන් 2019 ගෝඨා ජනාධිපති වූ විට ගෝඨා වමට යයි කියන බයට ගෝඨාව දකුණටම තල්ලු කළ උපදේශකයන්ය. අදටත් අනුර වටේ ඉන්නේ පට්ට යූ.ඇන්.පී.කාරයන්ය.

අනුර අද අනුගමනය කරන්නේ රනිල්ගේම ආර්ථික ප්‍රතිපත්තියය. 2015 යහපාලන ආණ්ඩු කාලයේ මෛත්‍රී සහ රනිල් අතර ගැටුම් ඇතිවූයේ රනිල්ගේ යූ.ඇන්.පී. ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිවය. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කළොත් තමන් ඉවර යැයි වමට බර ශ්‍රීලනිපය නිර්මාණය කළ නායකයකු වූ මෛත්‍රී බය විය. 2015-2019 කාලය තුළ මහින්ද මතුවූයේ රනිල්ගේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිවලට විරෝධය දක්වන්න මෛත්‍රීපාලට සීමා තිබූ නිසාය. තමන් සහ පොදුජන පෙරමුණ අයි.එම්.එෆ්. එකට විරුද්ධ බව මහින්ද ප්‍රසිද්ධියේම කීවේය. ගෝඨාභය ජනාධිපති වූ විගස රනිල්ගේ අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වූයේ 2019 ගෝඨාව ජනාධිපති කළේ රනිල් ක්‍රියාත්මක කළ අයි.එම්.එෆ්. ආර්ථික ප්‍රතිපත්තිවලට සහ මිල සූත්‍රවලට ජනතාව එරෙහි වූ නිසා බව ගෝඨා දැන සිටි නිසාය.

2024 ජනතාව අනුරව ජනාධිපති කළේත් රනිල් අස්සන් කරපු අයි.එම්.එෆ්. ගිවිසුම අකුරක් නෑර ක්‍රියාත්මක කරගන්න නොවේ. හේතුව අනුර ඇතුළු ජාතික ජන බලවේගය මිනිස්සුන්ට කීවේ රනිල් අයි.එම්.එෆ්. එකට රට විකුණා ඇති බවත්, අයි.එම්.එෆ්. රටේ අර්බුදවලට විසඳුමක් නොවන බවත්ය. අනුරට ඡන්දය දුන් වමට බර මිනිස්සු බලාපොරොත්තු වූයේ අනුර අයි.එම්.එෆ්. වෙනුවට නව විකල්ප ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි කියාය. අනුරට ඡන්දය දුන් දකුණට බර මිනිස්සු හිතුවේ අනුර රනිල්ගේ අයි.එම්.එෆ්. ගිවිසුම කුණු කූඩයට දමා අලුත් අයි.එම්.එෆ්. ගිවිසුමක් හදයි කියාය.

මේ දෙකම වුණේ නැත. අනුර ජනාධිපති වූ දින සිට රනිල්ගේ අයි.එම්.එෆ්. ගිවිසුම අකුරටම ක්‍රියාත්මක කරමින් සිටී. උපයන විට බදු ගෙවීමේ සීමාව වෙනස් කරන්න අයි.එම්.එෆ්. එකට යෝජනා කළේ රනිල්ය. රනිල්ගේ ගොන්කම රනිල් ජනාධිපතිවරණයට කලින් එය ක්‍රියාත්මක නොකිරීමය. දැන් අනුර රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිසා රනිල්ගේ ගෝලයෝද චූන් වී අනුරගේ ගුණ වයමින් සිටිති. වම්මු අන්දකයිප්පු කෑවා සේ බලා සිටිති.

‘මෙහෙම ගියොත් වම ඉවර වෙයිද…?’

‘රනිල්ගේ අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කරන්න ගියොත් ලොකු අවුලක් වෙයි. ණය හිමියො නඩු දමයි. අයි.එම්.එෆ්. යන්න යයි. රට ආයෙත් බංකොලොත් වෙයි…’

මේ, අනුර වට කරගෙන ඉන්න යූ.ඇන්.පී. උපදේශකයන් දෙන උපදෙස්ය.

මහින්ද 2005 රට බාරගන්නා විටද රනිල් සටන් විරාමය කියලා ලොකු ගැටයක් ගහලා ගියේය. ඒ වෙනකොට සටන් විරාමය හරහා එල්.ටී.ටී.ඊ. සාම ක්‍රියාවලියේ සම සභාපතිවරු ලෙස ඇමෙරිකාව, බි්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය නම්කර තිබිණි. එල්.ටී.ටී.ඊ.ය සහ ආණ්ඩුව අතර සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කළේ මැදිහත්කරු නෝර්වේය. 2004 ආණ්ඩුව ගත් චන්ද්‍රිකාද රනිල්ගේ ගැටයට හසුවී ප්‍රභාකරන් සමග සුනාමි සහන මණ්ඩලයක් ක්‍රියාත්මක කරන්න ගිවිසුමක් අස්සන් කොට ගැටය තවත් තද කළාය.

මහින්ද ජනාධිපති වනවිට මහින්ද වටේ සිටියේ මේ ගැටය තදින් අල්ලාගෙන ඉන්න උපදේශකයන්ය. මහින්ද ඔවුන්ව මායිම් කළේ නැත.

‘සටන් විරාමයෙන් අයින් වෙන්න එපා. ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, යුරෝපය එල්.ටී.ටී.ඊ.යට ආයුධ දීලා හමුදාව පරාජය කරයි. රට දෙකඩ වෙයි. විදේශ ආධාර නවතියි. ඔබතුමාගේ ජනාධිපතිකම නැතිවෙයි…’

මේ, රනිල් සහ චන්ද්‍රිකාගේ ගැටය අල්ලන් හිටිය උඵදේශකයෝ මහින්දට දුන්න උපදෙස්ය. මහින්ද ඒවා මායිම් කළේ නැත. ඔහු සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වෙන්න 2005 ජනාධිපතිවරණයේදී ජන වරමක් ගත්තේය. ජවිපෙ මහින්දට සහාය දුන් පළමු කොන්දේසිය එයය. මහින්දට ඒ කොන්දේසිය ඉටුකරන්න පුළුවන් යැයි ජවිපෙත් විශ්වාස කළේ නැත.

ඒත් ඇමෙරිකාව ඇතුළු ලොව බලවත් රටවල් ශත පහකට මායිම් නොකර නෝර්වේට පයින් ගසා මහින්ද ඒ තීරණය ගත්තේය.

සිස්ටම් චේන්ජ් කියන්නේ ඒකටය. මේ සිස්ටම් සේෆ්ය. අද වම සේෆ් කරන්නේ දකුණ හදපු සිස්ටම් එකය. ඒ ආණ්ඩුව ෂේප් කරගන්නටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාධ්‍යට ටිකෙන් ටික වාරණ දාන්න පටන් ගනී! ඊයේ අකුරැස්සදෙි දාපු වාරණයත් එකක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මහින්දගේ ගෙදරට මිනින්දෝරුවෙන් පනියි! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.