පවතින ඉන්ධන හිඟය හේතුවෙන් දිස්ත්රික්ක 14ක හදිසි ගිලන්රථ සේවාව අත්හිටුවා ඇති බව 1990 සුවසැරිය ගිලන්රථ සේවය නිවේදනය කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ ඊයේ (10) පස්වරු 4.00 සිට සේවාව අත්හිටුවා ඇති බවයි.
එබැවින් ඉන්ධන හිඟය හේතුවෙන් පහත දිස්ති්රක්කවල ප්රදේශවලට තම සේවාව ලබා නොදෙන බව සුවසැරිය ගිලන්රථ සේවය නිවේදනය කළේය.
මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර, වව්නියාව සහ මුලතිව් දිස්ත්රික්කවල මෙම සේවාව අත්හිටුවා ඇති බව පැවසේ.