• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!

July 11, 2022
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 5 mins read
A A
මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!
Share on WhatsAppShare on Facebook

2022 ජූලි මස 12 වැනි දින සවස 14.50ට සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා මකර රාශිගත වීමට නියමිත අතර කුම්භ රාශියේ වක්‍ර ගමනක යෙදුණු ශනිගේ මකර රාශිගත වීම හේතුකොට ගෙන රටට සහ ලෝකයටත් ලග්න වශයෙන් ඔබටත් සුවිශේෂ වෙනස්කම් රාශියක් ඇති කරනු ඇත. ඒ අනුව ලංකා කේන්ද්‍රයේ සිදුවන ග්‍රහ වෙනස්වීම් විමසීමේදී ඉදිරි කාලය තුළ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ආන්දෝලනාත්මක පුවත් අසන්නට ලැබෙනු ඇත. එසේම රටේ ප්‍රධාන පෙළේ පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂ පුවතක් හෝ කනගාටුදායක පුවතක් අසන්නට ලැබේ. ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් අප්‍රසාදයට පත්වීමට ඉඩ ඇති අතර ජනතා අභිමතයට අනුව කාලාන්තරයක් තිස්සේ බොහෝ දෙනකු බලා සිටි යම් සිදුවීමක් වීමට ඉඩ තිබේ. ලෝකය තුළ රට ගැන තිබූ විශ්වාසය බිඳවැටීමට විවිධ හේතු පාදක වනු ඇත. නොසිතූ පුද්ගලයන් රට හැර යෑම ගැන පුවත් ඇසෙන කාලයකි. ජනතාව අතර යම් නොසන්සුන්තා ඇති වුවද ඒවා දුරදිග නොයනු ඇත. කෙසේ හෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණද එක් ප්‍රශ්නයක් විසඳන විට තවත් ප්‍රශ්නයක් ඇතිවන කාලයකි. රට වෙනුවෙන් ඇතිවන ගිවිසුම් කඩවෙන ස්වභාවයක් පෙන්නුම් කෙරේ. හදිසි අනතුරු ගැන පුවත් වැඩිවේ. ජලය සම්බන්ධ කාරණාවකින් විපතක් සිදුවනු ඇත. එමෙන්ම නායයෑමක් හෝ ගුවන සම්බන්ධ අනතුරකින් විශාල විනාශයක් වීමට ඉඩ තිබේ. හොරකම් ජාවාරම් ගැන කරුණු හෙළිවේ. ප්‍රසිද්ධ පුද්ගල චරිත අප්‍රසාදයට පත්විය හැකිය. ලෝකයේ ප්‍රධාන පෙළේ රටක සිදුවන ගුවන් අනතුරකින් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ විය හැකි අතර ජලය හෝ මුහුද සම්බන්ධ කාරණයකින් සිදුවන විශාල අනතුරක් ගැන අසන්නට ලැබේ. ප්‍රධාන පෙළේ රටක රාජ්‍ය නායකයකුගේ හදිසි මරණයක් ගැන පුවතක් ලෝකයම කම්පනයට පත්කරනු ඇත. රටවල් කිහිපයක ආහාර පිළිබඳ හදිසි තීන්දු තීරණ ඇති කෙරෙන කාලයකි. එවැනි තීරණ හේතුවෙන් ලෝකය තුළ ආහාර පිළිබඳ විශේෂ අර්බුද පැනනැගෙනු ඇත. ඒ අනුව මේ ඉදිරි කාලය රටට සහ ලෝකයට තීරණාත්මක කාලයක් බැවින් ජනතාව ඉතා බුද්ධිමත්ව තීන්දු ගතයුතුය. එසේ නොවුණහොත් නොසිතූ කරදර විපත් ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. නිතරම ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ජනතා සිතුම් පැතුම් ඉටුකර ගැනීම පහසු වනු ඇත. රටට සහ ලෝකයට එසේ වෙද්දී ලග්න වශයෙන් ඔබට මෙම තත්ත්වය බලපාන්නේ මේ ආකාරයෙනි.

මේෂ
ඔබගේ දසවැන්නට ශනි ග්‍රහයාගේ පැමිණීම සිදුවන අතර මේ අනුව ඉදිරි කාලය ඔබ ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. සිත තුළ තිබූ සතුට සමගිය තරමක් ගිලිහී යන කාලයකි. ශරීරයේ විවිධ ආබාධ සිදුවිය හැකි බැවින් ඒ ගැනද කල්පනාකාරී වන්න. ගමන් බිමන්වලදී ප්‍රවේශම් වන්න. තමාගේ නම කැතවන දේ සිදුවන කාලයකි. වගා කටයුතු කරන අය තරමක් කල්පනාකාරී නොවුණහොත් වගා හානි ඇතිවේ.

ආහාර පිළිබඳ ප්‍රශ්න ඇතිවනු ඇත. උදරාබාධ වැනි තත්ත්වයන්ට ඉඩ තිබේ. ඉගෙන ගන්නා අය අතර විවිධ සබඳකම් හෝ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකෙරෙන බැවින් අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ තිබේ.

රැකියා කරන අය උසස්වීම් හෝ වැඩි පඩි ඉල්ලීම් නොකළ යුතු කාලයකි. කෙසේ නමුත් විටින් විට හදිසි මුදල් ලාභ හෝ ධන වාසනා ගෙනදේ. එමගින් තැන්පතු වර්ධනයට හේතු යෙදුණද නොසිතූ ආකාරයට ඒවා වියදම් වේ. අන් අය ගැන තිබූ අනුකම්පාව අඩුවීම තුළ නිතරම ප්‍රශ්න හා කරදර යෙදෙනු ඇත. මේ කාලය පව් කිරීමට විශේෂ සිතුවිල්ලක් පහළ වන කාලයකි. ඒ ගැන උනන්දුවෙන් කල්පනාවෙන් කටයුතු කර එවැනි සිතුවිලි පාලනය කරගත යුතුය. කෙසේ නමුත් මෙම වර්ෂයේ අවසන් කාලය තුළ මේ තත්ත්වය වෙනස් වනු ඇත. එවිට යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය.

වෘෂභ
ඔබගේ නවවැන්නට පැමිණෙන ශනි ග්‍රහයාගේ බලපෑම මත ඉදිරි කාලය තුළ ඔබගේ පදිංචියේ හෝ රැකියාවේ හෝ ආර්ථිකයේ සැලකිය යුතු වෙනසක් සිදුවේ. ධන ලාභ නිතර ලැබෙනු ඇත. එහෙත් මුදල් ඉතිරි කරගැනීම පිළිබඳ ගැටලු පැනනැගේ. සතුරන් හෝ ඊර්ෂ්‍යා කරන අයට ඔබට රහස් සතුරුකම් කරන්නට පෙලඹෙනු ඇත. ඒ ගැන අවධානයෙන් පසුවීම වැදගත් වේ. උදරය පපුව ආශ්‍රිත යම් අපහසුතා ඇතිකෙරෙන අතර ඒ ගැන අවධානයෙන් පසුවීම වැදගත් වේ.

ඔබට හිතවත් අයගේ උදව් උපකාර ලබාගැනීමට ඉතා හොඳ කාලයකි. විශේෂයෙන්ම මුදල් ලාභ ලැබෙනු ඇත.

ඉගෙන ගන්නා අයට ගුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ චෝදනා අසන්නට සිදුවනු ඇත. තම හොඳ නම නරක් කිරීමට විවිධ පිරිස් උත්සාහ කරයි. තැන්පතු ධනය අඩුකෙරෙනු ඇත. වාද විවාද නඩුහබ විභාග ආදියට මේ කාලයේ සම්බන්ධ නොවිය යුතුය. දුර ගමන්වලින් විශේෂ ලාභ ලැබේ. එමගින් නොයෙකුත් පුද්ගලයන් හඳුනා ගන්නට ලැබෙනු ඇත. නෑයන්ගෙන් කරදර බාධක යෙදේ. එහෙත් හදිසි ලොතරැයි දිනුම් හෝ දේපළ වාසි ලැබීමට ඉඩ තිබේ.

මිථුන
ඔබගේ අටවැන්නට ශනිගේ පැමිණීම සිදුවන අතර මේ ඉදිරි කාලය ඔබ ඉතා ප්‍රවේශම්සහගතව කටයුතු කළ යුතුය. නොසිතන කරදර බාධක ඇතිවිය හැකි අතර, විවිධ පාර්ශ්ව ඔබට එරෙහිව නැගී සිටින කාලයකි. රුධිරය සම්බන්ධ අසනීප ඇතිකෙරේ. එමගින් යම් යම් බාධා ඇතිවේ. නිතර නිතර කේන්ති යන ස්වභාවයක් ඇතිවුවද එම තත්ත්වය පාලනය කරගත හැකි නම් යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකිය. තමාට නොගැළපෙන අය හා ආශ්‍රයට යෑම සුදුසු නැත. නීති විරෝධී වැඩ හා තමාගේ තත්ත්වයට නොගැළපෙන වැඩ කිරීමට යෑම සුබ නැත.

ඉගෙනගන්නා අයට රැකියා කරන අයට හිතවත් අයගෙන් බාධා යෙදෙනු ඇත. කරගෙන ආ කටුතුවලින් පාඩු සිදුවීමට හැකි බැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කිරීම සුදුසුය. තරගකාරී කටයුතු හා ඒ හා සමාන දේ කිරීමට මේ කාලය සුබ නැත. හිතවත් අය අමනාප වේ. විවිධ දෝෂ කරදර ආදිය ඇතිකෙරෙන අතර ආගමට දහමට භක්තියෙන් යුතුව කටයුතු කිරීමෙන් තත්ත්වය යහපත් කරගත හැකිය. නොයෙකුත් ක්‍රම මගින් ලැබෙන මුදල් වැඩි වුවද ඒවා රඳවා ගැනීම පහසු නැත. ඉතා බුද්ධිමත්ව කල්පනාකාරීව කටයුතු කළහොත් ජීවිතය සාර්ථක කරගත හැකිය.

කටක
ඔබගේ හත්වැන්නට ශනි ග්‍රහයාගේ පැමිණීම සිදුවන අතර මේ ඉදිරි කාලය ඔබට සුවිශේෂ කාලයකි. නොසිතූ නොපැතූ අය ඔබ සමග හිතවත් වනු ඇත. විවිධ උදව් උපකාර කිරීමටද ඉදිරිපත් වනු ඇත. එමෙන්ම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩි කෙරෙන අතර රහස් සබඳතා තර කෙරේ. තමාගේ දේ අන් අයට දීමට සිතෙන කාලයකි. එයින් පාඩු සිදුවිය හැකි අතර නිතර නිතර තමා හා කටයුතු කළ අයෙක් අමනාප වන කාලයකි. වගා කටයුතු කරන අය ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නැතහොත් පාඩු සිදුවේ. ගමන් බිමන් නිසා පාඩු සිදුවේ. එසේම රැකියා කරන අයට විශේෂ අමුත්තන් හමුවේ. ඔවුන් හා ගනුදෙනු ඇතිවේ.

විවිධ අය ඔබගෙන් උදව් ඉල්ලාගෙන පැමිණෙන කාලයකි. කාලයත් මුදලුත් නිකරුණේ වැයකිරීමට සිදුවේ. සිතේ නිදහස වැඩිකර ගැනීමට සිතේ. අලුත් ඇඳුම් පැලඳුම් තෑගිබෝග ලැබෙන කාලයකි. අමුත්තන් හමුවනු ඇත. පවුලේ අයගේ විශේෂ උදව් උපකාර ලැබේ. යම් තරමකට සැඟවුණු වාසනාව ඉස්මතු වේ. ලොතරැයි දිනුම් ආදිය ලැබෙනු ඇත. යානවාහන ආදිය මිලට ගැනීමට හොඳ කාලයකි.

සිංහ
ඔබගේ හයවැන්නට ශනිගේ පැමිණීම සිදුවන අතර ඉදිරි කාලය ඔබට ඉතා හොඳ කාලයකි. සතුරන් සිටියේ නම් මේ කාලයේ ඔවුන් පරදා ජය ගැනීමට හැකියාව ලැබේ. ශරීරයට වධ දුන් විවිධ රෝගාබාධ තිබුණේ නම් ඒවාගෙන් සුවය ලැබේ. විරුද්ධ ලිංගිකයන් සමග සබඳතා තර කෙරේ. සිතට වධ දුන් ණය ගනුදෙනු ආදියෙන් නිදහස ලැබේ. විශේෂ කටයුත්තක් ආරම්භයට අවස්ථාව ලැබෙන අතර දියුණුවට මඟපෑදේ. ආදායම වැඩිවී සිතේ සතුටට හේතු යෙදේ.

රැකියා කරන අයට ඉතා හොඳ කාලයකි. උසස් තනතුරු, ඉහළ නිලතල මෙන්ම රජයේ උදව්ද ලැබෙනු ඇත.

වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් නොසිතූ වාසි අත්වේ. තම නම බැබළේ. තමාගේ සිතැඟි අනුව කටයුතු සිදුවේ. තමාට අහිමිව ගිය දේ යළි ලැබෙන කාලයකි. ආදායම් තත්ත්වය ඉහළ ගොස් තැන්පතු වර්ධනය වේ. නිදහසේ වැඩ කිරීමට අවශ්‍ය වටපිටාව සැලසෙන අතර ණය ගනුදෙනුවලින් නිදහසට ඉඩ ලැබෙනු ඇත.

තමාගේ තනි බලයට අවස්ථාව උදාවේ. ගමන් බිමන් වැඩි වේ. විශාල මුදලක් තමන් සතු වන කාලයක්ද වේ.

කන්‍යා
ඔබගේ පස්වැන්නට ශනිගේ පැමිණීම සිදුවන අතර ඉදිරි කාලය ඔබට නොසිතූ ආකාරයේ අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. විවිධ අයගෙන් කරදර හෝ බාධා කිරීම් යෙදේ. නොසිතා කරන කියන දෙයින් කරදර පාඩු සිදුවේ. සුළු සුළු දේ විශාල කරදර හෝ ගැටුම් බවට පත්වේ. තමන් දන්නා කියන අයගෙන් විවිධ කරදර ඇතිවේ. ඉගෙන ගන්නා අය ඉතා උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කළ යුතු කාලයකි. ගමන් බිමන් බහුල වන කාලයකි. සිතේ කරදර තිබුණේ නම් ඒවා විසඳා ගැනීමට හැකි අවස්ථා යෙදුණත් ඒවා මඟහැරීමට ඉඩ තිබේ.

ශරීර සනීපයට බාධා ගෙන දේ. ආදායම් වැඩිකර ගැනීමට හැකි කාලයකි. තමන් අතින් සිදුවන වැරැදි සහ අතපසුවීම් නිසා ලොකු පාඩු සහ අලාභ හානි සිදුවීමට ඉඩ තිබේ.
අධික ලෙස වියදම් කිරීමට සිතෙන බැවින් මුදල් වියදම් කිරීමේදී කල්පනාකාරීව වියදම් කළ යුතුය. නිතරම තමන් හරි කියා සිතෙන බැවින් වැරැදි සිදුවීමට ඇති ඉඩ වැඩි වේ. හිතවතුන් ඥාතීන් අමනාප වන කාලයකි.

සෞඛ්‍ය තත්ත්වය යහපත් කරගත හැකිය. අවධානයෙන් කටයුතු කරන්න.

තුලා
තුලා ලග්න ඔබගේ හතරවැන්නට ශනිගේ පැමිණීම සිදුවන අතර ඔබට මෙම කාලය තරමක් කල්පනාවෙන් වැඩ කළහොත් තත්ත්වය සුබ කරගන්නට හැකිවනු ඇත. ශරීරයේ විවිධ අපහසුතා දැනෙන කාලයකි. වාත රෝග වැනි රෝග පීඩා දැනෙන බැවින් එවැනි රෝග ඇති අය කල්පනාකාරී වන්න. ආර්ථික තත්ත්වය තරමක වෙනසකට භාජනය වේ. දේපළ පිළිබඳ ප්‍රශ්නවලට මැදිහත් වීම සුදුසු නැති අතර රැකියාවලින් උසස්වීම් අපේක්ෂා නොකළ යුතු කාලයකි. තමා දන්නා කියන අය තමාට විරුද්ධව කටයුතු කළ හැකිය. තනිව වාසය කිරීමට සිතෙන කාලයකි. තමාගේ ළඟම හිතවතුන්ගෙන් සහ මිතුරන්ගෙන් ඈත්වීමට සිතෙනු ඇත. ඉගෙන ගන්නා අය අධ්‍යාපනය ගැන ඉතා බුද්ධිමත්ව සිතට ගත යුතුය. නැතහොත් අත්‍යාවශ්‍ය පාඩම් වැඩ මඟහැරී යනු ඇත. තමන් දන්න අය සමග පමණක් ගනුදෙනු නොකළහොත් පාඩු සහ අලාභ සිදුවිය හැකිය.

වෘශ්චික
ඔබට මෙම කාලය ඉතා සුබ ප්‍රතිඵල ගෙනදෙන කාලයක් බැවින් මෙතෙක් පැවැති දුෂ්කරතා මඟහරවාගෙන නව මඟක ගමන් කිරීමට හැකියාව ලැබෙන කාලයකි. බුද්ධිමත්ව දුරදිග සිතාබලා කටයුතු කළහොත් ජීවිතය ඉතා වාසනාවන්ත කරගැනීමට හැකි අවස්ථා උදාකරගත හැකිය.

අලුතෙන් අරඹන කටයුතුවලින් දියුණුව සහ වාසනාව උදාවේ. තත්ත්වය උසස් වනු ඇත. අමතර ලාභ මෙන්ම මෙතෙක් කරගෙන ආ දේ වෙනස් කිරීමෙන් ආර්ථිකයේ උසස් තත්ත්වයට පත්වීමට ඉඩකඩ තිබේ. අසනීප සුව වේ. විශේෂ ආරාධනා ලැබේ.

විදෙස් ගමන් සාර්ථක වේ. තමා දන්නා කියන අයට වඩා නොදන්නා අයගෙන් ලාභ සහ ප්‍රයෝජන වැඩිවේ. තමන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවට පත්වෙයි. ගමන් බිමන්වලින් වාසි අත්වෙයි. දන්නා කියන දෙයට වඩා නොදන්නා දෙයින් මුදල් ලාභ ලැබෙන කාලයකි.

ධනු
ධනු ලග්න ඔබටද මෙම කාලය සුබදායක නොවුණද සිහිබුද්ධියෙන් කටයුතු කළහොත් තත්ත්වය යහපත් කරගැනීමට හැකිවනු ඇත. අන් අය සමග ගැටුමට නොයා යුතු කාලයකි. අතමිට මුදල් ගැවසුණද අනවශ්‍ය දෙසට වියදම් නොකළ යුතුය. තමන් කලක සිට දන්නා කියන කෙනකු ඔබ වෙනුවෙන් ඉදිරිපත්වී උදව් උපකාර කරන කාලයකි.ගමන් බිමන්වලින් වාසි අත්වේ. ආර්ථිකය ගැන යම් උනන්දුවක් ඇතිකරගත යුතු කාලයක්ද වේ. තත්ත්වය එසේ වුවද විරුද්ධ ලිංගික ආකර්ෂණය වැඩිවේ. එවන් අයගෙන් උදව් ලැබෙන කාලයක්ද වේ. තැන්පතු වර්ධනයට එවන් අයකුගෙන් මුදලක් ලබාගත හැකිය. නිතර නිතර සිතට වධ දුන් ගැටලුවක් විසඳා ගන්නට හැකි වනු ඇත. දුරබැහැර සිට පැමිණි අයකු සතු ධනයක් ඔබට හිමිවන කාලයකි.

මකර
ඔබගේ ලග්නභාවයට පැමිණෙන ශනි නිසා ඉදිරි කාලය ඔබට ඉතා තීරණාත්මක වනු ඇත. නොසිතූ ක්‍රම මගින් වාසි ලබාගත හැකි වන අතර අතමිට සරුකර ගන්නට විවිධ අයගෙන් උදව්ද ලැබේ. රැකියාවලින් තනතුරුද, වෙනත් අයගේ තනතුරුද වැටුප්ද ඔබට ලැබෙනු ඇත. නොසිතූ ක්‍රමවලින් වාසි අත්වේ. පෙර පැවැති බාධක දුෂ්කරතා මඟහරවා ගැනීමට හැකි කාලයකි. එහෙත් තමාට හිතවත් අය විවිධ ආකාරයේ බාධාකිරීම් ඇතිකිරීම් සිදුවිය හැකිය.

අලුතින් වැඩ ආරම්භ කිරීමට සුබ කාලයකි. නව සබඳතා තර වේ. ඉගෙන ගන්නා අයට විවිධ ගැටලු ඇතිවේ. මවුපිය ගුරුවර චෝදනා නැගෙනු ඇත. විදෙස්ගත වීමට සිතා සිටි අයට ඉතා හොඳ කාලයකි.

කුම්භ
ඔබගේ දොළොස්වැන්නට පැමිණෙන ශනි ඔබට යම් යම් කාරණාවලදී විශේෂ වෙනස්කම් යෙදෙනු ඇත. ලාභ බලාගෙන කරන වියදම්වලින් පසුකාලීනව වාසි ගෙනදෙනු ඇත. විවිධාකාර නොසිතූ සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. නව සබඳතා ඇතිවේ. රැකියා උසස්වීම් තරමක් ප්‍රමාද වුවද අතමිට සරු වේ.

හිතවතුන්ගෙන් උදව් උපකාර ලබාගන්නට හැකි කාලයකි. නොදන්නා අයගෙන් පවා උදව් ලැබුණද ඒවා නිසි කළමනාකරණයකින් ලබාගත යුතුය. විශේෂ මිතුරන් හමුවේ. ඉගෙන ගන්නා අයට ඉතා වැදගත් අවස්ථා උදාවේ. පැරැණි සබඳතා තරවේ. අන් අය ඔබ ගැන චෝදනා කරනු ඇත.

මීන
ඔබට මෙතෙක් පැවැති සියලු දුෂ්කරතා මඟහරවා ගෙන ජයග්‍රහණ කරා යෑමට අවශ්‍ය වටපිටාව උදාවනු ඇත. නව රැකියා නව ව්‍යාපාර මෙන්ම නව සබඳතාද තර වේ. කරගෙන ආ කටයුතුවලින් විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක්ද වෙයි. තැන්පතු වර්ධනය කරගන්නට හැකි වනු ඇත. රැකියා කරන අයට නව තනතුරු ලැබීම හෝ නව රැකියා ලබාගැනීමට හැකිවනවා සේම හිඟ මුදල් ආදියද ලැබෙන කාලයකි. වැඩිහිටි අයගෙන් උදව් ලැබේ. විශේෂ ගමන් බිමන් යෙදේ.

ඉතා සුබදායක කාලයකි. ඉගෙන ගන්නා අයට සුබ වේ. අලුතින් ආරම්භ කිරීමට සැලසුම් කළ කටයුතු ආරම්භ කිරීමට ඉතා සුබ වේ. නොසිතූ ආකාරයට විශේෂ ධන ලාභ ලැබෙන කාලයකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

රටේ තත්ත්වය හරි නෑ! ෆ්ලයි ඩුබායි ලංකාවට එන්න බෑ කියයි! ටිකට් ගත් අයට ආපහු සල්ලිත් ගෙවයි!

Next Post

දිස්ත්‍රික්ක 14ක සුවසැරිය නවත්වයි! ඉස්පිරිතාලවලට යන්න 1990ට කතා කරන්න එපා!

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.